Blog Archive

Search This Blog

RSS

ආකල්ප සංවර්ධන විශේෂ අධ්‍යාපන වැඩසටහන

විටියල කවිධජ ස්වාමීන්වහන්සේ විසින් දිවයින පුරා පාසල් වල පවත්වනු ලබන ආකල්ප සංවර්ධන විශේෂ අධ්‍යාපන වැඩසටහන සුමේධ විද්‍යාලයේ 9,10,11,12 හා 13 ශ්‍රේණි වල දරුවන් වෙනුවෙන් ජුනි 27වන බ්‍රහස්පතින්දා දින උදැසන 8.30 සිට 10.30 දක්වා විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේ දී පැවැත්වේ.
මෙම වැඩසටහන සඳහා එම ශ්‍රේණි වල ඉගෙනුම ලබන දරුවන්ගේ දෙමාපියන් ද සහභාගි විය යුතු අතර අප දරුවන්ගේ ආකල්ප සංවර්ධනය කර යහපත් දරු පරපුරක් බිහිකිරීමට දායක වන ලෙස සි්‍යළුම දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිමු.(දෙමාපියන් සුදු වතින් සැරසි පැමිණිය යුතු බව කාරුණිකව සළකන්න)

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

අවසරපත් ලබාගැනීම

රටේ පවතින ආරක්ෂක තත්වය හේතුවෙන් සුමේධ විදුහලට ඇතුළුවීමට අවසර ලබා දෙනු ලබන්නේ නියමිත අවසර පත්‍ර (Pass) හිමි අයවලුන් සඳහා පමණි. අවසර පත්‍ර ලබා ගැනීම සඳහා ලියාපදිංචි කිරීම මැයි 29වන දින දක්වා සිදු කෙරේ. ඒ සඳහා තම ජාතික හැඳුනුම්පත ද රැගෙන සතියේ දිනවල උදැසන 8.00 සිට සවස 2.00 දක්වා කාලය තුල පාසලට පැමිණ ලියාපදිංචි වීම සඳහා අවශ්‍ය තොරතුරු ලබා දීමට කටයුතු කරන්න. ඔබ ලබා දුන් තොරතුරුවල නිරවද්‍යතාවය පරික්ෂා කිරිමෙන් අනතුරුව අදාල අවසර පත්‍ර තම දරුවාගේ පන්තිභාර ගුරුතුමා/තුමිය මඟින් සවස 1.30ත් 2.30ත් අතර කාලය තුල ඔබගේ අනන්‍යතාවය තහවුරු කොට ලබා ගත හැකිය.

එක් අවසරපත්‍රයක් නිකුත් කිරීම සඳහා රු.50/=ක මුදලක් අය කරන බව සළකන්න.


  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

විශේෂ දෙමාපිය හමුවක්..

හිතවත් දෙමාපියනි, 

දෙමාපියන් කිහිප දෙනෙක් දුරකතනයෙන් සහ සමාජ මාධ්‍ය ඔස්සේ මා අමතා, පාසලට පොලිස් ආරක්ෂාව ලබා ගන්නා ලෙස ඉල්ලා සිටියා. ඒ අනුව මා අද උදැසන ගම්පහ පොලීසියේ උසස් නිළධාරියකු සමඟ මේ සම්බන්ධව සාකච්ඡා කරනු ලැබුවා.

එහිදි එතුමා මා සමඟ පවසා සිටියේ ගම්පහ පොලීස් බල ප්‍රදේශයේ දෛනික  රජකාරි කටයුතු සඳහා අවම වශයෙන් පොලිස් නිළධාරීන් 185කගේ වත් සේවය අවශ්‍ය නමුත් දැනට ⁣සේවය කරනු ලබන්නේ පොලිස් නිළධාරීන් 100කටත් අඩු ප්‍රමාණයක් බවයි. ඒ අතුරින් නිළධාරීන් දෙතුන් දෙනෙක් අසනීප නිවාඩු ලබා ගන්නා බවත්, උසාවි කටයුතු සඳහා නිළධාරීන් හය හත් දෙනෙක්වත් අනුයුක්ත කිරීම⁣ට සිදුවන බවත්,  හදිසියෙවත් දේශපාලඥයක් ආවොත් එතුමාගේ ආරක්ෂාවට නිළධාරීන් හතර පස් දෙනෙක් යවන්න වන බවත්, හදිසි අනතුරක් වුනොත් එතනට නිළධාරීන් දෙදෙනෙකුවත් යවන්න වන බවත් සඳහන් කරමින් පාසල් වලට වෙනම පොලිස් ආරක්ෂාව ලබා දිමට ප්‍රයෝගික ගැටළුවක් ඇති බව පැහැදිලිවම ප්‍රකාශ කරනු ලැබුවා.

ඒ අනුව පොලිසිය සහ ත්‍රිවිධ හමුදා යටතේ මග තොට ආරක්ෂා සැලසෙන බැවින්,  පාසලේ දී දරුවන්ගේ ආරක්ෂාව අප විසින් සලසා දිය යුතු බව ඔබ සැම තේරුම් ගත යුතුය. 

මෙම තත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා සුමේධ කළමණාකාරිත්වය සහ ශිෂ්‍ය සුභසාධක සංගමයේ දෙමාපියන් අතර විශේෂ හමුවක් හෙට (27) සවස 2ට සුමේධ විදුහලේ දී පැවැත්වේ. දරුවන්ගේ සහ පාසලේ ආරක්ෂාව සම්බන්ධව හැඟීමක් ඇති දෙමාපියන්ට ද මේ සඳහා සහභාගි වී තම අදහස් සහ යෝජනා ඉදිරිපත් කරන ලෙස කාරුණිකව ඉල්ලා සි⁣ටිමි.

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

පාසලේ ආරක්ෂාව තවදුරටත් තහවුරු කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක්...

අප පාසලේ දරුවන් සහ පාසලේ ආරක්ෂාව තවදුරටත් තහවුරු කිරීම සඳහා පහත සඳහන් ක්‍රියාමාර්ග ගැනීමට සිදු වී ඇත.

◼️පුද්ගලික වාහන පාසල් පරිශ්‍රයට ඇතුල් කිරීමට අවසර දෙනු නොලැබේ. පුද්ගලික වාහන ගාල් කිරීමට පාසල් පරිශ්‍රයට පිටතින් ඇති රථගාල් භාවිතා කළ හැකි අතර ඒ සඳහා නිසි අවසර පත්‍ර (Vehicle Pass) ලබා තිබීම අනිවාර්ය වේ.

◼️තුිරෝද රථ පාසල් පරිශ්‍රයට ඇතුල් කිරීමට අවසර දෙනු නොලැබේ.

◼️නිසි අවසර පත්‍ර (Vehicle Pass) ලබා ඇති පාසල් ළමුන් ප්‍රවාහන කරන වෑන් රථ, පාසල් පරිශ්‍රයට ඇතුල් කිරීමට අවසර දෙනු ලැබේ.

◼️අවසර පත්‍ර (Vehicle Pass) හිමි යතුරුපැදි පාසල් පරිශ්‍රයට ඇතුල් කිරීමට අවසර දෙනු ලැබේ.

◼️ඉහත වැඩපිළිවෙළ පාසල් දිනවල උදැසන 5 සිට සවස 5 දක්වා ක්‍රියාත්මකයි.

◼️සියලුම වාහන රාත්‍රී 8ට පෙර පාසල් පරිශ්‍රයෙන් ඉවත් කර ගත යුතුය.

දරුවන්ගේ සහ පාසලේ ආරක්ෂාව තහවුරු කිරීමට ගෙන ඇති ඉහත ක්‍රියාමාර්ග සඳහා ඔබ සැමගේ පූර්ණ සහයෝගය ලබා දෙන මෙන් ඉල්ලා සිටිමු.

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

සුමේධ ටෙනිස් (Tennis) කී‍්‍රඩාංගණය

තරුණ සංවර්ධන මධ්‍යස්ථානයේ තවත් පියවරක්.

සුමේධ ටෙනිස් (Tennis) කී‍්‍රඩාංගණය

ජාත්‍යන්තර මට්ටමට සකසා ඇති ටෙනිස් කී‍්‍රඩාංගනය පහත සඳහන් අන්දමට අප දරුවන්ට සහ ජනතාවට ලබා දීමට බලාපොරොත්තු වේ.

පුහුණුකරු
දිවයිනේ ඉතා ජනප‍්‍රිය, ප‍්‍රවීන පුහුණුකරුවෙකු වන ප‍්‍රගීත් පොල්ගම්පොළ මහතා (077 5524 829) තරුණ සංවර්ධන මධ්‍යස්ථානයේ ටෙනිස් පුහුණුකරු ලෙස පත්කර ඇත.

සුමේධ දරුවන්ට පුහුණු සැසි
සෑම බ‍්‍රහස්පතින්දා දිනකම සුමේධ ප‍්‍රාථමික දරුවනට ප.ව. 2.00 සිට ප.ව. 4.00 දක්වා ද සුමේධ ද්විතියික දරුවනට ප.ව. 4.00 සිට ප.ව. 6.00 දක්වා ද පුහුණු සැසි වාර දෙකක් පැවැත් වේ.

පාසල්  වාරයක් තුළ පුහුණු සැසි වාර 12ක් පවත්වන අතර සැසි වාර 12ටම අයකිරීම රු. 4000කි. බ‍්‍රහස්පතින්දා සාමාන්‍ය නිවාඩු දිනයක් වුවහොත් පුහුණු සැසිවාර පවත්වන අතර, පොහෝ දිනයක් වුවහොත් පමණක් අමතර සැසි වාරයක් පැවැත් වේ.

සති අග නිවාඩු දිනවල සුමේධ දරුවනට පුහුණු සැසි
ඉරු දින පෙ.ව. 7.00 සිට දහවල් 12.00 අතර පුහුණු සැසි වාර නොපවත්වන අතර අනෙකුත්  ඕනෑම වේලාවක පුහුණු කරුට, දෙමාපියනට සහ දරුවනට පහසු වන අන්දමට  පැය දෙකේ පුහුණු සැසිවාර පැවැත්වීමට හැකිය.

සුමේධ 1, 2 ශ්‍රේණි  දරුවනට පැය දෙකක සැසි වාරයකට රු. 400ක් ද 3, 4, 5 ශ්‍රේණි දරුවනට පැය දෙකකට රු. 500ක් ද අයකරනු ලැබේ. සුමේධ ද්විතියික අංශයේ දරුවනට පැය දෙකකට රු. 600ක් අයකරනු ලැබේ.

සති අග නිවාඩු දිනවල සුමේධ නොවන දරුවනට පුහුණු සැසි
1, 2 ශ්‍රේණි  දරුවනට පැය දෙකක සැසිවාරයකට රු. 550ක් ද 3, 4, 5 ශ්‍රේණි දරුවනට පැය දෙකකට රු. 650ක් ද අයකරනු ලැබේ. 5 ශ්‍රේණියෙන් ඉහළ පාසල් දරුවනට පැය දෙකකට රු. 750ක් අයකරනු ලැබේ.

වැඩිහිටියන්ට පුහුණු සැසිවාර සහ ටෙනිස් කී‍්‍රඩාවට කී‍්‍රඩාංගණයට අයකිරීම්
ඉහත සඳහන් ලෙස දරුවනට ටෙනිස් කී‍්‍රඩා පුහුණු සංචිත පැවැත්වීමට අප බලාපොරොත්තු වන අතර වැඩිහිටියනට දහවල් කාලයේ සහ රාත‍්‍රියේදී පුහුණු සැසිවාර පැවැත්වීමට ද ටෙනිස් කී‍්‍රඩා කිරීමට  අප කී‍්‍රඩාංගණය ලබා දීමට ද බලාපොරොත්තුවන අතර, කරුණාකර වැඩි විස්තර අප පුහුණුකරුගෙන් දැනගන්න.

මෙයට සුමේධ කළමණාකාරීත්වය

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

2020 වර්ෂය සඳහා සුමේධ විද්‍යාලයීය පළමු ශ්‍රේණියට අයදුම්පත් නිකුත් කිරීම

2020 වර්ෂය සඳහා සුමේධ විද්යාලයීය පළමු ශ්රේණියට අයදුම්පත් නිකුත් කිරීම 2019 මැයි මස 11වන දින උදැසන 7.12ට යෙදෙන සුභ මොහොතින් ආරම්භ කරනු ලැබේ...


  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

වාරික මුදල් නොගෙවූ දෙමාපියන් වෙත,


වාරික මුදල් නොගෙවූ දෙමාපියන් වෙත,

නැවත මතක්කර දීමකි

ඔබ දරුවාගේ වාරික මුදල් නොගෙවීම හේතුවෙන් පාසලේ සංවර්ධනයට සිදුවන හානිය, කෙතරම් බැගෑපත්ව වටහා දුන්න ද වාර ගාස්තු නොගෙවන දෙමවිපියන් රැසක් තවමත් සිටීම ඉමහත් ගැටුලූවක් වී ඇත.
පාසලේ සංවර්ධනයත්, දීර්ඝකාලීන පැවැත්මත් උදෙසා, අකමැත්තෙන් වුවද වාරික ගාස්තු නොගෙවන දරුවන් පිළිබඳව අපහට පහත සඳහන් කි‍්‍රයාමාර්ග ගැනීමට සිදුවී ඇති බව  කණගාටුවෙන් දන්වා සිටිමු.
◼️ දඩ මුදල් ගෙවීම් එලෙසම කි‍්‍රයාත්මක කිරීම.
◼️ බාහිර කි‍්‍රයාකාරකම්වලට මුදල් ගෙවා තිබුණ ද වාරික ගාස්තු නොගෙවූ දරුවන්ට කිසිදු බාහිර කි‍්‍රයාකාරකමකට හෝ කී‍්‍රඩාවකට සහභාගී වීමට අවසර නොදීම.
◼️ දෙවන වාරය ආරම්භකර පළමු මාසය ඇතුළත වාරික මුදල් ගෙවා නොමැති දරුවන්ට පන්ති තහනම් කිරීම.

දිවයිනේ අනෙක් මුදල් අයකරන පාසල්වල වාරික මුදල් නොගෙවන දරුවන්හට ඉතා දැඩි නීති පනවා අතර ඉන් කිහිපයක් පහත දැක්වේ.
◼️ විභාගවලට පෙනී සිටීමට අවසර නොදීම.
◼️ ගේට්ටුවේන් ඇතුළු වීමට අවසර නොදීම.
◼️ පාසලෙන් ඉවත් කිරීම.

මෙවැනි දැඩි කි‍්‍රයාමාර්ග අප පාසලේ තවමත් පනවා නැති අතර ඉහත සඳහන් කළ කරුණු පිළිබඳ සැලකිලිමත් නොවුනහොත් පාසලේ අභිවෘද්ධිය තකා එවැනි දැඩි නීති පැණවීමට වුවද අපහට සිදුවෙන බව කරුණාවෙන් මතක්කර සිටිමු.


  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

නිර්නාමික ලිපියකට පිළිතුරු

ගම්පහ සුමේධ විද්‍යාලය පිළිබඳවයි
රංජිත් කුරුප්පු, ආනන්ද මාවත, යක්කල යන නමින්, සුමේධ පාසල පහත් ලෙස විවේචනයකට ලක්කොට, එම ලිපියේ පිටපත් බලධාරීන් කිහිප දෙනෙකුට ද යවා ඇති බව ලිපියෙහි සඳහන් කර විදුහල්පතිතුමියට ලිපියක් යොමුකර ඇත. එම ලිපිය (පහතින් අමුණා ඇත) සහ එයට ලබා දුන් පිළිතුරු පාසැල් දැන්වීම් පුවරුවල, සුමේධ වෙබ් අඩවියේ (www.ydc.lk) මාගේ පුද්ගලික සහ සුමේධ මුහුණු පොත් තුළින් ඔබ හට දැන ගැනීමට හැකිය.
YDC ප්‍රධාන කාර්යාලය විසින් මා දැනුවත් කරුනු ලැබුවේ, ඉහත නම සඳහන් පියෙක් සුමේධ විදුහලේ නොමැති බවය. තවද ආනන්ද මාවත භාර ග්‍රාමසේවක මහතාගෙන් ලබාගත් තොරතුරු අනුව එවැනි පුද්ගලයෙක් ආනන්ද මාවතේ ද නොමැතිය.
මෙලෙස පාසල ගැන වැරැදි වැටහීම් ඇති දෙමාපියන් පිළිබඳ අපහට සැමවිටම ආරංචි ලැඛෙන අතර වත්මනවන විටත් මෙම ලිපියට මුල පිරූ තැනැත්තා පිළිබඳව අපහට පැහැදිලි ඉඟියක් ලැබී ඇත.
එම ලිපියෙහි සඳහන්ව තිබුණේ ඒකාබද්ධ දෙමාපිය සංගමය යනුවෙණි. නමුත් අප පාසල අනුමතකර ඇති, දෙමවිපියන්ගෙන් සැදුම්ලත් එකම දෙමාපිය සංගමය වන්නේ ශිෂ්‍ය සුබ සාධක සංගමය පමණි.
ශිෂ්‍ය සුබ සාධක සංගමයට අමතරව පිහිටුවා ඇති වෙනත් කිසිඳු දෙමාපිය එකමුතුවකට පාසලේ ගුරුවරු සහ කළමණාකාරීත්වය පිළිතුරු නොදෙනු ඇත. තවද එවැනි සංගම් පිහිටුවීමට අනුබලදෙන සහ සාමාජිකත්වය ගන්නා දෙමාපියන් ගැන පැහැදිලි අප්‍රසාදයක් අප ප්‍රසිද්ධියේ පලකර සිටින්නෙමු.
මෙලෙස වෙනත් දෙමාපිය එකමුතුවලට අප විරුද්ධ වන්නේ, වෙන කිසිම කරුණක් නිසා නොව සංගම් කීපයක් නිසා විවිධ මත භේද තුළින් දෙමාපියන් බේද බින්න වුවහොත් එය පාසලේ දීර්ඝකාලීන උන්නතියට විශාල බාධාවක්වන නිසාය.
මීට ඉහත 1,2,3 ශ්‍රේණියේ ගොඩනැගිල්ල සම්බන්ධයෙන් අසත්‍ය චෝදනා නිසා අප විදුහලට මුදලින් මිලියනයක පමණ පාඩුවක් සිදු වූ අතර ගුරු මණ්ඩලයට සහ කළමණාකාරීත්වයට එම ගැටලූව විසඳීමට මාස දෙකකට වැඩි කාලයක් මිඩංගු කිරීමට ද සිදුවිය.
එම ලිපියෙන් උත්සාහ දරා ඇත්තේ් ශීඝ්‍ර ලෙස දියුණු කරන මෙම ආයතනයේ ක්‍රියාදාමයන් අඩපන කර සමස්ථ දරු කැලගේ පරිපූර්ණ අධ්‍යාපනයට බාධා පමුණුවීමටය. මෙලෙස ක්‍රියාකරන පුද්ගලයන්ගේ තොරතුරු සනාථ වූ සැනින්, නම් ගම් සහිතව සියලූම සුමේධ දෙමාපියන්ට, පාසලේ අභිවෘද්ධියට සුබ පතන්නන්ට සහ බලධාරීන්ට අනිවාර්යයෙන්ම දැනුම් දීමට අප බලාපොරොත්තු වෙමු.
මෙලෙස නිර්නාමික ලිපි මඟින් සුමේධ විදුහලට නිගරු කරන සුළුතරයක් පිරිස සම්බන්ධයෙන් මාගේ බලවත් කණගාටුව ප්‍රකාශ කරන අතර අප යන ජාතික ගමන වටහාගත්, පාසලට ආදරය ඇති දෙමාපියන් විශාල පිරිසක් අපත් සමඟ සිටින බවත් සතුටින් මතක් කර සිටිමු.
සුමේධ විදුහල ආධාර නොලබන රජය අනුමත පාසලකි. පාසලේ දරුවන්ගෙන් ලැඛෙන මුදල්වලට අමතරව වෙනත් කිසිදු ආදායමක් අපහට නොමැත. ගුරු වැටුප් ද සම්පූර්ණයෙන්ම ගෙවනු ලබන්නේ අප විසින්මය. පාසලට ආයෝජනය කර ඇති රු. බිලියනයකට වඩා මුදලිින් 60්‍% ක් පමණ කළමණාකාරීත්වයේ පුද්ගලික මුදල්වන අතර දෙමාපියන් දායක වී ඇත්තේ සම්පූර්ණ ආයෝජනයෙන් 40්‍%ක් පමණි.
වයස අවුරුදු 76ක් වන මාගේ පෞද්ගලික ධනයෙන්, මාගේ දරුවන් හා මුණුබුරන් සමඟ ඉතා සුඛෝපබෝගීව ජීවත් විය හැකි නමුත් මා විවිධ වර්ගයේ මිල අධික මෝටර් රථ භාවිතා කරමින්, විදේශ සංචාරවල යෙදෙමින් අධික ලෙස මුදල් නාස්තිකර විනෝද නොවෙයි. මාගේ එකම සතුට වී ඇත්තේ ඉතා සරලව ජීවත් වෙමින් තරුණ සංවර්ධන මධ්‍යස්ථානයේ අභිවෘද්ධිය වෙනුවෙන් හැකි උපරිමයෙන් මාගේ කාලය (දවසට පැය 15කට අධික) කැප කිරීමය. එබැවින් මෙම මධ්‍යස්ථානය පවත්වාගෙන යන්නේ අප රටේ දරුවන් සෑම අතින්ම පරිපූර්ණ අධ්‍යාපනයකින් ඉහළ මට්ටමකට රැගෙන යෑමට ඇති බලවත් උවමනාව නිසාය. ඒ සඳහා අප විසින් පාසලට සිදුකරන ආයෝජන සහ කැපවීම ගැන සොයා බැලූවහොත් ඔබ පාසලට සිදුකරන ගෙවීම්වලට සුමේධය සාධාරණයක් සිදුකරනබව හොඳින් වැටහේ.
මෙම ලිපිය එවූ තැනැත්තා අප මධ්‍යස්ථානයේ සංකල්ප ගැනවත්, කළමණාකාරීත්වයේ කැපවීම ගැනවත් නොදන්නා පාසලේ සිදුකෙරෙන වැඩ පිළිවෙලවල් සම්බන්ධයෙන් කිසිඳු දැනුමක් නැති පුද්ගලයෙක් බව ද රට දැය ගැන හැඟිමක් නොමැති, තමන් හා තම දරුවන් ගැන පමණක් සිතන පටු අදහස්වලින් පිරුණු පුද්ගලයෙකු බව අපට හැඟේ.

පහත සඳහන්ව ඇත්තේ ඔහු විසින් ඉදිරිපත් කළ චෝදනා හා ඒවාට අප විසින් ලබා දුන් පිළිතුරුය.
1. Semi Government වුවත් වාරික මුදල්වල කිසිදු වෙනසක් සිදු වී නොමැත.
අප ආධාර නොලබන රජය අනුමත පෞද්ගලික පාසලකි. Holy cross, St-Peter's වැනි පාසල් රජයේ ආධාර ලබන semi government පාසල්වන අතර එම පාසල්වල ගුරුවරුන්ට රජයෙන් වැටුප් ගෙවනු ලබයි. එම පාසල්වලට රජයේ cadre එකට අමතරව ගුරුවරුන් බඳවා ගැනීම කළ නොහැක. සුමේධය ඉහත සඳහන් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නීතිවලට යටත් නැති නිසා නූතන දරුවන්ට අවශ්‍ය පරිපූර්ණ අධ්‍යපනයට සුදුසු ගුරු මණ්ඩලයක් සකසා ගැනීමට හැකි වී ඇත. රජයේ පාසල්වල දරු ගුරු අනුපාතය 35:1 වන අතර, සුමේධයෙහි 17:1 කි.
රජයේ විෂය මාලාව අකුරටම පිළිපැදියහොත් වැඩිපුර ඉංග්‍රීසි, ලලිත කලා සහ ක්‍රීඩා ප්‍රාථමික දරුවන් වෙනුවෙන් කළ නොහැකි වනු ඇත. දෙමවිපියන්ට හැකි තරම් ආර්ථීක සහන ලබා දීමට අප සැමවිටම වෙර දරයි. එහි ප්‍රතිඵලයක් වශයෙන් අධ්‍යාපන දෙපාර්තමේන්තුව සමග සාකච්ඡාකොට දැනටමත් පොත්, නිල ඇඳුම් ලබා දීම කර ඇත. අනාගතයේදී ගුරු වැටුප්වලින් කොටසක් සහ වෙනත් ක්‍රමවලින් ආර්ථීක සහන පාසලට ලබා ගත හැකි වුවහොත් දරුවන්ගේ අයකිරීම් ලිහිල් කිරීමට අපහට හැකිවනු ඇත.
2. සවස පවත්වන අමතර පන්ති ස`දහා රු. 1000 ක මුදලක් අයකරනවා.
සවස් කාලයේ පවත්වන අමතර පන්ති හේතුවෙන් ගුරුවරුන්ට, සහයක සහායිකාවන්ට, වතුර , විදුලිය සහ පිරිසිදු කිරීම් වලට අමතර මුදලක් වැය වේ. ඒ සඳහා රු. 1000ක මුදලක් දරුවන්ගෙන් අයකිරීමට සිදු වී ඇත
3. දරුවනට ගෙදර වැඩ ප්‍රමාණය වැඩිය.
දරුවකුගේ අධ්‍යාපනය සාර්ථක කර ගැනීමට ඔවුන් ගෙදරදී සිදු කරන පුනරීක්ෂන අනිවාර්යයෙන් බලපාන අතර දරුවන් වැඩි වැඩියෙන් ගෙදර වැඩ කිරීමෙහි කිසඳු වරදක් නොමැත.
4. සුදුසුකම් නොලත්, නුපුහුණු ගුරුවරු ඉගැන්වීම් සිදු කරනවා.
අප පාසලේ ද්විතිය අංශයේ ගුරුවරු වැඩි දෙනෙකු උපාධිධාරිණියන්ය. ලංකාවේ හොඳම ප්‍රාථමික පාසල බවට පත්වූයේද අප පාසලයි. මෙයින් අපගේ ගුරු මණ්ඩලයේ ඉගැන්වීමේ කෞශල්‍ය මනාව පැහැදිලි වේ.
5. ලක්මව පුවත්පත මිල දී ගැනීමට බල කරනවා
එක් දරුවෙකුට වඩා පාසලේ සිටින පවුලකට පුවත්පත් එකකට වඩා ගැනීමට සිදුවීම අප සිදුකළ වරදක්බව පිළිගනිමු. එය ගැන කණගාටුවන අතර මින් ඉදිරියට එක් දරුවෙකුට වඩා පාසලේ සිටිනවා නම්, එක පුවත්පතක් මුදල් නොගෙවා ලබා ගැනීමට හැකි වැඩ පිළිවෙළක් දියත් කිරීමට බලාපොරොත්තුවන අතර එම වැඩ පිළිවෙලේ විස්තර දරුවන් එක්කෙනෙකුට වඩා සිටින දෙමාපියන්හට කාර්යාලයෙන් දැනගත හැක.
6. වාර්ෂික පොළ කළමණාකාරීත්වය මුදල් උපයන මාර්ගයකි.
මෙම ලිපිය එවූ තැනැත්තා අනිවාර්යයෙන්ම පාසලේ සිදුවනු කරුණු පිළිබඳ එතරම් දැනුමක් නැති අයෙකි. වාර්ෂික පොළ පවත්වන්නේ ශිෂ්‍ය සුබ සාධක සංගමයේ අරමුදල් තරකර ගැනීමටය. කළමණාකාරීත්වයට එයින් කිසිදු මුදලක් නොලැඛෙන අතර එයින් ලැඛෙන මුළු ආදායම නැවත සමස්ථ දරු කැලට නොයෙකුත් මාර්ගවලින් ලබා දෙනු ඇත.
7. කළමණාකාරිත්වය විවිධ මාර්ගවලින් මුදල් උපයයි.
සුමේධ විදුහල දරුවෙකුට අවශ්‍ය පරිපූර්ණ අධ්‍යාපනයක් ලබා දෙයි. විවිධ උත්සව, ලේ දන් දීම්, ගොඩනැගිලි විවෘත කිරීම් යනාදිය ද දරුවෙකුට ලබා දිය හැකි පරිපූර්ණ අධ්‍යාපනයේම කොටස් ලෙස සඳහන් කළ හැකිය. දරුවන් පාසලට බදවා ගැනීමේ දී දෙමාපියන් සහතික කරන පොරොන්දු පත්‍රයෙහි වාර ගාස්තුවට අමතරව විවිධ කරුණුවලට දරුවන්ගෙන් මුදල් අය කිරීමට සිදුවන බව සඳහන්ව ඇත. යම් දෙමව්පියෙකුට එලෙස අමතරව මුදලක් තම දරුවාගේ බාහිර කටයුතුවලට වෙන් කිරීමට තරම් ආර්ථීක ශක්තියක් නොමැති නම්, සුමේධ විදුහලට තම දරුවන් ඇතුළත් නොකරන ලෙස ද එහි පැහැදිලිව සඳහන් කොට ඇත. එබැවින් මෙම ලිපිය එවූ තැනැත්තා අවම වශයෙන් එම පොරොන්දු පත්‍රය කියවා වටහාගෙන නැතිබව පෙනේ.
8. වැසිකිළි ප්‍රමාණවත් නොවීම.
අප පාසලේ පමණක් නොව සියලූම පාසල්වල මෙම ගැටලූව ඇත. අප පාසලේ දරුවන්ට අවශ්‍ය වැසිකිළිි ප්‍රමාණයක් ඇති අතර එම වැසිකිළි පිරිසිදුව තබා ගැනීමටත් අවශ්‍ය සේවකයින් වැඩි කිරීමටත් පොරොන්දු වෙමු.
9. ආපන ශාලාව අපිරිසිදුය.
මෙම කරුණෙහි යම්තාක් දුරට සත්‍යක් ඇත. එයට හේතුව ආපනශාලවේ ඉඩකඩ ප්‍රමාණවත් නොවීමය. ආපනශාලාව අවට ඇති යාබද කාමර එකතුකර, සම්පූර්ණ නවීකරණයකොට ලබන වාරයවන විට විධිමත්ව පවත්වාගෙන යෑමට අපි බලාපොරොත්තු වෙමු.
10. ප්‍රමාණවත් ජලය පානය කිරීමට දරුවනට ඉඩ දෙන්නේ නැත.
මෙයින් පෙනී යන්නේ මෙම ලිපිය එවූ තැනැත්තා අවම වශයෙන් මා විසින් දරුවන්ට සහ දෙමාපියනට පවත්වන දේශනයකටවත් සවන් දී නොමැති බවයි. අප සැම විටම ජලය පානය කිරීමට දිරි ගන්වයි. මෙම වැරදි වැටහීමට හේතුව විය හැක්කේ දරුවනට වතුර බෝතලය පන්ති කාමරය ඇතුළතට රැගෙන ඒමට නොදීම විය හැකිය. පන්තිකාමරය තුළට වතුර බෝතලය රැගෙන ඒමට ඉඩ දුනහොත් දරුවන් ජලය බිම හළාගෙන අනතුරු සිදුකරගත හැකිය. දරුවන් ලිස්සා එවැනි අනතුරු කීපයක් මීට පෙර සිදු වී ඇත. එබැවින් පන්තිකාමරයෙන් පිටතට ගොස් බෝතලයෙන් ජලය පානය කිරීමට අපි දරුවන්ව දිරි ගන්වන්නෙමු.
11. විවේක කාලය කෙටිය.
පෙ.ව. 7.30 සිට ප.ව. 1.30 දක්වා පවත්වන සෑම පාසලකම ලබා දිය හැක්කේ කෙටි විවේක කාලයකි.
12. පාසල් තුළ වෙළඳසැල් පවත්වාගෙන යෑම.
සුමේධ විදුහල ගම්පහ තරුණ සංවර්ධන මධ්‍යස්ථානයේ එක් කොටසක් පමණි. තවත් කොටස් රැසක් අප සතුව ඇත. ඒවා නම් පෙර පාසල, ලක්මව පුවත්පත, ක්‍රීඩාගාර, පිිහිනුම් තටාකය, වෙළඳසැල් යනාදිය වේ. වෙළඳසැල්වලින් ලැඛෙන ආදායම සුමේධ විදුහල ඇතුළු සමස්ත මධ්‍යස්ථානය දියුණු කිරීමට අප ආයෝජනය කරන්නෙමු.
13. වාහන වැඩිය.
කරුණු කාරණා ගැන නිවැරදි අවබෝධයක් නොමැතිව මෙලෙස අදහස් ප්‍රකාශ කළ මහතාට අප පවසන්නේ වාහන තදබදයට අප යොදා ඇති පිළියම් ගැන ඔබ දැනුවත් නැතිද යන්නය. මෙතරම් රථ ගාල් ප්‍රමාණයක් ඇති, වාහන හැසිරවීමට නිලධාරීන් ඇති වෙන කිසිම පාසලක් නොමැති තරම්ය. රථ වාහන ගේට්ටුවෙන් ඇතුළට නොගෙන සිටියහොත් විශාකා පාර ඇතුළු අවට පාරවල්වල වාහන තද බදය තවත් වැඩිවන බැවින් අප එලෙස
ක්‍රීයා කරයි.
මෙලෙස ලිපි යොමු කරන පිරිස් සම්බන්ධයෙන් අප ඉතා විමසිල්ලෙන් සිටින බව අවධාරණය කරමු. මෙම කරුණ සම්බන්ධයෙන් අධ්‍යාපනික දෙපාර්තමේන්තුව ඇතුළු අනෙකුත් බලධාරීන් නගන ප්‍රශ්නවලට පිළිතුරු දීමට අප කිසිසේත් නොපැකිලේ. ඒ මන්දයත් අපගේ හෘද සාක්ෂියට අනුව අප ගෙන යන මෙම සත් ක්‍රියාවල කිසිඳු කළු පැල්ලමක් නොමැති වීමය. සුමේධ දරුවෙකුගේ දෙමාපියෙක්වන ඔබ, අප සිදුකරන වැඩ පිළිවෙලවල්වලට අකමැතිනම් කරුණාකර ඔබ කැමැති ආකාරයේ පාසලකට ඔබේ දරුවාව යොමු කරන්න. එසේ නොකොට ඔබ මෙම පාසල යන මඟ වෙනස් කිරීමට විවිධ බලවේග දියත් කළ ද නොසැලෙන ශක්තියෙන් ඒවාට මුහුණ දීමට අපට හැකි බව ද නැවතත් මතක් කිරීමට කැමැත්තෙමු.
අවසානයේදී පාසලේ යම් දුර්වලකමක් තිබේ නම් දෙමවිපියන් කළ යුත්තේ කරුණාකර කළමණාකාරීත්වය, විදුහල්පතිතුමිය සහ ශිෂ්‍ය සුබසාධක සංගමය හමු වී විසදාගන්නවා විනා බලධාරීන්ට පැමිණිලි කිරීම නොවන බව මතක් කර දෙමු.
කළමණාකාරීත්වය වෙනුවෙන් වෛද්‍ය විජේසිංහ.
පහත දැක්වෙන්නේ එම නිර්නාමික ලිපියයි.







  • Left
  • Center
  • Right
Remove
click to add a caption

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

Tennis ක්‍රීඩාව හඳුන්වා දීම


Tennis කී‍්‍රඩාව
සුමේධ දරුවනට Tennis කී‍්‍රඩාව හඳුන්වා දීමට අවශ්‍ය යටිතල පහසුකම් කඩිනමින් නිමවමින් පවතී. ජාත්‍යාන්තරයේ බැබලීමට හැකි දරුවෙකු බවට ඔබ දරුවා පත් කිරීමට, මෙම කී‍්‍රඩාව ඉතා වැදගත් බව පළමුව දන්වමු. එබැවින් මෙම කී‍්‍රඩාව අදියර දෙකකින් සුමේධ විදුහලේ ආරම්භ කිරීමට අප බලාපොරොත්තු වෙමු.

පළවෙනි අදියර - Junior Tennis
පාසලේ බාස්කට් බෝල් කී‍්‍රඩාංගනය තුළ Junior Tennis කී‍්‍රඩාව ජනවාරි මස 24 වෙනිදා සිට ආරම්භ කිරීමට අප බලාපොරොත්තු වෙමු. වයස 10න් පහළ (1-5 ශේ‍ර්ණි) ගැහැණු සහ පිරිමි දරුවන් හට Junior Tennis පුහුණු සැසි පාසැල් වේලාවෙන් පසු සෑම බ‍්‍රහස්පතින්දා දිනකම සවස 2.00 සිට 4.00 දක්වා පවත්වනු ලැබේ.

අප පාසලේ Tennis කී‍්‍රඩා උපදේශක වශයෙන් ජ්‍යෙෂ්ඨ ටෙනිස් පුහුණුකරුවකු වන ප‍්‍රගීත් පොල්ගම්පොළ මහතා (077- 5524829) මහතා කටයුතු කරන අතර දෙමව්පියනට අවශ්‍යනම්, ඔහුට සෘජුව කතා කර විස්තර දැන ගැනීමට හැකිය.

2019 පළවෙනි වාරය තුළ දරුවනගෙන් මුදල් අය නොකරන අතර, දෙවන වාරයේ සිට මුදල් අය කිරීමට බලාපොරොත්තු වෙමු.
ඔබ දරුවා ටෙනිස් කී‍්‍රඩාවට යොමු කිරීමට කැමති නම්, YDC කාර්යාලයේ හිරුණි මෙන්ඩිස් නිලධාරිනියට ඔබගේ දරුවාගේ නම ලබා දෙන්න.

දෙවන අදියර
2019 මාර්තු මස වන විට අප විද්‍යාලයේ ටෙනිස් ක්‍රීඩා පිටියේ වැඩ නිම කිරීමට බලාපොරොත්තු වන අතර ඉන් පසුව පාසලේ ද්විතීක අංශයේ දරුවනට ද ටෙනිස් කී‍්‍රඩාව ආරම්භ කිරීම අපගේ බලාපොරොත්තුවයි.

ස්තුතියි

සභාපති,
විල්ෆ්‍රඩ් විජේසිංහ



  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

2019 6 ශ්‍රේණිය දරුවන්ගේ දෙමාපියන් වෙත,

2019 6 ශ්‍රේණිය දරුවන්ගේ දෙමාපියන් වෙත,

5 ශිෂ්‍යත්වය සමත් දරුවන් කිහිප දෙනෙකු ඉල්ලුම් කල ඇති රජයේ පාසල තවම ලැබි නැති බැවින් එම දරුවන් තවමත් අප විදුහලේ රැඳි සිටි. එම ප්‍රමාණය නිශ්චිතව සංගණනය කරගැනීමට නොහැකිවීම නිසා 6 ශ්‍රේණිය පන්ති සකස් කිරීමට සහ පන්තිවලට දරුවන් බෙදීමට යම් ගැටළුකාරි තත්වයක් මතුවී ඇත.


මෙම ගැටළුව සළකා එම දරුවන්ට ජනවාරි 24වන තෙක් පාසලේ රැඳි සිටිමට සුමේධ කළමණාකාරිත්වය විසින් තීරණය කර ඇත. එමෙන්ම ජනවාරි 24ට පසු රැඳි සිටන දරුවන්ගේ අනිවාර්යෙන්ම පළමු වාරයේ පාසල් ගාස්තු ගෙවිය යුතු බව කාරුණිකව සළකන්න. ජනවාරි 24ට පසු යම්කිසි දරුවකුට පාසලෙන් ඉවත්ව යාමට අවශ්‍ය නම් අදාල ලිපි ලේඛණ(අස්වීමේ සහතික, වරිත සහතික) නිකුත් කරනු ලබන්නේ ගෙවිය හිඟ පාසල් ගාස්තු ගෙවා අවසන් කිරිමෙන් පසුව බවද කාරුණිකව සළකන්න.


කළමණාකාරත්ව සමඟ සෑම කටයුක්තකදීම ඉතා සුහදව සහයෝගය ලබා දෙන සහ ලබා දුන් සියළුම දෙමාපියනට ස්තුති වන අතර පාසලෙන් නික්ම යන සියළු දුවාදරුවන් හට සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරමි.


  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS