Tennis ක්‍රීඩාව හඳුන්වා දීම
Tennis කී‍්‍රඩාව
සුමේධ දරුවනට Tennis කී‍්‍රඩාව හඳුන්වා දීමට අවශ්‍ය යටිතල පහසුකම් කඩිනමින් නිමවමින් පවතී. ජාත්‍යාන්තරයේ බැබලීමට හැකි දරුවෙකු බවට ඔබ දරුවා පත් කිරීමට, මෙම කී‍්‍රඩාව ඉතා වැදගත් බව පළමුව දන්වමු. එබැවින් මෙම කී‍්‍රඩාව අදියර දෙකකින් සුමේධ විදුහලේ ආරම්භ කිරීමට අප බලාපොරොත්තු වෙමු.
පළවෙනි අදියර - Junior Tennis
පාසලේ බාස්කට් බෝල් කී‍්‍රඩාංගනය තුළ Junior Tennis කී‍්‍රඩාව ජනවාරි මස 24 වෙනිදා සිට ආරම්භ කිරීමට අප බලාපොරොත්තු වෙමු. වයස 10න් පහළ (1-5 ශේර්ණි) ගැහැණු සහ පිරිමි දරුවන් හට Junior Tennis පුහුණු සැසි පාසැල් වේලාවෙන් පසු සෑම බ‍්‍රහස්පතින්දා දිනකම සවස 2.00 සිට 4.00 දක්වා පවත්වනු ලැබේ.
අප පාසලේ Tennis කී‍්‍රඩා උපදේශක වශයෙන් ජ්‍යෙෂ්ඨ ටෙනිස් පුහුණුකරුවකු වන ප‍්‍රගීත් පොල්ගම්පොළ මහතා (077- 5524829) මහතා කටයුතු කරන අතර දෙමව්පියනට අවශ්‍යනම්, ඔහුට සෘජුව කතා කර විස්තර දැන ගැනීමට හැකිය.
2019 පළවෙනි වාරය තුළ දරුවනගෙන් මුදල් අය නොකරන අතර, දෙවන වාරයේ සිට මුදල් අය කිරීමට බලාපොරොත්තු වෙමු.
ඔබ දරුවා ටෙනිස් කී‍්‍රඩාවට යොමු කිරීමට කැමති නම්, YDC කාර්යාලයේ හිරුණි මෙන්ඩිස් නිලධාරිනියට ඔබගේ දරුවාගේ නම ලබා දෙන්න.
දෙවන අදියර
2019 මාර්තු මස වන විට අප විද්‍යාලයේ ටෙනිස් ක්‍රීඩා පිටියේ වැඩ නිම කිරීමට බලාපොරොත්තු වන අතර ඉන් පසුව පාසලේ ද්විතීක අංශයේ දරුවනට ද ටෙනිස් කී‍්‍රඩාව ආරම්භ කිරීම අපගේ බලාපොරොත්තුවයි.
ස්තුතියි
සභාපති,
විල්ෆ්‍රඩ් විජේසිංහ
2019 6 ශ්‍රේණිය දරුවන්ගේ දෙමාපියන් වෙත,
2019 6 ශ්‍රේණිය දරුවන්ගේ දෙමාපියන් වෙත,
5 ශිෂ්‍යත්වය සමත් දරුවන් කිහිප දෙනෙකු ඉල්ලුම් කල ඇති රජයේ පාසල තවම ලැබි නැති බැවින් එම දරුවන් තවමත් අප විදුහලේ රැඳි සිටි. එම ප්‍රමාණය නිශ්චිතව සංගණනය කරගැනීමට නොහැකිවීම නිසා 6 ශ්‍රේණිය පන්ති සකස් කිරීමට සහ පන්තිවලට දරුවන් බෙදීමට යම් ගැටළුකාරි තත්වයක් මතුවී ඇත.
මෙම ගැටළුව සළකා එම දරුවන්ට ජනවාරි 24වන තෙක් පාසලේ රැඳි සිටිමට සුමේධ කළමණාකාරිත්වය විසින් තීරණය කර ඇත. එමෙන්ම ජනවාරි 24ට පසු රැඳි සිටන දරුවන්ගේ අනිවාර්යෙන්ම පළමු වාරයේ පාසල් ගාස්තු ගෙවිය යුතු බව කාරුණිකව සළකන්න. ජනවාරි 24ට පසු යම්කිසි දරුවකුට පාසලෙන් ඉවත්ව යාමට අවශ්‍ය නම් අදාල ලිපි ලේඛණ(අස්වීමේ සහතික, වරිත සහතික) නිකුත් කරනු ලබන්නේ ගෙවිය හිඟ පාසල් ගාස්තු ගෙවා අවසන් කිරිමෙන් පසුව බවද කාරුණිකව සළකන්න.
කළමණාකාරත්ව සමඟ සෑම කටයුක්තකදීම ඉතා සුහදව සහයෝගය ලබා දෙන සහ ලබා දුන් සියළුම දෙමාපියනට ස්තුති වන අතර පාසලෙන් නික්ම යන සියළු දුවාදරුවන් හට සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරමි.