Search This Blog

RSS

පරිසර විෂයට අමතර පන්ති

අප විදුහලේ 3 ශ්‍රේණියේ පරිසර විෂය ඉගැන්වීම තවත් පුළුල් කරීමට අලුත් වැඩසටහනක් දියත් කිරීමට බලාපොරොත්තු වේ.දැනට පාසල් වේලාවේදී උගන්වන පරිසර විෂය මාලාවට අමතරව 3 වසරේ සියලු දරුවන් එක් රැස්කොට සෑම බ්‍රහස්පතින්දා දිනකම සවස 1.45 – 3.45 දක්වා විශේෂ පරිසර පාඨමාලවක් පැවැත්වීමට අප අදහස් කරමු.
මෙම පාඨමාලාවට මූලික්තවය මා (සභාපති) දීමට බලාපොරොත්තු වන අතර 3 ශ්‍රේණියේ උප විදුහල්පතිනිය ශිරෝමි රූපසිංහ සහ ජ්‍යෙෂ්ඨ ගුරු භවතුන් මූලිකත්වය ගෙන කටයුතු කරනු ඇත. අවශ්‍ය වූ විට 4,5 ශ්‍රේණිවල ගුරු මහත්ම මහත්මීන් සහ විදුහල්පතිතුමියද මෙම පාථමාලාවට සම්බන්ධ කර ගැනීමට බලාපොරොත්තු වේ. මල්ටිමීඩියා සහ පරිගණක ආධාරයෙන් පවත්වන මෙම පාඨමාලාව අනිවාර්යයෙන්ම දරැවන්ට ඉතා ප්‍රයෝජනවත් ආකර්ෂණීය වැඩසටහනක් වනු ඇත.
ජුලි 7 වෙනි දා සිට මෙම පාඨමාලාව ආරම්භ කිරීමට බාලාපොරොත්තු වේ. මෙම වාරයට රු.100 ක් අය කරන අතර එන වාරයේ සිට දරුවකුගෙන් වාරයකට රු.300/- ක් අය කරනු ලැබේ.

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

0 comments:

Post a Comment