Search This Blog

RSS

සුමේධ සිසු පොළ - 2018

සුමේධ සිසු පොළ 2018
2018 මාර්තු 24වන දින සෙනසුරාදා උදැසන 9.00ට විදුහල් ක්‍රීඩාංගනයේදී...

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

ශිෂ්‍ය සුබසාධක සංගමයේ රැස්වීම් වර්තාව

2018.03.04 වන දින පැවති ශිෂ්‍ය සුබසාධක සංගමයේ රැුස්වීමේ දී කතා බහට ලක් වූ කරුණු සියල්ල මෙහි ස`දහන් කර ඇත.

මෙවර කමිටු සාමාජික රැුස්වීමට වැඩි දෙනෙක් සහභාගී වීම ඉතා සතුටු දායක කරුණකි. 2013 - 2017 දක්වා සිසු පොළෙන් ලද ආදායම් වල සාරාංශයක් මෙහි ඇති බවත් එය ඉතා ශීඝ‍්‍රයෙන් වැඩි වීම සතටු දායක කරුණකි.

අයවැය විශ්ලේෂණය කිරීමේදී සියලූ සාමාජිකින් එකග වු කරුණක් නම්, දරුවන්ගෙන් එකතු කරන සාමාජික මුදල් දුර්වල බවය. මෙම ලිපියේ පහත කොටසේ ඇති වගුව බලන්න. 2017 වන විටත්, දරුවන්ගෙන් 50%ක් වත් සාමාජික මුදල් ගෙවන්නේ නැත. දෙමව්පියන් වගකීමෙන් සාමාජික මුදල් ගෙවනවානම්, ඔබගේ දරුවා ඇතුළු දරුවනට සහ පාසලට, සුබ සාධක සංගමය ලබා දෙන සේවාව තවත් පුළුල් කළ හැක. 
තවද, ඔබ මුදල් ගෙවා නැත්නම්, ඔබ දරුවා හට සංගමය විසින් ලබා දෙන තෑගිබෝග, ප‍්‍රතිලාභ නොලැබීම තුලින් දරුවා මානසිකව පීඩනයකට ලක් විය හැක.   

2018.03.04 දින සුබ සාධක සංගමයේ රැස්වීම

සම සභාපතිතුමාගේ අදහස්

  1. කමිටුවේ සාමාජිකයින්ගේ සංඛ්‍යාව වැඩි වීම ගැන සතුට ප‍්‍රකාශ කිරීම.
  2. පාසල් දිනය වෙනුවෙන් කළ කැප කිරීමට ස්තූතිය ප‍්‍රකාශ කිරීම.
  3. ප‍්‍රාථමික අංශයේ ටයිල් කිරීම ඉතා ඉක්මනින් ඉවර කරන බව.
  4. තාක්ෂණ විද්‍යාගාරයේ වැඩ අවසන් කර අපේ‍්‍රල් 04 වන දින රාතී‍්‍ර පිරිත් සජ්ඣායනයක් සහ පසු දින දානයක් සූදානම් කරන බව.
  5. ගෘහස්ත කී‍්‍රඩාංගනයේ වැඩ අවසන් කර මැයි 04 පිරිතක් සහ දානමය පින්කමක් තිබෙන බව.
  6. සෑම දෙනාම ඇප කැපවී වැඩ කිරීම තුළින් ඔබේ දරුවා රටට දායාද කරන සම්පතක් බවට පත්කළ හැකි බව.
  7. පන්තිභාර ගුරුවරු, කමිටු සාමාජිකයින්,  කාරක සභාවලට ගෙන්වා ගැනීමට උනන්දුවිය යුතු බව. 


ලේකම්තුමා

  1. සියලූම සාමාජිකයන් සතුටින් පිළිගැනීම. 
  2. 2018.03.24 දින පැවැත්වෙන සිසු පොළ පවත්වන ආකාරය කමිටු සාමාජිකයන් සමඟ සාක්ච්ඡුා කළහ. 
  3. සංගමයේ ව්‍යවස්ථාව, ව්‍යාපෘති වාර්තාව හා සාමාලෝචන වාර්තාව සෑම නිවසකටම යවා ඇති බව දැන්වුහ.   
  4. ක‍්‍රීඩා පිටිය පුළුල් කර ඇති නිසා  මෙවර සිසු පොළේ වෙළද කුටි ප‍්‍රමාණය ගිය වරට වඩා වැඩි කළ හැකි බව පැවසුහ.  
  5. සියලු දෙමව්පියන් ඉතා කැපවීමෙන් ක‍්‍රියා කළහොත් මෙවර සිසු පොළේ ආදායම රු.2,500,000/- කට වඩා වැඩි කර ගත හැකි බව පැවසුහ.
  6. 2018 සිසු පොළේ වියදම් වලට රු.200,000/- ක් වෙන් කළ යුතු බව පැවසු අතර, ලේකම්තුමාගේ යෝජනාව  ණගඔග තුෂාර මහතා ස්ථිර කළේය. 
  7. පෙර වසර මෙන්ම වැඩිම ආදායම් ලබන පන්ති 10ට තෑගි ලබා දීම. 
  8. තෑගි 30 ක් ලබා දෙන ලොතරැුයිය එලෙසම පැවැත්වීමට සුදුසු යැයි පැවසුහ. 


උපලේකම්තුමිය  (රුවනි  පේ‍්‍රමරත්න මහත්මිය)

  1. ගියවර වෙළ`ද කුටි සෑදු ආකාරය ප‍්‍රකාශ කිරීම.


සභාවේ යෝජනා

  1. සිසු පොළ ස`දහා එක් පවුලකින් රුඃ 500/- ක් පමණ වටිනා බඩු භාණ්ඩ ලබා ගැනීම සුදුසු යැයි යෝජනා ස්ථිරත්වයෙන් සම්මත වුහ.
  2. කමිටු සාමාජික බුත්පිටිය මහතා සුමේධ කළමණාකාරිත්වය සහ සුබ සාධක සංගමය එකතු වී,ස්ථාපිත කිරීමට බලාපොරොත්තු වන ජාතික වීර උද්‍යානය අවශ්‍ය ජාතික වීරයන්ගේ (අනගාරික ධර්මපාල තුමා, ටිබෙට් ජාතික එස්. මහින්ද හිමි, මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි, හෙන්රි ස්ටීල්  ඕල්කට් මැතිතුමා, සී.ඩබ්.ඩබ්.කන්නංගර තුමා, වාරියපොල ශී‍්‍ර සුමංගල හිමි පිලිරු මෙම මස අග වන විට ලබා දිය හැකි වන ප‍්‍රකාශ කළහ. 

2013 - 2017 දක්වා සාමාජික මුදල් ලැබීමේ සාරාංශය

වර්ෂය

ශිෂ්‍ය සංඛ්‍යාව

සාමාජික මුදල් ප‍්‍රමාණය
(රුපියල්)

ප‍්‍රතිශතයක් ලෙස
2013
2014
2015
2016
2017
1243
1400
1800
2300
2900
2,70,000.00
2,91,000.00
3,84,000.00
5,85,300.00
8,40,000.00
36.20%
34.64%
35.55%
42.39%
48.27%


2013 - 2017 දක්වා සිසු පොළෙහි සහ සාමාජික මුදල් ආදායම්, වියදම් සාරාංශය


වර්ෂය
සිසු පොළෙහි අදායම (රුපියල්)
සිසු පොළෙහි වියදම (රුපියල්)
ශේෂය (රුපියල්)
සමාජික මුදල
(රුපියල්)
වසරේ අදායම
(සාමාජික මුදල් + සිසු පොළ)
(රුපියල්)
වසරේ දරුවන්ගේ සුභසාධනයට වියදම් (රුපියල්)
2013
2014
2015
2016
2017
498,764.00
758,308.00
1,087,749.00
1,673,078.00
2,237,834.00
36,222.00
63,355.00
69,090,00
88,988.00
108,668.00
462,542.00
694,953.00
1,087,749.00
1,584,090.00
2,237,834.00
270,000.00
291,000.00
384,000.00
585,300.00
840,000.00
732,542.00
985,953.00
1,471,749.00
2,169,390.00
3,077,834.00
507,750.00
600,653.00
847,086.00
1,631,316.00
2,115,957.00
දැනට ලංකා බැංකුවේ 0008823346 ඉතිරිකිරීමේ ගිණුමේ ඉතිරි මුදල       රු.826,877.00
ලංකා බැංකුවේ 000008842558 ස්ථාවර තැන්පතු ගිණුමේ මුදල           රු.51,937.29
ඔබගේ සහයෝගය නොමදව ලැබුනහොත්, 2018 වසරේ පොළේ ආදායම ලක්ෂ 25 ඉක්මවා ගැනීමට හැකි වන අතර, ඔබ දරුවනට ලබා දෙන දීමනා තවදුරටත් ශක්තිමත් කළ හැක.


  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

5 ශ්‍රේණිභාර ගුරුමහත්ම මහත්මීන්ගේ සාකච්ඡුාවෙන් පැන නැගුනු කරුණු.


5 ශ්‍රේණිභාර ගුරුමහත්ම මහත්මීන්ගේ සාකච්ඡුාවෙන් පැන නැගුනු කරුණු.
සතියකට පමණ පෙර පහ ශ්‍රේණියේ අධ්‍යාපන කටයුතු පිළිබදව සහ දරුවන්ගේ ප‍්‍රගතිය පිළිබදව පන්තිභාර ගුරුමහත්ම මහත්මීන් සමග අප සාකච්ඡාවක් පැවැත්වුහ.  

එම සාකච්ඡාවේදී ගුරුවරුන් ප‍්‍රකාශ කළ අදහස්, ගැටලූ සහ එම ගැටලූ පිළිබදව අපගේ ආකල්ප පහත සදහන් වේ. 

ගුරුමණ්ඩලයේ, විදුහල්පතිතුමියගේ සහ කළමණාකාරිත්වයේ ඒකායන බලාපොරොත්තුව ඔබ දරුවා මොන මට්ටමක සිටියද, එම මට්ටමෙන් හැකිතරම් ඔසවා තැබීමය. එබැවින් පහත සදහන් කරුණු හොඳින් ග‍්‍රහණය කරගෙන එම ගැටලූ පිළිබදව අප ලබා දී ඇති අපගේ අදහස් ගැනද  හොදින් සිතා බලන මෙන් ඉල්ලා සිටිමු. 

ඔබ දරුවා හොදින් හඳුනාගෙන, නිසි මගට යොමු කිරීමට වෙර දරන ගුරුවරුන්ගෙන්, දෙමව්පියන් සැමවිටම හැකි තරම් කරුණු විමසා ඔබ දරුවාගේ දුර්වලකම්, හොදින් දැන හඳුනාගත යුතුය. 

දුර්වල දරුවා උසස් මටිටමකට ගෙන ඒමට ඉතා වැදගත් කරුණ නම්, දෙමව්පියන් ගුරුවරයා ගැන විශ්වාසයෙන් කටයුතු කිරීමය.    
  
සාකච්ඡාවේදී ගුරුභවතුන් විසින් ගෙන හැර දැක්වු කරුණු 

1. 2018 පහ ශිෂ්‍යත්වයට ඉදිරිපත් වන දරුවන් කොටස් හතරකට බෙදිය හැකිය.

  1. අති දක්ෂ දරුවන් 
  2. දක්ෂ දරුවන්
  3. දක්ෂ නොවුවද, උසස් මට්ටමකට ගත හැකිිි දරුවන්
  4. සෙමින් ඉගෙන ගන්නා දරුවන්

2. පාසලේ ඉගැන්වීම් කටයුතු වලට අමතරව පිටස්තර අමතර පන්තිවලට යැවීම තුළින් දරුවන්ට විශාල හානියක් සිදු වන බව සියලූ ගුරුවරු එකඟ වුහ. 

3. මවිබස දැනුම දරුවන්ගෙන් වැඩිදෙනෙකුගේ ඉතා දුර්වල තත්ත්වයක පවතින බව 

4. පරිසර විෂය පිළිබද දැනුමද සමස්තයක් වශයෙන් දුර්වල බව

5. සෙමින් ඉගෙන ගන්නා දරුවන්ගේ දෙමව්පියන් දරුවන් ගැන අවධානය මද බව

6. සෙමින් ඉගෙන ගන්නා දරුවන්ගේ දෙමව්පියන් අතළොස්සක්, තම දරුවා දුර්වල බව, පිළිගැනීමට අකමැති බව  

7. දෙමව්පියන් අතලොස්සක් තම දරුවා දුර්වල වීමට හේතුව ගුරුවරුන් දෙන දඬුවම් සහ අනවශ්‍ය පිඩනය යන මතයෙහි පිහිටා සිටින බව 

8. සමහර දෙමව්පියන්, දරුවන්ගේ පොත්වල රතු පෑනෙන් හරි වැරදි ලකුණු සදහන් කිරීම පවා දරුවාට සහ දෙමව්පියනට මානසික පීඩනයක් දෙන කරුණක් යන මතයෙහි පිහිටා සිටීම.

9. දරුවන්ට පුංචි දඬුවමක් ලබා දුන් පසු ඊළඟ දිනයේ පාසලට නොපැමිණීම. 

ඉහත සදහන් කරුණු සම්බන්ධව විදුහල්පතිතුමිය, ගුරු මණ්ඩලය සහ කළමනාකාරිත්වයේ අදහස්

ඔබ සැම දෙමව්පියන් වශයෙන් දරුවා හට ඉමහත් ආදරයක් ඇති වුවද, ඔබ දරුවාගේ අධ්‍යාපන මට්ටම සහ දුර්වලකම් ඔබට වඩා හොදින් හදුනාගෙන ඇත්තේ ගුරුවරුය. එබැවින් සෑම ගුරුවරයෙක් ගැන විශ්වාසය තබන්න. තම දරුවාගේ දුර්වලකම්, දැන ගැනීමට ලැබීම ගැන සතුටු වන්න. ඒ මන්දයත්, එවිට ඔබ දරුවා සංවර්ධනය කර ගැනීමට ඔබට හැකිවනු ඇත. දරුවෙකුගේ දුර්වලකම් පෙන්වු විට ගුරුවරයාට ස්තූතියි කරන්න. එවිට ගුරුවරයා හට ඔබ දරුවා උසස් මට්ටමකට ගෙන ඒමට ඇති කැක්කුම වැඩිවනු ඇත. සෑම දරුවෙකුගේම වර්ධනය එක හා සමාන නොවේ. හොඳම නිදසුන නම් පහ ශිෂ්‍යත්වය දුර්වල දරුවන් සා.පෙ. හොදින් කරයි. සා.පෙ. අති විශිෂ්ටව සමත් වු දරුවන්ගේ උ.පෙ. ප‍්‍රතිඵල එතරම් සාර්ථක නොවේ. එබැවින් වැදගත් කරුණ නම්, එබගේ දරුවාගේ දුර්වලකම් හඳුන්වාදීම, අපහාසයක් ලෙස නොසලකා එයට මුහුණ දීම විනා ගුරුවරු විවේචනය කිරීම නොව, හැකි සැම විටම ගුරුවරු හමුවී ඔබගේ දරුවාගේ ප‍්‍රගතිය ගැන දැනගැනීමය. 
1.

  1. දරුවා අති දක්ෂ බව ගුරුවරු ප‍්‍රකාශ කලහොත් ඔහු ඇගයීමකට ලක් කර, ඔහුගේ වැඩ කටයුතු නිදහසේ කරගෙන යෑමට ඉඩ දෙන්න. තව තවත්, ටියුෂන් පන්ති වලට යවන්න එපා. ඔහුට අවශ්‍ය පොත්පත් ලබා දෙන්න. ගෙදර වාතාවරණය ඔහුට නිසංසලව පාඩම් කටයුතු කිරීමට හැකිවන සේ සකසා දෙන්න.
  2. දරුවා  දක්ෂ  බව ගුරුවරු පැවසුවහොත්, අතිදක්ෂ කිරීමට කළ යුත්තේ කුමක්දැයි ගුරුවරුන්ගෙන් විමසා දැනගන්න. දරුවා අගය කරන්න. තව තවත්, ටියුෂන් පන්ති වලට යවන්න එපා. ඉගෙනීමට සුදුසු ගෙදර වාතාවරණය සකසන්න. දරුවාට ඇති සුළු දුර්වලකමක් වුවද හොදින් හදුනාගෙන එය අවම කිරීමට අවශ්‍ය කටයුතු කරන්න.
  3. ඔබ දරුවා එතරම් දක්ෂ දරුවෙකු නොවුවද, දක්ෂයෙක් කිරීමට හැකි බව ගුරුවරු පැවසුවහොත්  දරුවාගේ දුර්වලකම්, එකිනෙක දැන හදුනගෙන ගුරු උපදෙස් මත  අවශ්‍ය අධ්‍යාපන කටයුතු සකසා දෙන්න.  දරුවන් එතරම් දක්ෂ නොවීමට මුලික හේතුවක් ලෙස ගුරුවරුන් පැවසුවේ, දෙමව්පියන් දරුවනගේ අධ්‍යාපනය ගැන එතරම් සොයා නොබැලීමයි.  එබැවින් ඔබ හැකි සැම විටම දරුවාගේ පොත්පත් ගැන, පන්තියේ කරන වැඩ ගැන සහ ගෙදර වැඩ ගැන සැලකිලිමත් වීම තුළින් ඔබ දරුවා දක්ෂයෙකු කළ හැකි බව අපගේ මතයයි. දෛනිකව කරන වැඩ ගැන එදිනම සවස විමසා බලන්න.
  4. සෙමින් ඉගෙන ගන්නා දරුවන්් ගැන අප සැම ඉතා සැලකිලිමත් විය යුතුය. සියලූම ගුරුවරුන් මෙම සාකච්ඡුාවේදී එකග වු කරුණක් නම්, දරුවෙකු දුර්වල වීමට මුලික හේතුව දෙමවිපියන් දරුවාගේ අධ්‍යාපනය ගැන එතරම් සැලකිල්ලක් නොදැක්වීමයි. එබැවින් ඔබගේ දරුවා දුර්වල දරුවෙක්නම් පසුතැවිලි නොවී සියලූම අමතර කටයුතු, විනෝද ගමන් වැනි දෑ පසෙක තබා පහ ශීෂ්‍යත්වය තෙක් ඉතිරීවී ඇති මාස කිහිපය, දරුවා වෙනුවෙන් ඉතා කැපවීමෙන් වැඩ කරන ලෙසත් නිවසේ සිටින දෙමව්පියන්ගෙන් සහ වැඩිහිටියන්ගෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමු.  
  5. ගෙදර වැඩිහිටියන් කැපවිමෙන් වැඩකලහොත්  ඕනෑම දරුවෙකු ඉහළ තලයකට ගෙන යා හැකි බව අප තරයේ විශ්වාස කරමු. දුර්වල දරුවාගේ ජීවිතය සැම අතින්ම විධිමත් කළ යුතුය. දරුවාගේ ඇදුම් පැලදුම්, සෞඛ්‍ය, ආහාර වේල, නින්ද, ව්‍යායාම සහ ක‍්‍රීඩාව වැනි මුලික කරුණු ගැනද දෙමව්පියන් සැලකිලිමත් විය යුතුය. ඔහුට වේලාවට වැඩ කිරීමට සහ කාලසටහනකට අනුව වැඩ කිරීමට ඉගැන්වීම තුළින් මහගු සෙතක් වනු ඇත. 
  6. සෙමින් ඉගෙන ගන්නා දරුවන් ගොඩ ගැනීමට නම් දෙමව්පියන් ගුරුවරුන්ට ඉතා සමීප විය යුතුය. ගුරුවරුන්ගේ උපදෙස් මත දෙමව්පියන් ක‍්‍රියාකළහොත් දුර්වල දරුවන්ගෙන් වැඩි දෙනෙක් දක්ෂ දරුවන් කළ හැකිය. දුර්වල දරුවන්ගෙන් වැඩි දෙනෙක් , පන්තියේ ගුරුවරයාට එතරම් කීකරු නැති, පන්තියේ වැඩ වලට අවධානය නොදෙන, අනවශ්‍ය ලෙස කැකෝ ගසන, පන්තියේ සිටින අනිත් දරුවනටත් නිදහසේ වැඩ කිරීමට ඉඩ නොදෙන අය විය හැකිය. එබැවින් ඔබ දරුවා දුර්වල බව හදුනාගෙන තිබේනම්, ගෙදරදී විධිමත් ජීවිතයක් පුරුදු කර, නිසංසලව,  හික්මිමෙන් වැඩපලක් කිරීමට, ගෙදර වැඩ කිරීමට, ප‍්‍රශ්න පත‍්‍රයට නියමිත කාලච්ෙඡ්දයක් තුළ උත්තර ලිවීමට, සැලැස්වීම තුළින් එම දරුවාගේ ඉහත සඳහන් දුර්වලකම් අවම කර ගැනීමට හැකිවනු ඇත.  දුර්වලම දරුවන්ගේ දෙමව්පියන් සිකුරාදා ගුරුවරයා හමුවීම වැදගත්ය.  අධ්‍යාත්මිකව සන්සුන් බව වැඩි දියුණු කිරීම. භාවනා සහිතව නිවසේදී දරුවන් සමඟ ආගමික වතාවක් වල යෙදීම ද සුදුසුය. 


2. අමතර පන්ති  
ඔබ දරුවා හට, පාසලේදි, පහ ශිෂ්‍යත්ව විභාගය උසස් ලෙස සමත් වීමට අවශ්‍ය සියලූ කරුණු කාරණා උගන්වයි. එබැවින් තවත් පිටස්තර අමතර පන්ති වලට යැවීමෙන් දරුවාගේ ළමා කාලය නැතිවන අතර විශාල මානසික පීඩනයක් ගෙන දෙයි. තවද, එම පිටස්තර පන්තිවල උගන්වන කරුණු කාරණා සහ පාසලේ ඉගැන්විම් වල පරස්පරකම් නිසා, දරුවා හට ව්‍යාකූල මානසික තත්ත්වයකට පැමිණීම තුළින් පහ ශිෂ්‍යත්ව විභාගය එතරම් සාර්ථකව කර ගැනීමට නොහැකිවනු ඇත. 
උදාහරණයක් වශයෙන් පැවසුවහොත් පන්තියේදී දරුවා හට ගණනක් හදන ක‍්‍රමයක් නැත්නම් ප‍්‍රහේලිකාවක් හදන ක‍්‍රමයක් නැත්නම් රටාවක් හදුන්වා දුන් පසු පිටස්තර පන්තියකදී එම ගණනම සෑදීමට, වෙන රටාවක් හදුන්වා දුනහොත්, දරුවා දෙලොවක් අතර අතරමං වනු ඇත.  එලෙසම ඉලක්කමක් අකුරක් ලියන ක‍්‍රමවේදය මෙලෙස ගුරුවරයාගෙන් ගුරුවරයාට වෙනස් විය හැක. එබැවින් ඉවක් බවක් නැතිව අමතර පන්තිවලට යැවීම තුළින් ඔබ බලාපොරොත්තු වන සංවර්ධනය දරුවාට නොලැබෙනු ඇත. 
පහ ශිෂ්‍යත්ව ප‍්‍රතිඵල ගැන අධ්‍යාපන දෙපාර්තුමේන්තුව කළ ඇති දත්ත විශ්ලේෂණයන්හිදී, හදුනාගෙන ඇති පැහැදිලි කරුණු නම්, වැඩිපුර ලකුණු ගන්නා දරුවන් අඩුවෙන් අමතර පන්ති වලට ගිය, දෙමව්පියන්ගේ අධීක්ෂණය යටතේ විධිමත්ව නිවසේදී, විභාගයට සැකසුණුු දරුවන් බවය. 
තවද, අධ්‍යාපන දෙපාර්තුමේන්තුවේ සමීක්ෂණයෙන් හෙලි වී ඇති කරුණු නම්, පහ ශිෂ්‍යත්වයට ලකුණු අඩු වීමට හේතු, දරුවන්ට අවශ්‍ය දැනුම නොතිබීම නොව ,ව්‍යාකරණ වැරදි නැතිව පැහැදිලිව වේගයෙන් ලියා ගැනීමට නොහැකි වීම, කාලය කලමණාකරත්වය දුර්වලකම්, කලබල වීම, ප‍්‍රශ්නයක් කියවා තේරුම් ගැනීමට නොහැකි වීම, මාතෘකාවෙන් පිට ලිවීම සහ විධිමත්ව උත්තර පත‍්‍රයට නොලීමය. 
පිටස්තර ටියුෂන් පන්තියේ ගුරුවරයා, ඉහත සදහන් දරුවාගේ දුර්වලකම්, අවම කිරීමට වඩා වෙර දරන්නේ, තව තවත් කරුණු කාරණා ඉගැන්වීමටය. අනිකතු් අතට, මෙම දුර්වලකම් සියල්ලම ඉතා සතුටින් , මානසික පීඩනයකින් තොරව, නිවසේ දෙමව්පිය වැඩිහිටි සෙවන යටතේ සකසා ගත හැකි බව අප තදින් විශ්වාස කරමු. 

3. මව්බස දැනුම 
දරුවන්ගෙන් සැලකිය යුතු ප‍්‍රමාණයකගේ මව්බස දැනුම දුර්වලබව ගුරුවරු පැවසුහ. මෙය ඉතා කනගාටුදායක කරුණකි. මෙයට මුලික හේතුව ලෙස අප දකින්නේ කියවීමේ සහ ලිවීමේ දුර්වලතාවයයි. මෙය ගෙදර දෙමව්පියන් සහ වැඩිහිටියන් හට පහසුවෙන් කළ හැකිය. පෙළපොත ශබ්ද නගා කියවා වචන උච්චාරණය සඳහා හොද නිපුණතාවයක් ලබා දෙන්න. පිටපත් ලිවීම දරුවා ලවා පෙලපොත් භාවිතා කර කරවා නිවැරදි කිරීමෙන්,දරුවාගේ ලිවීමේ හැකියාව සම්පුර්ණ කිරීමට උදව් කරන්න.  
පොත පත කියවීමට දරුවන් පෙළඹවීම දෙමව්පියන්ගේ යුතුකමකි. දරුවන් බොහෝ දෙනෙක් විභාග වලදී අඩු ලකුණු ගන්නේ ප‍්‍රශ්න කියවා අවබෝධ කර ගැනීමට ඇති හැකියාව නොමැති නිසාය. කියවීම තුලින්, යමක් ඉක්මනින් අවබෝධ කර ගැනීම, භාෂා පෝෂණය, අමතර පොත්පත් කියවීමට පෙළඹවීම දරුවා තුල ඇතිවේ.  4 සහ 5 ශ්‍රේණි වල සිංහල පෙළ පොතේ කවි පන්ති ගෙදර දීම පාඩම් කරවන්න.  

4. දරුවනගේ පරිසර විෂය දුර්වලකම ගැනද, දෙමව්පියන් සහ ගෙදර වැඩිහිටියන් යම්තාක් දුරකට වගකිව යුතුය. 
අප දරුවන් වැඩිදෙනෙක් ජීවත් වන්නේ ගම්බද පරිසර වලය. පහ ශිෂ්‍යත්වයේ විෂය නිර්දේශයට ඇතුළු කර ඇති පරිසරය පිළිබද ප‍්‍රශ්න සැවොම ගැමි ජීවිතයේ සහ ග‍්‍රාමීය පරිසරය අලලා සැකසු ප‍්‍රශ්න වේ.  එබැවින් දෙමව්පියන් සහ ගෙදර වැඩිහිටියන් පරිසර දැනුම ලබා දෙනවානම්, පහ ශිෂ්‍යත්ව ප‍්‍රශ්න පත‍්‍ර වල පරිසර ප‍්‍රශ්න දරුවා සමග සාකච්ඡුා කර කියා දෙනවානම්, අනිවාර්යයෙන්ම දරුවාගේ පරිසර දැනුම උසස් තත්ත්වයකට ගත හැකිය.  
ගම්පහ දිස්ත‍්‍රික්කය වැනි ග‍්‍රාමීය පරිසරයක ජීවත් වන අප, දරුවාට පරිසර විෂය ඉගැන්වීමට ටියුෂන් පන්තියකට යැවීමෙන් ගෙදර වැඩිහිටියන්ට සතුටු විය හැකිද? නිවසේදී, කිරීමට දෙන ක‍්‍රියාකාරකම් දරුවාට නිදහසේ කිරීමට ඉඩ දෙන්න. අත්දැකීම් මගින් ලබන දැනුම ස්ථිරවම මතකයේ රැුඳේ. එම නිසා දරුවා පරිසරයට යොමු කරන්න.

5. සෙමින් ඉගෙන ගන්නා දරුවන්ගේ දෙමව්පියන් , දරුවන් ගැන ඇති අවධානය සමස්තයක් වශයෙන් මද බව මුළු ගුරු මණ්ඩලයම එකග වු කරුණකි. 
 ඕනෑම දරුවෙකු තම අධ්‍යාපනය සාර්ථක කර ගන්නේ නිවසේ ඇති මුදල් ප‍්‍රමාණය, බලගතු පරම්පරාව, දෙමව්පියන් උසස් වෘත්තිකයින් වීම හෝ උසස් සමාජයේ වැජඹෙන අයගේ නිවසක් වීම වැනි කරුණු මත නොව, වැඩිහිටියන්, දෙමව්පියන්ගේ ආකල්ප, දරුවාට ඉගෙන ගැනීමට සුදුසු ගෙදර වාතාවරණය, දරුවාගේ  අධ්‍යාපනය පිළිබද ගෙදර වැඩිහිටියන් දක්වන සැලැකිල්ල සහ කැපවීම මතය. 
දරුවන්ට අඩු දැනුම සහ ඔවුනගේ දුර්වලකම් සැකසීමට පාසල් වේලාවෙන් පසු පවත්වන අමතර පන්ති වලට දරුවන් සැලකිය යුතු ප‍්‍රමාණයක් නොපැමිණෙන බව ගුරුවරු පැවසුහ. පාසලේ අමතර පන්ති වලට ඔබ දරුවා යොමු කිරීම තුලින් ගුරුවරයා හොදින් හදුනාගත් දරුවාගේ දැනුමේ හිඩස් සහ අනිකුත් දුර්වලකම් සකසා දීමට හැකි වන අතර, එලෙස නොකොට පාසලේ අමතර පන්ති වලට නොයවා පිටස්තර පන්ති වලට යැවීම එතරම් පලදායි කරුණක් නොවන බව අප විශ්වාස කරමු. 

6. ගුරුවරු පැවසු තවත් වැදගත් කරුණක් නම්, සමහර දෙමව්පියන් තම දරුවා දුර්වල බව දැනගැනීමට අකමැති වනවා පමණක් නොව, ගුරුවරු එලෙස පැවසු විට, තම දරුවා දුර්වල විය නොහැකි බව පවසමින්, බහින් බස් වන බවය. 
සෑම ගුරුවරයෙකුගේ ඒකායන පරමාර්ථය ඔබ දරුවා හැකි තරම් උසස් මට්ටමකට ගෙන ඒමයි. ඔබ මෙන්ම ගුරුවරුද, සතුටු වන කරුණ, දරුවා හොදයි යන වචනය පාවිච්චි කිරීමටය. එබැවින් ඔබ දරුවාගේ දුර්වලකම් ගුරුවරු පෙන්වා දීමේ ඒකායන පරමාර්ථය නම්, දෙමව්පියන්ගෙන් ආධාර ලබා ගෙන එම දුර්වලකම්, අවම කරගැනීමය. එබැවින් ඔබ දරුවාගේ දුර්වලකම් පෙන්වු විට ඒ ගැන සතුටු වන්න.  ගුරුවරයාට ස්තූතියි කරන්න. ගුරුවරයා විශ්වාස කරන්න. එලෙස කර ගුරුවරයා සමග එකතු වී දරුවා ගොඩනගන්න. දුර්වලකම් සාදා ගන්න.  

7. සමහර දෙමව්පියන්, ගුරුවරයා  සහ දරුවාට අනවශ්‍ය පීඩනයක් දෙන බවට චෝදනා කර ඇත. වේවැලකින්, කෝටුවකින් දරුවෙකුට දඬුවම් කිරීම අප කිසිසේත් අනුමත කරන්නේ නැත. එනමුදු,  පන්තියේ හිටවා තැබීම, සුළු වේලාවකට පන්තියෙන් පිට සිටුවා තැබීම, තදින් කතා කිරීම, නොකළ අභ්‍යාසයක් නැවත නැවත කරවීම, වැනි දඬුවම්, දරුවෙකු නිසි මගට ගැනීමට අවශ්‍ය බව අපි තදින් විශ්වාස කරමු. එවැනි දඬුවම් තුළින් දරුවෙකුට දීර්ඝකාලීනව මානසික පීඩන සිදු නොවන බව අප වගකීමෙන් ප‍්‍රකාශ කරන අතර, යමක් කෙසේ හෝ වටහා දීමට, ඉගැන්වීමට, දරුවෙකුට, ගුරුවරයෙක් සුළු දඬුවම් කරන්නේ , ඔබ දරුවාගේ දිර්ඝකාලීන යහපතට මිස, ගුරුවරයා හට ඇති පහත් මානසිකත්වයට නොවන බව මෙම චෝදනාව නගන අතළොස්සක් පමණ දෙමාපියන් වටහා ගත යුතුය.  

8. ගුරුවරුන්ගෙන් අප හට දැනගත් හැකි වු විරල චෝදනාවක් නම්, තම දරුවා පන්තියේදී සහ ගෙදරදී  කළ අභ්‍යාස වල වැරදි සලකුණු කිරීම, ඒ සඳහා රතු පෑන භාවිතා කිරීම, දරුවා හට මානසික පීඩනයක් දෙන බවටය. මෙලෙස පැවසු දෙමව්පියන් ගැන අප ඉතා කණගාටුව ප‍්‍රකාශ කරන අතර. කරුණාකර මෙවැනි දෙමව්පියන්ගේ වැරදි මත සකසා නොගතහොත් ඔබ දරුවා හට අදුරු අනාගතයක් උදා වනු ඇත. 

9. පුංචි දඬුවමක් ලබා දුන් විට, පසුවදා පාසලට නොපැමිණිම බහුලව සිදු වන බව ගුරුවරුන් පැවසුහ. කරුණාකර එසේ නොකරන්න. 

සැමවිටම දෙමවිපියන් දරුවා හට ඒත්තු ගැන්විය යුත්තේ, ‘‘ඔබගේ ගුරුවරයා අප මෙන්ම ඔබට ආදරයෙයි. ඔහු/ඇය ඔබට දඬුවම් කරන්නේ, ඔබට හොදින් ඉගැන්වීමටය. දරුවා ඉදිරියේ ගුරුවරයා විවේචනය නොකරන්න. දරුවාට ඇසෙන සේ ගුරුවරයාට දොස් නොකියන්න. එලෙස කළහොත්, දරුවාගේ දීර්ඝකාලීන අධ්‍යාපනයට පමණක් නොව, වැරදි ආකල්පද, පුරුදු වී, ඔහුගේ මුළු ජීවිතයටම මෙම වැරදි, බලපානු ඇත.

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

ජිම්නාස්ටික් පළමු වාර යෝග්‍යතා පරීක්ෂණය 2018


ජිම්නාස්ටික් පළමු වාර යෝග්‍යතා පරීක්ෂණය 2018


2018 මාර්තු 13,15,16 යන දිනයන්හිදී ප.ව.12.15 සිට ප.ව.1.15 දක්වා ජිම්නාස්ටික් ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය 2 ශ්‍රේණි සදහා පැවැත්වීමට කටයුතු යොදා ඇති බැවින් ඔබගේ දරුවා ඒ සඳහා යොමු කරන මෙන් කාරුණිකව දන්වා සිටින අතර,පරීක්ෂණය පවත්වන දිනයන්හිදී ඒ සඳහා ක‍්‍රීඩා ඇඳුම අනිවාර්යය බවත්, එය රැුගෙන නොයෙන සියලූ දෙනා සහභාගී කර නොගන්නා බවත් දැනුම් දෙමි. ඉහත දින 3 න් පසුව නැවත පරීක්ෂණ කටයුතු නොපවත්වන පවද දැනුම් දෙමි.

2018.03.13 වන දින 2 ශ්‍රේණිය (A, B, C, D, E)

2018.03.15 වන දින 2 ශ්‍රේණිය (F, G, H, I, J)

2018.03.16 වන දින 2 ශ්‍රේණිය (K, L, M, N)

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS