Search This Blog

RSS

2018 සුමේධ විද්‍යාලයේ දෙවන වාර පරීක්ෂණයේ ක්‍රීඩා ඇගයීම් ලකුණු ලබා දීමේ කාලසටහන


2018 සුමේධ විද්‍යාලයේ දෙවන වාර පරීක්ෂණයේ ක්‍රීඩා ඇගයීම් ලකුණු ලබා දීමේ කාලසටහන
ක්‍රීඩාව
දිනය
වෙලාව
Badminton
2018.07.09
2018.07.10
2018.07.11
2018.07.12
2018.07.13
2.00-5.00p.m.
Scrabble

2018.07.09
2018.07.10
2.00-3.30p.m.
Cricket
2018.07.10
2018.07.11
2.00-5.00p.m.
Karate
2018.07.09
4.30-6.30p.m.
Swimming
Grade 03

Grade 02 (A,B,C,D,E,F,G)

Grade 02 (IH,I,J,K,L,M,N)

Grade 04

Grade 06-13

Grade 05

2018.07.09

2018.07.10

2018.07.11

2018.07.11

2018.07.12

2018.07.13

2.00-3.00p.m.

2.30-3.30p.m.

2.00-3.00p.m.

4.30-5.30p.m.

2.00-3.00p.m.

4.30-5.30p.m.
Basket Ball
2018.07.12
2018.07.13
2.30-4.30p.m.
5.00-7.00p.m.
Table Tennis
2018.07.09
2018.07.13
2.00-4.00p.m.
2.00-4.00p.m.
Athletic
2018.07.11
2018.07.13
2.00-5.00p.m.
2.00-5.00p.m.
Chess
2018.07.12
2.00-4.30p.m.
Gymnastic
2018.07.10
3.30-4.30p.m.

ක්‍රීඩා ඇගයීම් ලකුණු ලබා දීම මෙම දිනයන්ට පමණක් සිදු කරන බව කාරුණිකව දන්වා සිටිමු.


  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

2018 පහ ශිෂ්‍යත්වයට පෙනී සිටි සුමේධ දරුවනගේ දෙමාපියන් වෙත,

හිතවත් දෙමාපියනි,

2018 පහ ශිෂ්‍යත්වයට පෙනී සිටි සුමේධ දරුවනගේ දෙමාපියන් වෙත,

  ප‍්‍රාථමික අධ්‍යාපනයේ සිටම, ඔබ දරුවා සහ දෙමාපියන් වන ඔබද, 5 වසර ශිෂ්‍යත්වයට ඉතා වෙහෙස මහන්සිව වැඩ කළ බව අපි දනිමු.
  පහ වසර ශිෂ්‍යත්වය නිසා මානසික පීඩනයක් ලැබුණු ඔබ දරුවා හට ඉතා සැහැල්ලූවෙන්, විනෝදයෙන් ගත කිරීමට සහ ද්වීතීය අධ්‍යාපනයට ශක්තිමත් අඩිතාලමක් දැමීමට හැකිවන ලෙස 5 වසර 3 වන වාරයේ වැඩසටහන් රැසක් සුමේධ විදුහල දියත් කිරීමට බලාපොරොත්තු වේ.
  මෙම කාල වකවානුවේදී, ඔබ දරුවා හට විනෝදය සහ ළමා කාලය උපරිමව ලබා දීමට අප කටයුතු කරන අතර, විශේෂයෙන්ම උසස් අධ්‍යාපනයේ මුලික අඩිතාලම වන 6 වසර අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට අවශ්‍ය මූලධර්ම ලබා දීම, අපගේ තවත් පරමාර්ථයකි.
  නූතන ලොව, ශක්තිමත් ආර්ථිකයක් ගොඩ නගාගෙන, සාර්ථක ජීවිතයක් ගත කිරීමට, දරුවෙකු ඉංග‍්‍රීසි බස පුළුල් ලෙස දැන ගත යුතු බව අප තදින් විශ්වාස කරමු.
  තවද විද්‍යා අංශයෙන් ඉගෙනුම ලබන දරුවා, අනිවාර්යයෙන්ම සාර්ථක වැඩිහිටියෙකු කළ හැකි බවද, රටට දැයට විශිෂ්ට සේවයක් ලබා දිය හැකි බවද, පැහැදිලි නිසා, අප දරුවන් විද්‍යා, තාක්ෂණ විද්‍යා (Technology Streamසහ පරිගණක විද්‍යාවට යොමු කිරීම සැදුසු යැයි අපහට පෙනේ.
  මෙම ජාතික වගකීම සාක්ෂාත් කිරීමට, 2019 වසර වන විට සුමේධ විද්‍යාලයේ පරිගණක විද්‍යාගාර 7 (පරිගණක 200 ක් පමණ) දක්වා වැඩි වන අතර, SMART පන්තිකාමර 4ක්ද, දිවයිනේ කිසිම පාසලකට නොදෙවෙනි අංග සම්පුර්ණ තාක්ෂණික ඒකකයද, සුමේධ ද්වීතීක අධ්‍යාපනයට එකතු=වනු ඇත.

එබැවින් 5 වසර ශිෂ්‍යත්වය අවසන් කර 6 වසරට පිවීසීමට සිටින ඔබ දරුවා හට පහත සඳහන් පරිපූර්ණ අධ්‍යාපන වැඩපිළිවළ පහ වසර 3 වන වාරයේදී ලබා දීමට අප බලාපොරොත්තු වෙමු.


  • පළමු කොට අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ තුන්වන වාරයේ විෂය නිර්දේශයේ ඉතිරි ඉගැන්වීම් කටයුතු සහ අවශ්‍ය නිපුණතා සම්පූර්ණ කිරීමට කටයුතු සලසා ඇත. 
  • ඉංගී‍්‍රසි මාධ්‍ය 6 වසර ප‍්‍රවේශ වැඩසටහන=

ඉංග‍්‍රීසි බස පුළුල්ව ඉගැන්වීම, විශේෂයෙන්ම ඉංග‍්‍රීසි කථනය, උච්චාරණය, දියුණු කිරීමේ පහත සදහන් වැඩසටහන් ද දියත් කරනු ඇත. තවද, ඉංග‍්‍රීසි ගීත සහ ඉංග‍්‍රීසි නාට්‍ය තුළින් ඉංග‍්‍රීසි සාහිත්‍යයද හඳුන්වා දීමට බලාපොරොත්තු වේ.
1.    Morning assembly presentations.
2.    Grade 6 Preparatory English course book.
3.    Grade 6 Vocabulary related to Maths and Science.  විෂයයන් ඉගෙන ගැනීමට අවශ්‍ය ඉංග‍්‍රීසි වාග් මාලාව හඳුන්වා දීමට කටයුතු සලසා ඇත.
4.    Sessions to improve composition and comprehension skills.
5.    English Dramas, English Song contests=
6.    Scrabble Game.
  • සාමාන්‍ය පෙළ විද්‍යාව විෂයන්වල මූලධර්මයන්, විශේෂයෙන්ම විද්‍යාව, සෞඛ්‍ය විද්‍යාව, ගණිත මූලධර්ම, මල්ටිමීඩියා සහ පරිගණක ආධාරයෙන් ඉගැන්වීම කනිෂ්ඨ අංශයේ ඉහත සදහන් විෂයන්ට අදාළ ගුරු  මහත්ම මහත්මීන් විසින් උගන්වනු ලැබේ.
  • පාසලේ ලලිත කලා, බාහිර ක‍්‍රියාකාරකම් සහ කී‍්‍රඩා අංශ, සකසන විශේෂ වැඩසටහන් තුළින් දරුවනට විනෝදයක් සහ ආස්වාදයක් ගෙන දිය හැකි නැටුම්, ගැයුම්, විනෝද ගමන් සහ ක‍්‍රීඩා දියත් කරනු ඇත.
  • 2019 වන විට, අප දරුවනට දිවයිනේ කිසිම පාසලකට නොදෙවෙනි අංග සම්පුර්ණ ගෘහස්ථ ක‍්‍රීඩා රැුසක් කළ හැකි ගෘහස්ත ක‍්‍රීඩාංගනයක් (Multi discipline Sumedha Indoor sports stadium) ලැබෙන නිසා ද, 2019 වසර තුළ ටෙනස් ස්කොෂ් ක‍්‍රීඩාද,  එකතුවන නිසා, සුමේධයේ ද්වීතිය අධ්‍යාපනය ලබන ඔබ දරුවා, සෑම පැතිකඩකින්ම ශක්තිමත් වැඩිහිටියෙකු වනු ඇත.  

ඔබ දරුවා හට, 6 වසරේ සිට සාර්ථකව ඉංග‍්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය=ලබා ගැනීමට හැකි වන ලෙස සකසා ඇති මෙම වැඩපිළිවෙළ, දරුවාගේ උසස් අධ්‍යාපනයට ශක්තිමත් මූලික අඩිතාලමක් වනු ඇත. එබැවින් ඔබ දරුවා අනිවාර්යෙන්ම 5 වසර 3 වන වාරයේ සෑම පාසල් දිනකම අඛණ්ඩව පාසලට එවීම, දරුවාගේ උසස් අධ්‍යාපනය සාර්ථකව කරගැනීමට මහගු රුකුලක් වනු ඇත.
ද්වීතිය අධ්‍යාපනය සාර්ථකව ලබා දීමට අවශ්‍ය ගුරුවරු, පාසල සතු සම්පත් සහ යටිතල පහසුකම් ගැන සලකා බැලූ විට, අපහට පෙනී ගොස් ඇති කරුණක් නම්, 2019 හය වසර පන්ති 6 කට පමණක් සීමා කිරීමට සිදු වී ඇති බවය.  එබැවින් 2019 හය වසරට සිසුන් බදවා ගැනීමේදී, 2018 තුන්වන වාරයේ පවත්වන ඉහත සදහන් වැඩසටහන්වලට පැමිණීම සහ සහභාගී වීම සුදුසුකමක් ලෙස ගණන් ගැනීමට සිදු වී ඇත. යම් දරුවෙකු, තුන්වන වාරයේ පැමිණීම දුර්වල නම්, (පැමිණීම 85% ට අඩු නම්* එවැනි දරුවන් 6 වසරට ඇතුළත් කර ගැනීමට අප මැලිවනු ඇත.  විශේෂයෙන්ම මෙම වැඩසටහනේදී ඉංග‍්‍රීසි කථනය හොදින් ග‍්‍රහණය කර ගත් දරුවන් අනිවාර්යයෙන්ම විශේෂ අගය කිරීමට ලක්වනු ඇත. (Marks will be given to morning assembly presentation)

ස්තුතියි. 
සභාපති, 
වෛද්‍ය විල්ප‍්‍රඞ් විජේසිංහ

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS