කල්තැබීමේ නිවේදනය
2021 වර්ෂයට විශාකා ජාත්‍යන්තර පෙර පාසලට ඇතුළත් කළ නවක දරුවන්ගේ දෙමාපියන් වෙත,
දෙසැම්බර් මස 20 වෙනි දින පැවැත්වීමට නියමිත ව තිබූ ගුරු දෙගුරු රැස්වීම සහ දෙසැම්බර් මස 21, 22 හා 23 දිනවල පැවැත්වීමට නියමිත ව තිබූ පුහුණු වැඩසටහන දැනට රටේ පවතින කොවිඩි-19 වසංගත තත්ත්වය හේතුවෙන් නියමිත දිනවල නොපවත්වන අතර, ඉදිරියේ දී ඒ සඳහා දින ලබා දෙන බව ද දන්වා සිටිමු.
ස්තුතියි.
Online Test & Vacation - December 2020
05-12-2020
හිතවත් දෙමාපියනි,
පවතින අයහපත් වාතාවරණය නිසා අප හට ඔබගේ දරුවාගේ තුන්වෙනි වාරයේ අධ්‍යාපන කටයුතු විද්‍යුත් මාධ්‍ය හරහා පවත්වන්නට සිදු විය.
ඒ අනුව, එම ක්‍රියාවලිය තුල ඔබගේ දරුවා ග්‍රහණය කරගත් ප්‍රමාණය මැන බැලීම සඳහා තුන්වන වාර අවසාන ඇගයීමක් දෙසැම්බර් 21 දින සිට 24 වන දින දක්වා පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව දැනුම් දෙමි.
දෙසැම්බර් 25 වනදා සිට ජනවාරි 11 වන දින දක්වා, දරුවන්ට කෙටි නිවාඩු කාලයක් ලබා දීමට ද, කටයුතු කරන බව දන්වන්නට කැමැත්තෙමි.
අධ්‍යාපන අමාත්‍යංශය විසින් ඉදිරි සති කිහිපය තුල ගන්නා තීරණ අනුව ඉහත සඳහන් දින වකවානු වෙනස් විය හැකි බව කරුණාවෙන් සලකන්න.
ස්තුතියි,
විදුහල්පති - සුමේධ විද්‍යාලය
==================
05-12-2020
Dear Parents,
As you know, due to the current adverse conditions, we were compelled to conduct your child's third term lessons online.
Accordingly, I wish to inform you that we have made arrangements to conduct a third term final evaluation test from 21st- 24th December.
I wish to also inform you that we would like give a short holiday to the children from 25th December 2020 to 11th January 2021.
Please note that the above dates may change according to the decisions taken by the Ministry of Education in the coming weeks.
We thank you for your support.
Principal - Sumedha College
Grade 6 New Admission 2021
Limited Vacancies are available for students from Outside
Apply Online:
https://scg.ydc.lk/grade6-2021
Deadline: 15th December, 2020
සියළුම සුමේධ දෙමාපියන් වෙත
🔴🔴විශේෂ නිවේදනයයි🔴🔴
හිතවත් දෙමාපියන් වෙත,
රටේ පවතින COVID19 සෞඛ්‍ය තත්වය හේතුවෙන් 2020 නොවැම්බර් 9 වන දින සැලසුම් කළ පරිදි අපට පාසල ආරම්භ කිරීමට හැකි වේදැයි සැක සහිතය.
කෙසේ වෙතත්, ඔබේ දරුවාගේ අධ්‍යාපනය බාධාවකින් තොරව කරගෙන යනු ඇති බවට අප සහතික වෙමු. අපගේ Online ඉගෙනුම් ක්‍රමවේද හරහා අපි සියලු පාඩම් පවත්වනු ඇත. සියලුම පාඩම්, වැඩ පත්‍රිකා සහ පැවරුම් ඔබගේ WhatsApp සමූහය සහ අප පාසලේ වෙබ් අඩවිය හරහා ඔබගේ.දරුවාට ලැබීමට සළස්වනු ඇත.
මීට අමතරව, සියලුම ගුරුවරුන් විසින් විශේෂ ZOOM පාඩම් පවත්වනු ලැබේ. මෙම වැඩසටහන ඵලදායි වීමට නම්, අපගේ දෙමාපියන්ගේ සහයෝගය හා කැපවීම අතවශ්‍ය වේ.
1. කරුණාකර ඔබේ දරුවා වෙත යවන සියලුම පාසල් වැඩ ලැබෙන බවට සහතික වන්න.
2. ලබා දී ඇති කාලසටහනට අනුව ඔබේ දරුවා සියළුම ZOOM පාඩම් වලට සහභාගී වන බවට කරුණාකර සහතික වන්න. (සෑම ZOOM පාඩමක දී ම, පැමිණීමේ ලේඛනය දිනපතා සලකුණු කරන බව කරුණාවෙන් සලකන්න.
3. ඔබට මේ.සම්බන්ධව කිසියම් ගැටළුවක් ඇත්නම් කරුණාකර විෂය ගුරුවරයා හෝ පන්ති ගුරුවරයා අමතන්න.
මේ සම්බන්ධව ඔබ දක්වන සහයෝගයට සහ කැපවීමට ස්තූතියි.
සමන්ත පෙරේරා
විදුහල්පති
සුමේධ විදුහල - ගම්පහ
=========================
🔴🔴Special Announcement🔴🔴
Dear Parents,
Due to the prevailing COVID19 health situation in the country, we may not be able to start school on 9th November 2020 as planned.
However, please rest assured that your child's education will be continued without interruption. We shall be conducting all lessons through our e-learning platform. All lessons, worksheets and assignments will be sent to you through your whatsapp group and our College website.
In addition, special zoom lessons will be conducted by all teachers. In order for this programme to be effective, we require the cooperation and commitment of our parents.
1.Please ensure that your child receives all school work sent to him/her.
2. Please ensure that your child attends all Zoom lessons according to the timetable provided. (Please note that the attendance registers will be marked everyday during each Zoom session.
3. If you have any issues or concerns, please contact the subject teacher or the class teacher immediately.
Thank you for your cooperation and commitment.
Samantha Perera
Principal
Sumedha College - Gampaha
Teacher Training Program / ගුරු පුහුණු වැඩසටහන - 2020
To all applicants of the 2020 teacher training program,
Please note that we have not made any decisions or recruitments pertaining to the teacher training program.
We hope to restart the process of selecting suitable candidates for the teacher training program as soon as schools re-open for the third term.
Thank you.
Directress
Sumedha College - Gampaha
*************************
*************************
2020 ගුරු පුහුණු වැඩසටහනේ සියලුම අයදුම්කරුවන්ට,
ගුරු පුහුණු වැඩසටහනට අදාළව, අප කිසිදු තීරණයක් හෝ බඳවා ගැනීමක් කර නොමැති බව කරුණාවෙන් සලකන්න.
තෙවන වාරය සඳහා පාසල් නැවත විවෘත වූ වහාම ගුරු පුහුණු වැඩසටහන සඳහා සුදුසු අපේක්ෂකයින් තෝරා ගැනීමේ ක්‍රියාවලිය නැවත ආරම්භ කිරීමට අපි බලාපොරොත්තු වෙමු.
ස්තුතියි.
අධ්‍යක්ෂිකා
සුමේධ විද්‍යාලය - ගම්පහ
2021 පළමු ශේණියට අයදුම්පත් නිකුත් කිරීම - දෙවන අදියර
2021 පළමු ශ්‍රේණියට අයදුම්පත් නිකුත් කිරීමේ ක්‍රියාවලිය
![]() |
ලෝකය පුරා පැතිරීගිය කොවිඞ් 19 වසංගත තත්වය නිසා අපට මුහුණ දීමට සිදු වූ තත්වය හමුවේ 2021 වර්ෂයට අයදුම්පත් නිකුත් කිරීම අපගේ සාමාන්‍ය ක්‍රමවේදයෙන් වෙනස් වීමට අපට සිදු විය. දෙමාපියන්ගේ, අප ගුරු මණ්ඩලය සහ නිළධාරින්ගේ ආරක්ෂාවට මුල් තැන දෙමින් අප අයදුම්පත් නිකුත් කිරීම කොටස් වශයෙන් සිදු කිරීමට කටයුතු සූදානම් කර ඇත. එම ක්‍රමය ක්‍රියාත්මක කරමින්
2021 01 ශ්‍රේණිය සම්මුඛ පරික්ෂණ
සියළුම දෙමාපියන් වෙත
සුමේධ විද්‍යාලයීය ශිෂ්‍ය සුබසාධක සංගමයේ ලේකම් නිහාල් හේවගේ මහතා සුමේධ දෙමාපියන් වෙනුවෙන් ඉදිරිපත් කළ ඉල්ලීම් ඇතුළත් ලිපිය හා බැඳේ.
හිතවත් නිහාල්,
පළමුව ඔබ, ශිෂ්‍ය සුබසාධක සංගමයේ ලේකම්වරයා ලෙස හා ඔබ කමිටුවත් කාරක සභාව හා සුමේධ විද්‍යාලයේ දෙමාපියන් සහ දරුවන් වෙනුවෙන් සිදු කරනා මෙහෙවර වෙනුවෙන් සහ පාසලේ කළමනාකාරීත්වය, ගුරුමණ්ඩලය ඇතුළු සෑම නිළධාරියකුටම ලබා දෙන සහයෝගය වෙනුවන් අපගේ කෘතඥතාවය පළ කරමු.එලෙසම, අප දෙමාපියන් සැමවිටම පාසලේ අභිවෘද්ධිය සහ සංවර්ධනය පිළිබඳ මනා අවබෝධයෙන් කටයුතු කරනා පිරිසක් බව අප පැහැදිලිව හඳුනාගෙන ඇත.
සුමේධ විදුහලේ ශිෂ්‍ය සුබසාධක සංගමයේ ලේකම්වරයා ලෙස සමස්ත දෙමාපියන් වෙනුවෙන්, කළමනාකරිත්වයට යොමු කළ ඉල්ලීම් ඇතුළත් ලිපිය පිළිබඳව, අධ්‍යක්ෂක මණ්ඩලය, විදුහල්පතිනිය ඇතුළු ජ්‍යෙෂ්ඨ ගුරුමණ්ඩලය සමඟ නවීන තාක්ෂණ ක්‍රමවේද (Video Conferences) ඔස්සේ අප දීර්ඝ වශයෙන් සාකච්ඡා කළෙමු.
මා හට, මෙම ලිපිය පළමුව ඉංග්‍රීසි බසින් ලියා ඉදිරිපත් කිරීමට සිතුනද, ඔබ විසින් අපහට යොමු කළ ඉල්ලීම්, රට තුළ වර්තමානයේ පවතින තත්ත්වය සමඟ ඉතා සංවේදී කරුණු කරණා බැවින් ඒවාට ප්‍රතිචාර හොඳින් හදවතට දැනෙන ලෙස ඉදිරිපත් කිරීමට මව්බස භාවිත කිරීම වඩා යෝග්‍යයැයි පසුව මා තීරණය කළෙමි.
අප පාසල, කළමනාකාරීත්වය සහ අධ්‍යක්ෂක මණ්ඩලය ඉතා විධිමත්ව පාලනය කරමින් ආර්ථිකවද ශක්තිමත්ව මෙතෙක් පවත්වා ගෙන ගියහ. පාසලේ කෙතරම් සංවර්ධන කටයුතු සිදු කළ ද, අප කිසිදු මූල්‍ය ආයතනයකින් ණයට මුදල් ලබා ගෙන නොමැත. එලෙස සෑමවිටම අප සතු මුදල් නිසියාකාරව කළමනාකරණය කිරීම තුලින් කිසිඳු මූල්‍යමය අර්බුදයකට ලක්නොවී පාසල පවත්වාගෙන යාමට අපට හැකි වී ඇත. දැනට පවතින ව්‍යසනකාරී තත්ත්වය හමුවේ ද ඔබ දරුවාගේ අධ්‍යාපන කටයුතු සාර්ථකව පවත්වා ගෙන යාමට සුමේධ විදුහල සහ විශාඛා ජාත්‍යන්තර පෙර පාසල ආර්ථිකව කඩා වැටීමට ඉඩ නොදී පවත්වාගෙන යාම අපගේ පරමාර්තයයි. එබැවින් කළමනාකරත්වය සහ අධ්‍යක්ෂක මණ්ඩලය සියළුම දෙමාපියන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ, අපහට මූල්‍ය ආයතනවලින් ණය පහසුකම් ලබා නොගෙන පාසල පවත්වාගෙන යාමට සහාය ලබා දෙන ලෙසයි.
මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන පාසලේ ගුරුමණ්ඩලයේ අප්‍රේල් මස සිට වැටුප 50%ක් පමණක් ගෙවීමට තීරණය කිරීමට ද අපහට සිදු වුණි. (මේ පිළිබඳව ගුරුවරුන්ට යොමු කළ ලිපිය මේ සමඟ ඒවා ඇත.) තත්ත්වය එසේ වුවද හැකි ඉක්මනින් ඔවුනගේ හිඟ වැටුප් නැවත ගෙවිය යුතුමය. මෙලෙස ඉදිරි වාරයේ දී වත් ගුරු හිඟ වැටුප් ගෙවීමට හැකියාව ලැබෙන්නේ, දෙමාපියන් දරුවන් වෙනුවෙන් ගෙවිය යුතු වාර මුදල් හැකි ඉක්මණින් පියවීම මඟින් පමණක් බව මතක් කරමු. දැනට අප පාසලේ, රජයේ පත්වීම් අනුමත වී රජයේ වැටුප් ලබන ගුරුවරුන් සිටිනුයේ 6 දෙනෙකු පමණක් වන අතර, එම ගුරුවරුන් පාසල් වේලාවෙන් පසු සිදු කරන අමතර වැඩකටයුතු සඳහා අප විසින් ගෙවීම් සිදුකරනු ලබන බවද මතක් කර දෙනු කැමැත්තෙමු.
තවද මෙම ව්‍යසනකාරී තත්ත්වය තුළද දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අන්තර්ජාලය ඔස්සේ අඛණ්ඩව පවත්වා ගෙන යාමට අප ගුරුමණ්ඩලය දිවා රෑ නොතකමින් ඉතා කැපවීමෙන් කටයුතු කරන බව ඔබට දන්වනු කැමැත්තෙමි. එපමණක් නොව අප අධ්‍යක්ෂකතුමිය, විදුහල්පතිතුමිය, උප විදුහල්පතිවරු ඇතුළු සියළුම ජේ්‍යෂ්ඨ ගුරුභවතුන් විසින් එම පාඩම් සැමවිටම අධීක්ෂණය කරමින් ඒවායේ අඩුපාඩු සකස් කර ඔබ දරුවාට අන්තර්ජාලය තුලින් ලබා දෙන අධ්‍යාපනයේ ද ගුණාත්මක බව තහවුරු කිරීමට ඉතා කැපවීමෙන් ක්‍රියාකරනු ලබයි.
ඔබ ලේකම්වරයා ලෙස, සමස්ත දෙමාපිය කැලම නියෝජනය කරමින් අපෙන් කළ ඉල්ලීම් සලකා බලා පහත සඳහන් සහන ලබා දීමට අප තීරණය කළෙමු.
1. වාර ගාස්තු මාසිකව ගෙවීමට ක්‍රමවේදයක් සකසන ලෙස ඉල්ලා තිබුණි. එසේ කිරීමේදී අප කාර්යාල මට්ටමෙන් විශාල ගැටළුකාරී තත්ත්වයක් මතුවන බැවින් එම ඉල්ලීම ඉටු කළ නොහැකි බව කණගාටුවෙන් වුව ද දන්වමු.
2. දඩ මුදල් - වාර ගාස්තු ප්‍රමාද කර ගෙවන දෙමාපියන්ගෙන් අය කරන දඩ මුදල් ක්‍රමය දෙවැනි වාරය තුළ තවකාලීකව නතර කිරීමට අප තීරණය කර ඇත. පසුගිය වාරයේ ද වාර ගාස්තු ගෙවා නොමැති දෙමාපියන්ගෙන් ද මෙම වාරය තුළද ප්‍රමාද වී ගෙවනු ලබන දෙමාපියන්ගෙන් ද අගෝස්තු මස අවසාන වන තෙක් දඩ මුදල් අය නොකර බව ද දන්වනු කැමැත්තෙමු. තවද තෙවැනි වාරයේ සිට නැවතත් දඩ මුදල් අය කිරීමේ ක්‍රමය ක්‍රියාත්මක කරනු ලැබේ. පළමු වාරයේ සහ දෙවැනි වාරයේ හිඟ මුදල් සහිත දෙමාපියන්ගෙන් දඩ මුදල් අයකර ගැනීමට සිදුවන බව මකත් කර දෙනු කැමැත්තෙමු.
3. වාර මුදල් සඳහා සහන ලබා දීම - ඉදිරි මාස දෙක (මැයි/ජූනි) තුළ වාර මුදල් ගෙවනු ලබන දෙමාපියන් සඳහා පහත සටහනේ සඳහන් ක්‍රමවේදයට අනුව වාර මුදල සඳහා සහන ලබා දීමට අප තීරණය කර ඇත.
තවද ජූලි මස සිට සිදුකරන ගෙවීම් සඳහා කිසිදු අමතර සහනයක් ලබා දිය නොහැකි බව ද කණගාටුවෙන් දන්වා සිටිමු.
එලෙසම ක්‍රීඩා සහ අමතර පන්ති සඳහා අයකරනු ලබන ගාස්තු සඳහා සහන ලබා දිය නොහැකි බව ද දන්වා සිටමු. ඒ මන්ද යත් ගුරුමණ්ඩලයේ අතිකාල දීමනා සහ ක්‍රීඩා උපදේශකවරුන්ගේ වැටුප් ගෙවීමට ඔබ විසින් සිදුකරන මෙම ගෙවීම් හැර වෙනත් කිසිඳු අදායම් මාර්ගයක් ඒ සඳහා නොමැති බැවිනි. අප පාසලේ ක්‍රීඩා සහ බාහිර කටයුතු රාශියක් අප දරුවන්ට ලබා දෙන බව ඔබ සැම දන්නා කරුණකි. අපගේ ක්‍රීඩා උපදේශකවරු බහුතරයක් ක්‍රොන්ත්‍රාත් පදනම මත තම සේවය සපයන අතර ඔවුන්ට කරනු ලබන ගෙවීම් කප්පාදු කිරීමට සිදු වුවහොත් ඔවුන් අප පාසල හැර යාමට ඉඩ ඇත. එසේ වුවහොත් අප දරුවන්ගේ ක්‍රීඩා කෞශල්‍ය හීන විය හැකිය. එපමණක් නොව අප පාසල ක්‍රීඩාව තුලින් මෙතෙක් අත්පත් කරගත් කීර්තී නාමය ද අපට අහිමි විය හැකිය.
මෙම කරුණු කරණා සියල්ල ඉතා ගැඹුරින් විශ්ලේෂණය කර, ඔබට ලබා දී ඇති සහනවලට අමතර තවත් සහන ලබාදීමට සිදුවුවහොත් අපහට මූල්‍ය ආයතනවලින් ණය පහසුකම් ලබා ගැනීමට සිදුවන අතර, ඒ සඳහා පොලී මුදල් ගෙවීමට ද අපහට සිදුවේ. එවිට එම පොලි වියදම් පියවා ගැනීමට අපහට ඔබගේ වාර ගාස්තු ඉහළ දැමීමට සිදුවිය හැකි බව ද මතක් කර දෙනු කැමැත්තෙමු.
තවද ණය මුදල් ලබා ගැනීම තුලින් පාසලේ අප මෙතෙක් අඛණ්ඩව සිදු කළ ශීඝ්‍ර සංවර්ධන ක්‍රියාවලිය ද අඩපන විය හැකි අතර ඒ තුලින් අප දරුවන්ට ඉදිරියේ දී හිමිවීමට නියමිත නව පහසුකම් අහිමි විය හැක. එපමණක් නොව, අපට ණය මුදල් මත යැපීමට සිදු වුවහොත් වාර්ෂික ගුරු පඩි වැඩිවීම්වලට ද එය සෘජුව බලපානු ඇත. එලෙස ගුරු වැටුප් වර්ධක ලබා දීමට නොහැකි වුවහොත් අප සතු දක්ෂ පළපුරුදු ගුරුවරු අපගෙන් ඉවත්ව වී යාමට ඉඩ ඇත.
අවසාන වශයෙන් ශිෂ්‍ය සුබසාධක සංගමයේ ලේකම්තුමා, කාරක සභා සාමාජිකයන් ඇතුළු සියළුම දෙමාපියන් විසින්, සුමේධ කළමනාකාරීත්වය ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලයට සහ ගුරුවරුන්ට ලබා දෙන සහයෝගය ඉතා අගය කරන අතර, පවතින ව්‍යසනකාරී තත්ත්වය හමුවේ සුමේධ විදුහල සහ විශාඛා ජාත්‍යන්තර පෙර පාසල ආර්ථික අර්බුදවලට ලක් නොකොට ශක්තිමත්ව ඉදිරියට පවත්වාගෙන යමින් මතු පරපුරට ද අප සිදු කරනා සමාජ මෙහෙවර සිදුකිරීමට අවස්ථාව සලසා දෙන ලෙස සියළු දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිමු.
ස්තුතියි,
සභාපති
සුමේධ විද්‍යාලය - ගම්පහ
==========================================
සභාපතිතුමන් විසින් සුමේධ ගුරුවරුන් වෙත යොමු කරන ලද විශේෂ පණිවුඩය....
පාසල සහ ඔබගේ අනාගතය සුරැකීමේ වැඩ පිළිවෙල
රජය ඉතා විධිමත්ව කොරෝනා ව්‍යයසනය පාලනය කිරීමට ක්‍රමවේද සාර්ථකව දියත් කර ඇත. කරුණු එසේ වුවද ශ්‍රී ලංකා ආර්ථිකය කවදා පුණරුත්තාපනය වේ දැයිඅණාවැකි පළ කළ නොහැකිය. වත්මන වන විට අප පාසල් දෙකෙහිම ආදායම් සම්පූර්ණයෙන්ම අපට අහිමි වී ඇත. දරුවන්ගේ වාරික ගෙවීම පමණක් නොව, ක්‍රීඩා තුළින්, පිහිණුම් තටාකයෙන් වෙළඳසැල් වලින් අපට ලැබුණු ආදායම අහිමි වී ඇත. එලෙසම සති අග නිවාඩු දින වල ශාලා ඇතුළු අපගේ පහසුකම් වලින් ලද ආදායමද නැති වී ඇත. මෙම ආර්ථික අදුරු යුගයේ පාසල් දෙකම බේරා ගැනීමට දැනට පාසල් දෙකේම ගුරුමණ්ඩලයට බැදී සිටින සියළු දෙනාගේ රැකියා එලෙසින්ම පවත්වා ගැනීමට සහයෝගය ලබා දීමත් එම රැකියා සියල්ල සුරක්ෂිත කිරීමත් කළමණාකාරීත්වයේ වගකීම බව අප තේරුම් ගෙන ඇත.
අප දෙමව්පියන් ගෙන් 40% ක් පමණ රජයේ සේවකයන් වන අතර ඔවුන්ගේ ආදායම දුර්වල නොවී පවත්වාගෙන යා හැකි වුවත්, ව්‍යාපාර අංශයේ, සංචාරක කර්මාන්තයේ, විදේශ රැකියාවල් කරන, දෙමාපියන්ගේ ආර්ථිකය අනිවර්යයෙන්ම යථා තත්වයට පත් වීමට අවම වශයෙන් මාස 6ක් වත් යා හැකි බව අප විමසුම් කළ ආර්ථික විශේෂඥයන්ගේ මතයයි.
එම නිසා කළමණාකාරීත්වය විසින් මාස 6ක අඳුරු යුගයක් තුළ පාසල සුරක්ෂිතව පවත්වාගෙන යාමේ වැඩපිළිවෙලක් සැකසීමට තීරණය කර ඇත. එහි ප්‍රධාන අංගය නම් අප්‍රේල් මාසයේ සිට පාසල් දෙකේම ගුරුමණ්ඩලය ඇතුළු සියළු දෙනාට වැටුපෙන් භාගයක් පමණක් ගෙවීමයි. එලෙස කළ විට අප පාසල් වලට කිසිම ආදායමක් නොලැබුනද සියළු දෙනාට මාස 6ක්ම පුරාවට මාසික වැටුෙපන් භාගයක් ගෙවීමට අප සතු මුදල් ප්‍රමාණවත්ය
එලෙස මාස 06 ක අඳුරු යුගයක් ගැන සිතුවද මෙම වියසනයෙන් මිදී පාසල් විවෘත කර දෙමාපියන් නිසිලෙස වාරික මුදල් ගෙවීම ආරම්භ කර ආර්ථිකය යථා තත්වයට පත්වූ විට ඔබගේ සම්පූර්ණ වැටුප් ගෙවීමට අප බලාපොරොත්තු වෙමු. උදාහරණයක් ලෙස මැයි මස රජය පාසල් විවෘත කර දරුවන් පාසලට පැමිණීම සාධාරණ මට්ටමකට තිබී, දෙමාපියන් වාරික ගාස්තු ගෙවුවහොත්, එකලට පවතින ආර්ථික තත්වය සලකා බලා මැයි මස හෝ ජුනි මස සිට ඔබගේ සම්පූර්ණ වැටුප ගෙවීමට පවත්නා ආර්ථික තත්වය සලකා බලා අප බලාපොරොත්තු වෙමු. තවද දෙමව්පියන්ට හැකි ඉක්මනින් වාර ගාස්තු ගෙවන ලෙස දැනටමත් අප දන්වා ඇත. එමෙන්ම ඔබට මෙම ව්‍යසනය නිසා අහිමි වන වැටුප් මතු අනාගතයේදී හැකි ඉක්මනින් අර්ථිකය යථාතත්වයට පත්වූ විගස ගෙවීමට බලාපොරොත්තු වෙමු.
අප මධ්‍යස්ථානය කිසිවෙකුටත් බැංකු ණය නැත. නමුත් ලංකාව තුළ මෙන්ම ලොවටම බලපෑ ඇති මෙම ආර්ථික අරබුදය හමුවේ මෙම යෝජිත ක්‍රමය නිසා ඔබගේ අනාගතය සුරක්ෂිත වන බවද නැවතත් සඳහන් කරමු.
යම්කිසි පීඩනයක් මත සම්පූර්ණ වැටුප් ගෙවීමට අපහට සිදු වුවහොත් එයින් වන්නේ අප හට බැංකු වලට ණය වී පාසලේ දරුවන්ගේ අනාගතය පමණක් නොව සමස්ථ ගුරුමණ්ඩලයේම අනාගතයද අගාධයකට ඇද දැමීම බව අවධාරණයෙන් මතක් කර සිටිමු.
සභාපති
සුමේධ විද්‍යාලය - ගම්පහ
දෙමාපියන් වෙත කෙරෙන නිවේදනයයි.
හිතවත් දෙමව්පියනි,
රජය ඉතා ඥානවන්තව විධිමත්ව කටයුතු කළ නිසා, අප කොරෝනා ව්‍යසනයෙන් මිදීමේ ලකුණු පහළ වී ඇත. එසේ වුවද රජය විසින් පාසල් විවෘත කළ පසුව ද දරුවන්ගේ අධ්‍යාපනික කටයුතු අණ්ඩව පුළුල්ව ඉලෙක්ට්‍රොනික් මාධ්‍යය තුළින් අවම වශයෙන් අගෝස්තු නිවාඩු කාලය අවසන් වන තෙක් වත් ලබා දීමට අප බලාපොරොත්තු වෙමු.
කරුණාකර එලෙස අප ගුරු මහත්ම මහත්මීන් ඉතා වෙහෙස මහන්සි වී ඔබ දරුවාට ලබා දෙන පාඩම් ඉතා සැලකිලිමත්ව කරගෙන යාමට දරුවන්ට උපකාර කරන ලෙස ද, දරුවන් පරිගණක අවභාවිතා කිරීම වැලැක්වීමට සෑම විටකම වැඩිහිටියන්ගේ නිරන්තර අවධානය දරුවන් වෙත යොමු කරන ලෙසද කරුණාවෙන් දන්වා සිටිමි.
සභාපති
සුමේධ විද්‍යාලය - ගම්පහ
2020 දෙවන වාර සැලැස්ම
හිතවත් දෙමාපියනි,
පලමුව සභාපතිතුමා, උප සභාපතිතුමා, අධ්‍යක්‍ෂ මණ්ඩලය, විදුහල්පතිතුමිය ඇතුලු සියලු කාර්යය මණ්ඩලය වෙනුවෙන් මා, සියලුම සූමේධ දරුවන්ට සහ දෙමාපියන්ට සෞඛ්‍යමත් සුභ නව වසරක් වේවායි, ප්‍රාර්ථනා කරමි.
පසුගිය සති කිහිපය තුළ අප ගුරුමණ්ඩලය විසින් සූමේධ දරුවන්ට අධ්‍යාපන කටයුතු ලබා දීමේ ක්‍රියාවලිය තුළ දෙමාපියන් ලෙස ඔබ ලබා දුන් සහයෝගයට අප බෙහෙවින්ම ස්තුතිවන්ත වන අතර ඉදිරි සති කිහිපය තුළත් ඔබගේ සහය නොමදව අපේක්ෂා කරමු.
සුමේධ දරුවන්හට අන්තර්ජාලය හරහා ලබා දුන් සියලු පාඩම් අප කළමනාකාරීත්වය සහ අධ්‍යයන කාර්යය මණ්ඩලය ඉතා විධිමත්ව, සැලසුම් සහගතව කරල ලද කර්තව්‍යයක ප්‍රතිඵලයකි. නමුත් මෙහිදී හදිසි තත්ත්වයක් තුළ අවම පහසුකම් යටතේ පාඩම් සකස් කළ බැවින්, එහි යම් අඩුපාඩු සහ ගැටලු සහගත තැන් තිබුණු අතර, එවැනි දෝෂ හඳුනාගත් විගස අප දැනුවත් කරමින් ඒවා නිවැරදි කර ගැනීමට ඔබ ලබාදුන් සහයෝගයද අප බෙහෙවින් අගය කරමු.
රට තුළ පවතින වාතාවරණයට ගැලපෙන ලෙස සකස් කළ වාර සැලැස්ම අනුව දෙවැනි වාරයේ වැඩ කටයුතු 2020 අප්‍රේල් 20 සඳුදා දින සිට අප අරඹමු.
කරුණාකර පහත කරුණු කෙරෙහි ඔබගේ අවධානය යොමු කරන්න.
- සියලු පාඩම් සිසුන්ගේ ශ්‍රේණිය අනුව වෙන වෙනම ලැබෙන්නට සලස්වමු.
- ඉදිරි සති කිහිපයේදි එක් එක් ශ්‍රේණි සඳහා වෙන වෙනම කාලසටහන් ඔබ වෙත ලැබීමට සලස් වන අතර සිසුන් ඊට අනුගතවිය යුතුය. එක් එක් ශ්‍රේණි සඳහා අදාළ කාලසටහන පාඩම් මාලාව සමග ඔබ වෙත ලැබෙනු ඇත.
- සෑම සතියකම සඳුදා දින සියලුම පාඩම් මාලා අප වෙබ් අඩවිය හා ඔබ පන්තියට අදාළ WhatsApp සමූහය හරහා පලකරනු ඇත.
- ගුරුභවතුන් පාඩම් වෙන වෙනම කාලසටහන අනුව දිනපතා පල නොකරන අතර, සෑම සතියකම සඳුදා දින සතියටම අදාල පාඩම්මාලා අප වෙබ් අඩවිය හා WhatsApp සමූහයන් තුළ පල කරනු ඇත.
- අදාළ දිනයට සහ කාලසටහනට අනුව ඔබ දරුවාට අදාළ පාඩම් සම්පූර්ණ කරවීම දෙමාපියන්ගේ වගකීමක් බව කරුණාවෙන් සලකන්න.
- පාඩම් නියමිත කාලසටහනට අනුව කොටස් වශයෙන් බෙදා වෙන් කරන ලෙස අප ගුරුභවතුන් හට උපදෙස් දී ඇත. උදාහරණයක් වශයෙන්, අඟහරුවාදා කාලසටහනේ ගණිතය විෂය ඇත්නම්
- "Maths 2020-04-21" ශිර්ෂය නමින් වු පාඩම් සිසුවා විසින් සම්පුර්ණ කළ යුතුය.
- එක් එක් ශ්‍රේණියට නියමිත කාලසටහන සෑම සිසුවෙක්ම තරයේම අනුගමනය කළ යුතු අතර ඊට දෙමාපියන්ගේ සහායෝගය අපේක්ෂා කරමු.
මෙම කාලවකවානුව තුළ සිසුන්ට පරිගණකය, ස්මාට් දුරකථන, අන්තර්ජාලය වැනි විද්යුත් මාධ්‍ය තම අධ්‍යාපන කටයුතු කිරීමට යොදා ගැනීමට සිදුවන බැවින් දෙමාපියන් ලෙස ඔබ, ඔවුන් කෙරෙහි සුපරීක්ෂාකාරීව සිටින ලෙසද අප ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු.
අප විසින් සපයන පාඩම් සිසුන් සම්පූර්ණ කළ යුතු වුවත්, දරුවාට නිවස තුළ සතුටුදායක ලෙස කාලය ගත කිරීමට අවශ්‍ය පරිසරය සකස් කිරීමද ඉතා වැදගත්වේ.
එක් එක් ශ්‍රේණි සඳහා නේවාසික සාහිත්‍ය තරගයක් ද කලා තරගයක් ද ඇරඹීමට අප තීරණය කර ඇත්තෙමු. එම වැඩි විස්තර අප වෙබ් අඩවිය තුල පල කර ඇත.
විවේක අවස්ථාවලදි සිසුන් සඳහා වූ විනෝදාත්මක බාහිර ක්‍රියාකාරකම් සහිත වෙබ් පිටු ලබන සතියේ එක් කෙරෙනු ඇත. මෙම තරග සහ බාහිර ක්‍රියාකාරකම් අනිවාර්යය නොවන බව සලකන්න.
ඔබ ඇතුලු ඔබගේ ආදරණීයන් ආරක්ෂාකාරීව හොඳින් සිටිනු ඇතැයි අපේක්ෂා කරමි. ඔබගේ සහයෝගයට නැවතත් ස්තුති කරමි.
S. B විජේසිංහ
අධ්‍යක්ෂිකා
සුමේධ විද්‍යාලය - ගම්පහ.
=======================================
Dear Parents,
First of all, let me wish you and all Sumedhians a Very Happy and Healthy New Year on behalf of the Chairman, the Vice Chairman, the Board of Directors, the Principal and all the academic staff at Sumedha College.
We are extremely pleased with the support we have received from the parents in the last few weeks when it has been a joint effort by the teachers and the parents to get the lessons across to the students. We hope to receive the same support in the upcoming weeks as well.
Every lesson that was sent to your child has been done to a set work plan implemented by the management and the academic staff. As in any operation of this nature, mistakes were made and then rectified throughout the weeks. We truly value the feedback you have sent to the chairman, as that helped us to redo or re-correct the problematic areas.
According to the term plan that has been created to suit the present situation in the country, we are starting the 2nd Term work from 20th Monday April, 2020.
Please read the following carefully.
- All the lessons will be sent to the children according to their grade.
- The difference for the upcoming weeks is that each grade has created a timetable to be followed by the students. The timetable for each grade will also be uploaded with the lessons.
- Each week, on every Monday all the lessons will be uploaded via the website and the class watsapp groups.
- Please note that the teachers are not going to upload the lessons daily to the WhatsApp group according to the timetable. Instead, all lessons for that week will be sent across to the children on every Monday via both the WhatsApp group and website.
- It is the responsibility of the parents/students to ensure that the correct lesson is done on the correct day by following the timetable and the date of the lessons.
- We have instructed the teachers to break down the lessons according to the timetable. For an example, if the timetable has Maths on Tuesday the lesson with the heading "Maths 2020-04-21" should be done by the student.
- The timetable for each grade must be strictly followed by every student and we hope that the parents will support them to do so.
On that note, it is also important to remind the parents that, since the children have to use all forms of electronic media for their work, it is very important to be super vigilant about them when they using smart phones or laptops with freely accessible internet.
Even though children must complete the lessons we send them, it is also important to make sure that their time at home is enjoyable too.
On that note, we have decided to start a stay at home literary contest and an art contest for specific grades. More details will follow soon on the website.
Also pages consisting of fun activities for the students to do in their free time will be added to the website next week. Please note that the contests and the fun pages are not compulsory.
I hope that you and all your loved ones are safe and well at this time. Thank you for your support once again.
S.B.Wijesinghe
Directress
Sumedha College - Gampaha
SCG Parent's Whatsapp Group
හිතවත් දෙමාපියනි
අප පාසලේ සෑම පන්තියක් සඳහාම, පන්තිභාර ගුරුතුමා/තුමියගේ මූලිකත්වයෙන්, Whatsapp සමූහයක් නිර්මාණය කිරීමේ වැඩපිලිවෙලක් මේ දිනවල ක්‍රියාත්මක වේ.
සෑම දෙමාපියෙක්ම තම දරුවාගේ පන්තියට අදාල whatsapp සමූහයට සම්බන්ධ වී මෙම වැඩපිලිවෙලට සහාය වන්න.
අදාල Whatsapp සමූහයට සම්බන්ධ වීමට පන්තිභාර ගුරුතුමා/තුමිය අමතන්න. නැතහොත් පහත වෙබ් සබැඳිය (link) ඔස්සේ ඔබගේ තොරතුරු ඇතුලත් කර අප වෙත එවන්න.
https://forms.gle/nazJm62U2gwzDE5y9
(ඔබ දැනටමත් අදාල Whatsapp සමූහයට සම්බන්ධ වී ඇත්නම්, මෙම නිවේදනය නොසළකා හරින්න )
ස්තුතියි.
Dear Parents,
Please contact your class teacher, as we are in the process of creating watsapp groups for each class and we need all parents to join with us for this venture.
Or please click on the link below to send us your contact details.
https://forms.gle/nazJm62U2gwzDE5y9
(If you have already joined, please disregard this message).
Thank you.
First Term Test 2020
All parents are kindly advised to encourage your children to prepare for the 1st Term Test, which will be held just after the commencement of the 2nd Term.
Principal
දෙවැනි පාසල් වාරය ආරම්භ කල වහාම පළමු වැනි වාර පරික්ෂණය පැවැත්වෙන බැවින් ඒ සඳහා ඔබ දරුවා සූදානම් කරවන්න.
විදුහල්පතිනිය
2020.01.18 දින සුමේධ විද්‍යාලයේ ගුරු දෙමාපිය සහ කළමනාකාරීත්ව රැස්වීමේදී දෙමව්පියන් යොමු කල ප්‍රශ්න සහ පිළිතුරු
පිළිතුර :
සුමේධ විද්‍යාලය 2012 වර්ෂයේ සිට රජය අනුමත ද්වි භාෂා විෂය නිර්දේශය පවත්වා ගෙන යනු ලැබේ. මේ සඳහා මෙතෙක් පහත සඳහන් අයුරින් විෂය ධාරාවන් නම් කර ඇත. ග‚තය, විද්‍යාව, සහ සෞඛ්‍ය විද්‍යාව ඉංග්‍රීසි මාධයෙන් කෙරෙන අතර අනෙකුත් විෂයන් වන සිංහල භාෂාව, භූගෝල විද්‍යාව , ඉතිහාසය, පුරවැසි අධ්‍යාපනය කරනු ලබන්නේ සිංහල මාධ්‍යයෙනි. මෙම විෂය ධාරාවට ඉංග්‍රීසි සාහිත්‍ය, දෙමළ ,සෞඛ්‍ය විද්‍යාව කාණ්ඩ විෂයන් වලින් තෝරාගෙන 6-11 ශ්‍රේණිය විෂය මාලාව සකස් කොට ඇත. පහත සඳහන් අයුරින් විෂයධාරා නම් කර ඇත.
- සිංහල
- ගණිතය - ඉංග්‍රීසි මාධ්‍යය
- විද්‍යාව - ඉංග්‍රීසි මාධ්‍යය
- බුද්ධාගම - සිංහල මාධ්‍යය
- සෞඛ්‍ය විද්‍යාව -ඉංග්‍රීසි මාධ්‍යය
- ඉතිහාසය - සිංහල මාධ්‍යය
- ඉංග්‍රීසි භාෂාව
- ඉංග්‍රීසි සාහිත්‍ය
- පුරවැසි අධ්‍යාපනය- සිංහල මාධ්‍යය
- දෙමළ
අනාගත නව ලොවට පිවිසෙන දරුවෙකු සුදුසු අයුරින් ඉහතින් සඳහන් විෂය ධාරාවන් නම් කර ඇති අතර එය කිසිසේත් වෙනස් කිරීමක් සිදු කල නොහැකි බව කරුණාවෙන් දන්වා සිටිමු. රටේ ඒකීයභාවය සුරක්ෂිත කර ගැනීමට නම් අපි සැවොම දෙමල බස ඉගෙන ගත යුතුය.
උදාහරණයක් ලෙස දෙමළ විෂය අනිවාර්යය කර ඇත්තේ ජාතින් අතර අන්යෝන්‍ය අවබෝධය සංහිදියාව ඇති කිරීමටය.දැනට දෙමළ විෂය ධාරාව රාජ්‍ය භාෂාවක් ලෙස නම් කර ඇත.
විද්‍යාව, ගණිතය, සෞඛ්‍ය විද්‍යාව English, English Literature ඉංග්‍රීසි මාධ්‍යය තුළින් අනිවාර්යය කර ඇත්තේ නව තාක්ෂනය සොයා යන දරුවනට උසස් වෘත්තියක් වීමට හැකි වන ලෙසද, වැඩිහිටියෙකු ලෙස ආර්ථීකයක් ගොඩනැගීමට හැකි වන ලෙසද, රටේ සංවර්ධනයට දායකත්වය දිය හැකි, ජාත්‍යන්තරය ජය ගැනීමට හැකි උසස් පුද්ගලයෙකු ලෙස පත් කිරීමටය. ඉහතින් සඳහන් කල විෂය ධාරාවන් සුමේධ විද්‍යාලය කළමනාකාරිත්වය තුලින් නම් කර ඇත.
(02) ප්‍රශ්නය :
සිංහල මාධ්‍යයෙන් පමණක් පන්ති ආරම්භ කිරීම
පිළිතුර
අප පාසලේ දැක්ම ජාත්‍යන්තර තලයේ දිදුලන දරුවෙකු බිහිකිරීමයි. ඒ සඳහා සිංහල මාධ්‍ය හරහා එතරම් දුරක් යා නොහැකිය. එබැවින් සුමේධ විද්‍යාලය සිංහල මාධ්‍යයෙන් පන්ති පැවැත්වීම අනුමත කරන්නේ නැත.
(03) ප්‍රශ්නය :
Robotics විෂය සඳහා පාසල් වේලාවක් ලබන දෙන්න.
පිළිතුර
Robotics විෂය සඳහා කාල සටහන් වෙලාවක් ලබා දීම කල නොහැකි බවත් විෂය නිර්දේශ අනුව කාලසටහන් අනුව විෂයන් වෙන් කර ඇති අතර ඒ සඳහා පාසල් වේලාවෙන් පසුව වෙලාවන් වෙන් කර ඇත
(04) ප්‍රශ්නය
Robotics විෂය සඳහාද chess, scrabble වැනි මානසික ක්‍රීඩාවක් ලෙස සලක ලකුණු ලබා දිය හැකිද
පිළිතුර
හොඳ අදහසක් ලකුණු ලබා දීමේ වැඩපිළිවෙලක් සකස් කිරීමට බලාපොරොත්තු වෙමු.
(05) ප්‍රශ්නය
2020 වර්ෂය සඳහා නායකත්ව පුහුණුව පවත්වන අයුරු
පිළිතුර
පාසලේ නායකත්ව පුහුණු වැඩසටහන, ශිෂ්‍ය නායක වැඩසටහනට බද්ධ කිරීමට අප අදහස් කරමු. පළමුව දරුවන් පහත සඳහා ලෙස අදියර තුන (3) කට ඛෙදනු ලැබේ.
- පළමු වන අදියර - 2 සිට 4 ශේ‚ වල දරුවන් (Primary&)
- දෙවන අදියර - 6 සිට 10 ශේ‚ වල දරුවන් (Junior)
- තෙවන අදියර - 12 සහ 13 ශේ‚වල දරුවන් (Senior)
මෙම ඉහත සඳහන් අදියර තුනේදීම අධ්‍යාපනය තුලින් ලැබිය යුතු ගති ලක්ෂණ මැන බලා ශිෂ්‍ය නායකයන්තෝ රාගනු ලැබේ. එලෙස තෝරාගන්නා ලද ශිෂ්‍ය නායකයන් එක් අදියරකින් අනෙක් අදියරයට යන විට ඔවුන්ගේ ශිෂ්‍ය නායකත්වය එලෙසම පවත්වා ගැනීමට ඉඩ ලබා දෙන අතර සෑම අදියරයකදීම අවශ්‍ය වූ විට නව ශිෂ්‍ය නායකයින් බදවා ගැනීමටත්, පරිපුර්ණ අධ්‍යාපනයේ තිබිය යුතු ගති ලක්ෂණ දුර්වලතා ඇති ශිෂ්‍ය නායක දරුවන්ඉවත් කිරීම ද සිදු කරනු ලැබේ. දෙවන සහ තුන්වන අදියර වලදී නායකත්ව වැඩමුළු පවත්වන අතර 3 වන අදියරයේදී ප්‍රධාන ශිෂ්‍ය නායක නායිකාවන සහ උප ප්‍රධාන ශිෂ්‍ය නායක නායිකාවන් 12 ශ්‍රේ‚ය තුලදී බඳවා ගනු ලැබේ.
(06) ප්‍රශ්නය
රජයේ ගුරුපත්වීම් ලබා දෙන නිසා පාසල් වාරික මුදල් වල සහනයක් ලබා දිය හැකිද
පිළිතුර
දැනට අනුමැතිය ලැබී තිබුනත් මේ වන විට රජයේ වැටුප් ලබා දී ඇත්තේ ගුරුවරුන් දෙදෙනෙකුට පමණි. අමාත්‍යංශ 3 ක් සඳහා ලිපිගොනු යොමු කරවිය යුතුව ඇති බැවින් වැටුප් ලබා දීමේ ප්‍රමාදයක් තිබේ. ඉදිරියේදී ගුරුවරුන්ගෙන් 50% කට වත් රජයේ පත්වීම් අනුමත වූ පසු වාරික මුදල් වල සහනයක් අනිවාර්යෙන්ම ලබා දිය හැක.
(07) ප්‍රශ්නය
ජෙනරේට වල ශබ්දය වැඩි බැවින් ඒ සඳහා විසදුමක් ලබා දිය හැකිද
පිළිතුර
මේ වන විට පරණ ජෙනරේටය ඉවත් කර නවීන අධි බලැති ජෙනරේටයක් සවි කර ඇත. එම ගැටලූවට
විසදුම මේ වන විටත් ලබා දී ඇත.
(08) ප්‍රශ්නය
පොත් හලේ English Literature සඳහා පොත් ප්‍රමාණවත් නැත.
පිළිතුර
මේ වන විටත් පොත් වැඩි ප්‍රමානයක් ඇනවුම් කිරීමට දැනුම් දී ඇත.
(09) ප්‍රශ්නය
පරණ පෙළපොත් දරුවනට ලැබීම
පිළිතුර
වසර දෙකක පමණ සිට ඉල්ලූම් කරන ලද පෙළපොත් වලින් නවපොත් සෑම පාසලකටම ලැඛෙන්නේ 50%ක් පමණි. සුමේධ විද්‍යාලයටත් ලැඛෙන්නේ 50% ක් පමණී. අධ්‍යාපන දෙපාර්තුමේන්තුවේ නියමය පරිදි ඉතිරි අවශ්‍යපොත් පෙර වසරවල් වල පාවිච්චි කරන ලද පොත් වලින් පුරවා ගැනීමට සිදු වී ඇත. දරුවන් පොත් පාවිච්චිය පිළිබඳව නිතර නිතර දරුවන් දැනුවත් කල යුතු අතර දෙමව්පියන් වශයෙන් මෙම වටිනා පොත් සුරක්ෂිතව පවිච්චි කල යුතු අන්දම ගැන ඔබ දරුවා දැනුවත් කල යුතුව ඇත.
(10) ප්‍රශ්නය
Year Plan එක කලින් ලබා දිය යුතු බව
පිළිතුර
මුද්‍රණ කටයුතු වල වූ සුනංගු වීමක් නිසා වාර්ෂික ලිත නියමිත වෙලාවට ලබා දීමට නොහැකි වීම ගැන කණගාටු වන්නෙමු.
(11) ප්‍රශ්නය
සුමේධ උ/පෙළ සඳහා ගුරුවරුන් සිටීද චීන භාෂාව, ජපන් භාෂාව යන භාෂා උසස් පෙළ විෂය ධාරාවට එක කර ගන්නේද
පිළිතුර
පාසලේ උසස් පෙළ සඳහා උපාධිදාරී ගුරුවරුන් සම්මුක පරීක්ෂණයකට යොමු වීමෙන් පසුව අඩුපාඩු පවතී විෂයන් සඳහා බදවාගෙන ඇත. එම නිසා උසස් පෙළ විෂයන් සඳහා අවශ්‍ය ප්‍රමාණය ගුරුවරුන් ඉගැන්වීමේ කටයුතු වල නිරත වෙමින් සිටි. එමෙන්ම චීන භාෂාව, ජපන් භාෂාව වැනි භාෂා ඉතා වැදගත්බ වත්ඉ දිරියේදී එම විෂයන් හැදෑරීමේ අවස්ථාව සිසුන්ට ලබා දීමට ක්‍රියාකරනු ඇත. දැනට උසස් පෙළ සඳහා තාක්ෂ‚ක විෂය ධාරා අංශයත්, ග‚ත අංශයත්, විද්‍යා අංශයත් පාසැල තුල ඇත. යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාගාර ගොඩනැගිලි ඉදිකිරීම් විද්‍යාගාර,Electrical and Electronic විද්‍යාගාර ,ජෛව පද්ධති තාක්ෂණ විද්‍යාගාර (Bio System Unit), මෝටර් රථ තාක්ෂ‚ක විද්‍යාගාර (Auto Mobile Lab)පාසැල තුල ඒ සඳහා පවතින පහසුකම් ය . දැනටමත් පාසැල තුල කාල සටහනකට අනුව ගුරුභවතුන් වැඩ කරයි.
(12) ප්‍රශ්නය
Smart Class Room (සුහුරු කාමර ) භාවිතය පිළිබඳව
පිළිතුර
දැනට පාසැල තුල Smart Class Room 4 ක් ඇති අතර ඒවායේ කාල සටහනකට අනුකුලව දැනටමත් ඉගැන්වීම් කටයුතු කරගෙන යනු ලැබේ. ඒ සඳහා පුහුණු ගුරුවරුන් පාසැල තුළ සිටි. ඉදිරියේදී එම පහසුකම් වැඩි කිරීමට අදහසක් ඇත.
(13) ප්‍රශ්නය
ICT විෂය සාමාන්‍ය පෙළ විෂයක් ලෙස කිරීමට අවස්ථාවක් ලබා දෙන්න.
පිළිතුර
දැනට ICT විෂය සාමාන්‍ය පෙළ විෂයක් ලෙස ලබා දිය නොහැක. හේතුව ඒ වෙනුවට කාණ්ඩ විෂයක් ලෙස සෞඛ්‍ය විද්‍යාව ඒ වෙනුවට ඇතුලත් කර තිබීමයි. නමුත් ICT විෂය 10-11 ශ්‍රේණි වල දරුවන් සඳහා ඩිප්ලෝම සහතිකයක් ලබා දීමට මේ වන විටත් කටයුතු සලසා ඇත. සුමේධ විදුහල විසින් දරුවනට ලබා දෙන ICT විෂය මාලාව අධ්‍යාපන දෙපාර්තුමේන්තුව අනුමත සාමාන්‍ය පෙළ ICT විෂය මාලාවට වඩා පුළුල් සහ ගැඹුරු බවින් යුක්ත බවද සඳහන් කරමු.
(14) ප්‍රශ්නය
6 ශ්‍රේණියේ ලකුණු අනුව දරුවන් ඛෙදීම
පිළිතුර
5 ශිෂ්‍යත්ව විභාගට ඉතා විධිමත් කඩඉම් විභාගයකි. මෙම විභාගය තුළින් දරුවෙකුගේ මට්ටම ඉතා සාධාරණව මැන බලනු ලැබේ. එම ලකුණු උපයෝගී කරගෙන ලකුණු මට්ටම් අනුව දරුවන් තල වලට වෙන් කිරීම දරුවනට කරන මගඟු සෙතකි. ඒ මන්දයත් එකම මට්ටමේ දරුවන් එකට සිටින විට ඔවුන්ගේ දැනුම මට්ටම, ඉගැන්වීමේ අභ්‍යාස ලබා දී සංවර්ධනය කිරීම පහසු වනු ඇත. එක් එක් මට්ටමේ දරුවන් මිශ්‍ර කළ විට දුර්වල සහ උසස් මට්ටමේ යන දරුවන් දෙකොටසටම අසාධාරණයක් සිදු වනු ඇත.
(15)ප්‍රශ්නය
සෞන්දර්යය විෂයන් සඳහා යොමු කිරීම (චිත්‍ර, නැටුම්,සංගීත)
පිළිතුර
පාසැල තුල විෂයක් ලෙස හැදෑරීමට නොහැකි වුවත් විශේෂ අවස්ථා වලදි එම විෂයන් තුලින් ඔවුන්ගේ හැකියාවන් දියුණු කර ගැනීමට අවස්ථා ලබා දී ඇත. කලාප, පළාත් , සමස්ත ලංකා දක්වා දරුවන් යැවීමට දක්ෂ දරුවන්ට අවස්ථාව ලබා දේ. පාසලේ ගුරුතුමියන් ලබා දෙන උපදෙස් මත මේ වන විටත් දරුවන් ජයග්‍රහණ රැසක් ලබා ගෙන ඇත. වර්ණ රාත්‍රියේදී ඔබ දරුවන්ගේ දක්ෂතා දුටුවා ද ? සෞන්දර්යය විෂය සාමාන්‍ය පෙළ විෂය දීමට අවස්ථාව දෙන්නේ විශේෂ කුසලතාවන් ඇති දරුවන්ට පමණි.
(16) ප්‍රශ්නය
පිළිතුර
දරුවන්ගේ පාසල් පැමිණීම වර්ණ රාත්‍රියේ දී හොඳම සිසුන් තේරීමේ දී , ශිෂ්‍ය නායකයන් තෙර්මේ දී සලකනු ලැබේ. ත්‍යාග ප්‍රදානෝත්සවය වැනි අවස්ථවක පාසලට දිනපතා සිසුන්ගේ පැමිණීම අගය කිරීමට ඉදිරියේදී සලක බලනු ලැබේ.
(17) ප්‍රශ්නය
Chess, Swimming යන ක්‍රීඩා දෙකම එකම දිනයේ යෙදීම වෙනස් කල හැකි ද
පිළිතුර
Swimming පුහුණු කරු හමුවී ඒ සඳහා දිනයන් ලබා ගත හැක. සතියේ දින 5 ම ප.ව. 1.30 න් පසු Swimming ක්‍රීඩාවේ පුහුණුවීම් කරනු ලැබේ.