Search This Blog

RSS

විශේෂ දෙමාපිය හමුවක්..

හිතවත් දෙමාපියනි, 

දෙමාපියන් කිහිප දෙනෙක් දුරකතනයෙන් සහ සමාජ මාධ්‍ය ඔස්සේ මා අමතා, පාසලට පොලිස් ආරක්ෂාව ලබා ගන්නා ලෙස ඉල්ලා සිටියා. ඒ අනුව මා අද උදැසන ගම්පහ පොලීසියේ උසස් නිළධාරියකු සමඟ මේ සම්බන්ධව සාකච්ඡා කරනු ලැබුවා.

එහිදි එතුමා මා සමඟ පවසා සිටියේ ගම්පහ පොලීස් බල ප්‍රදේශයේ දෛනික  රජකාරි කටයුතු සඳහා අවම වශයෙන් පොලිස් නිළධාරීන් 185කගේ වත් සේවය අවශ්‍ය නමුත් දැනට ⁣සේවය කරනු ලබන්නේ පොලිස් නිළධාරීන් 100කටත් අඩු ප්‍රමාණයක් බවයි. ඒ අතුරින් නිළධාරීන් දෙතුන් දෙනෙක් අසනීප නිවාඩු ලබා ගන්නා බවත්, උසාවි කටයුතු සඳහා නිළධාරීන් හය හත් දෙනෙක්වත් අනුයුක්ත කිරීම⁣ට සිදුවන බවත්,  හදිසියෙවත් දේශපාලඥයක් ආවොත් එතුමාගේ ආරක්ෂාවට නිළධාරීන් හතර පස් දෙනෙක් යවන්න වන බවත්, හදිසි අනතුරක් වුනොත් එතනට නිළධාරීන් දෙදෙනෙකුවත් යවන්න වන බවත් සඳහන් කරමින් පාසල් වලට වෙනම පොලිස් ආරක්ෂාව ලබා දිමට ප්‍රයෝගික ගැටළුවක් ඇති බව පැහැදිලිවම ප්‍රකාශ කරනු ලැබුවා.

ඒ අනුව පොලිසිය සහ ත්‍රිවිධ හමුදා යටතේ මග තොට ආරක්ෂා සැලසෙන බැවින්,  පාසලේ දී දරුවන්ගේ ආරක්ෂාව අප විසින් සලසා දිය යුතු බව ඔබ සැම තේරුම් ගත යුතුය. 

මෙම තත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා සුමේධ කළමණාකාරිත්වය සහ ශිෂ්‍ය සුභසාධක සංගමයේ දෙමාපියන් අතර විශේෂ හමුවක් හෙට (27) සවස 2ට සුමේධ විදුහලේ දී පැවැත්වේ. දරුවන්ගේ සහ පාසලේ ආරක්ෂාව සම්බන්ධව හැඟීමක් ඇති දෙමාපියන්ට ද මේ සඳහා සහභාගි වී තම අදහස් සහ යෝජනා ඉදිරිපත් කරන ලෙස කාරුණිකව ඉල්ලා සි⁣ටිමි.

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

පාසලේ ආරක්ෂාව තවදුරටත් තහවුරු කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක්...

අප පාසලේ දරුවන් සහ පාසලේ ආරක්ෂාව තවදුරටත් තහවුරු කිරීම සඳහා පහත සඳහන් ක්‍රියාමාර්ග ගැනීමට සිදු වී ඇත.

◼️පුද්ගලික වාහන පාසල් පරිශ්‍රයට ඇතුල් කිරීමට අවසර දෙනු නොලැබේ. පුද්ගලික වාහන ගාල් කිරීමට පාසල් පරිශ්‍රයට පිටතින් ඇති රථගාල් භාවිතා කළ හැකි අතර ඒ සඳහා නිසි අවසර පත්‍ර (Vehicle Pass) ලබා තිබීම අනිවාර්ය වේ.

◼️තුිරෝද රථ පාසල් පරිශ්‍රයට ඇතුල් කිරීමට අවසර දෙනු නොලැබේ.

◼️නිසි අවසර පත්‍ර (Vehicle Pass) ලබා ඇති පාසල් ළමුන් ප්‍රවාහන කරන වෑන් රථ, පාසල් පරිශ්‍රයට ඇතුල් කිරීමට අවසර දෙනු ලැබේ.

◼️අවසර පත්‍ර (Vehicle Pass) හිමි යතුරුපැදි පාසල් පරිශ්‍රයට ඇතුල් කිරීමට අවසර දෙනු ලැබේ.

◼️ඉහත වැඩපිළිවෙළ පාසල් දිනවල උදැසන 5 සිට සවස 5 දක්වා ක්‍රියාත්මකයි.

◼️සියලුම වාහන රාත්‍රී 8ට පෙර පාසල් පරිශ්‍රයෙන් ඉවත් කර ගත යුතුය.

දරුවන්ගේ සහ පාසලේ ආරක්ෂාව තහවුරු කිරීමට ගෙන ඇති ඉහත ක්‍රියාමාර්ග සඳහා ඔබ සැමගේ පූර්ණ සහයෝගය ලබා දෙන මෙන් ඉල්ලා සිටිමු.

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

සුමේධ ටෙනිස් (Tennis) කී‍්‍රඩාංගණය

තරුණ සංවර්ධන මධ්‍යස්ථානයේ තවත් පියවරක්.

සුමේධ ටෙනිස් (Tennis) කී‍්‍රඩාංගණය

ජාත්‍යන්තර මට්ටමට සකසා ඇති ටෙනිස් කී‍්‍රඩාංගනය පහත සඳහන් අන්දමට අප දරුවන්ට සහ ජනතාවට ලබා දීමට බලාපොරොත්තු වේ.

පුහුණුකරු
දිවයිනේ ඉතා ජනප‍්‍රිය, ප‍්‍රවීන පුහුණුකරුවෙකු වන ප‍්‍රගීත් පොල්ගම්පොළ මහතා (077 5524 829) තරුණ සංවර්ධන මධ්‍යස්ථානයේ ටෙනිස් පුහුණුකරු ලෙස පත්කර ඇත.

සුමේධ දරුවන්ට පුහුණු සැසි
සෑම බ‍්‍රහස්පතින්දා දිනකම සුමේධ ප‍්‍රාථමික දරුවනට ප.ව. 2.00 සිට ප.ව. 4.00 දක්වා ද සුමේධ ද්විතියික දරුවනට ප.ව. 4.00 සිට ප.ව. 6.00 දක්වා ද පුහුණු සැසි වාර දෙකක් පැවැත් වේ.

පාසල්  වාරයක් තුළ පුහුණු සැසි වාර 12ක් පවත්වන අතර සැසි වාර 12ටම අයකිරීම රු. 4000කි. බ‍්‍රහස්පතින්දා සාමාන්‍ය නිවාඩු දිනයක් වුවහොත් පුහුණු සැසිවාර පවත්වන අතර, පොහෝ දිනයක් වුවහොත් පමණක් අමතර සැසි වාරයක් පැවැත් වේ.

සති අග නිවාඩු දිනවල සුමේධ දරුවනට පුහුණු සැසි
ඉරු දින පෙ.ව. 7.00 සිට දහවල් 12.00 අතර පුහුණු සැසි වාර නොපවත්වන අතර අනෙකුත්  ඕනෑම වේලාවක පුහුණු කරුට, දෙමාපියනට සහ දරුවනට පහසු වන අන්දමට  පැය දෙකේ පුහුණු සැසිවාර පැවැත්වීමට හැකිය.

සුමේධ 1, 2 ශ්‍රේණි  දරුවනට පැය දෙකක සැසි වාරයකට රු. 400ක් ද 3, 4, 5 ශ්‍රේණි දරුවනට පැය දෙකකට රු. 500ක් ද අයකරනු ලැබේ. සුමේධ ද්විතියික අංශයේ දරුවනට පැය දෙකකට රු. 600ක් අයකරනු ලැබේ.

සති අග නිවාඩු දිනවල සුමේධ නොවන දරුවනට පුහුණු සැසි
1, 2 ශ්‍රේණි  දරුවනට පැය දෙකක සැසිවාරයකට රු. 550ක් ද 3, 4, 5 ශ්‍රේණි දරුවනට පැය දෙකකට රු. 650ක් ද අයකරනු ලැබේ. 5 ශ්‍රේණියෙන් ඉහළ පාසල් දරුවනට පැය දෙකකට රු. 750ක් අයකරනු ලැබේ.

වැඩිහිටියන්ට පුහුණු සැසිවාර සහ ටෙනිස් කී‍්‍රඩාවට කී‍්‍රඩාංගණයට අයකිරීම්
ඉහත සඳහන් ලෙස දරුවනට ටෙනිස් කී‍්‍රඩා පුහුණු සංචිත පැවැත්වීමට අප බලාපොරොත්තු වන අතර වැඩිහිටියනට දහවල් කාලයේ සහ රාත‍්‍රියේදී පුහුණු සැසිවාර පැවැත්වීමට ද ටෙනිස් කී‍්‍රඩා කිරීමට  අප කී‍්‍රඩාංගණය ලබා දීමට ද බලාපොරොත්තුවන අතර, කරුණාකර වැඩි විස්තර අප පුහුණුකරුගෙන් දැනගන්න.

මෙයට සුමේධ කළමණාකාරීත්වය

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

2020 වර්ෂය සඳහා සුමේධ විද්‍යාලයීය පළමු ශ්‍රේණියට අයදුම්පත් නිකුත් කිරීම

2020 වර්ෂය සඳහා සුමේධ විද්යාලයීය පළමු ශ්රේණියට අයදුම්පත් නිකුත් කිරීම 2019 මැයි මස 11වන දින උදැසන 7.12ට යෙදෙන සුභ මොහොතින් ආරම්භ කරනු ලැබේ...


  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

වාරික මුදල් නොගෙවූ දෙමාපියන් වෙත,


වාරික මුදල් නොගෙවූ දෙමාපියන් වෙත,

නැවත මතක්කර දීමකි

ඔබ දරුවාගේ වාරික මුදල් නොගෙවීම හේතුවෙන් පාසලේ සංවර්ධනයට සිදුවන හානිය, කෙතරම් බැගෑපත්ව වටහා දුන්න ද වාර ගාස්තු නොගෙවන දෙමවිපියන් රැසක් තවමත් සිටීම ඉමහත් ගැටුලූවක් වී ඇත.
පාසලේ සංවර්ධනයත්, දීර්ඝකාලීන පැවැත්මත් උදෙසා, අකමැත්තෙන් වුවද වාරික ගාස්තු නොගෙවන දරුවන් පිළිබඳව අපහට පහත සඳහන් කි‍්‍රයාමාර්ග ගැනීමට සිදුවී ඇති බව  කණගාටුවෙන් දන්වා සිටිමු.
◼️ දඩ මුදල් ගෙවීම් එලෙසම කි‍්‍රයාත්මක කිරීම.
◼️ බාහිර කි‍්‍රයාකාරකම්වලට මුදල් ගෙවා තිබුණ ද වාරික ගාස්තු නොගෙවූ දරුවන්ට කිසිදු බාහිර කි‍්‍රයාකාරකමකට හෝ කී‍්‍රඩාවකට සහභාගී වීමට අවසර නොදීම.
◼️ දෙවන වාරය ආරම්භකර පළමු මාසය ඇතුළත වාරික මුදල් ගෙවා නොමැති දරුවන්ට පන්ති තහනම් කිරීම.

දිවයිනේ අනෙක් මුදල් අයකරන පාසල්වල වාරික මුදල් නොගෙවන දරුවන්හට ඉතා දැඩි නීති පනවා අතර ඉන් කිහිපයක් පහත දැක්වේ.
◼️ විභාගවලට පෙනී සිටීමට අවසර නොදීම.
◼️ ගේට්ටුවේන් ඇතුළු වීමට අවසර නොදීම.
◼️ පාසලෙන් ඉවත් කිරීම.

මෙවැනි දැඩි කි‍්‍රයාමාර්ග අප පාසලේ තවමත් පනවා නැති අතර ඉහත සඳහන් කළ කරුණු පිළිබඳ සැලකිලිමත් නොවුනහොත් පාසලේ අභිවෘද්ධිය තකා එවැනි දැඩි නීති පැණවීමට වුවද අපහට සිදුවෙන බව කරුණාවෙන් මතක්කර සිටිමු.


  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS