Search This Blog

RSS

2019 පළමු ශ්‍රේණියට දරුවන් බඳවා ගැනීම.



2019 පළමු ශ්‍රේණියට දරුවන්  බඳවා ගැනීම
 
පසුගිය වසර කිහිපය තුළ පලාතේ දෙමව්පියන්ගේ බලවත් ඉල්ලීම නිසා අප සැලකිය යුතු දරුවන් පිරිසක් පළමු ශ්‍රේණියට ඇතුළත් කර ගත්හ.

සති කිහිපයකට පෙර, සුමේධ පාසල අධීක්ෂණයට පැමිණි අධ්‍යාපන දෙපාර්තුමේන්තුවේ නිළධාරීන් සහ පුද්ගලික පාසල් බාර අධ්‍යාපන අධ්‍යක්ෂක පී.එම්.සලාහුදීන් මහතා අප හට තදින්ම පවසා සිටියේ පළමු ශ්‍රේණියට බදවා ගන්නා දරුවන් ගණන අඩු කළ යුතු බවය.

ඔවුන්ගේ මතය අනුව පාසැලක දරුවන් ප‍්‍රමාණය වැඩි වීම, සැම අතකින්ම ප‍්‍රශ්න ගෙන දිය හැකි කරුණක් නිසා, සුමේධයේ පළමු ශ්‍රේණියට ඇතුළත් කරන දරුවන් ප‍්‍රමාණය සීමා කිරීම, අනිවාර්ය බව ඔවුන් සැවොම අප හට පැවසුවේය.

තවද, ගම්පහ දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේ නොබෝදා පැවති, ගම්පහ සංවර්ධන කමිටු රැස්වීමකදී,  දිස්ත‍්‍රික් ලේකම්තුමා, පොලිසිය සහ දේශපාලන අධිකාරියද එකග වී ඇති කරුණක් නම්, පටු පාරකට යාබදව පිහිටි අප පාසලේ දරුවන් ප‍්‍රමාණය තව තවත් වැඩි වුවහොත් එය මුළු පලාතටම ප‍්‍රශ්ණයක් විය හැකි බවය.

ගම්පහ සංවර්ධන කමිටුවේ එම නිගමනය අප හට වාචිකව දැන්වු අතර එම නිලධාරීන්ද ඉතා කරුණාවෙන් ඉල්ලා සිටියේ, මෙම කරුණ පිළිබද අපගේ අවධානය ලබා දී, පලාතේ සුබ සිද්ධිය තකා නිසි පියවර ගන්නා ලෙසය.

පාසල් අධ්‍යක්ෂක මණ්ඩලය, කලමණාකාරිත්වය, විදුහල්පතිතුමිය සහ ෙජ්‍යෂ්ට ගුරුභවතුන් මෙම ප‍්‍රශ්නය ගැන සාකච්ඡා කළ අතර, අවසන් තීරණය වුයේ 2019 වසරේ පළමු ශ්‍රේණිය, පන්ති 10 කට පමණක් සීමා කර, එක් පන්තියකට දරුවන් 35 ක් පමණක් ඇතුල් කළ යුතු බවය. 

මෙම තීරණය නිසා, 2019 වසර පළමු ශ්‍රේණියට දරුවන් 350 ක් පමණක් බදවා ගන්නා බව සදහන් කරමු.

දැනටමත්, 2019 වසරේ පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීම සඳහා විශාල පිරිසක් සුමේධ කාර්යාලයේ ලියා පදිංචි වී ඇත. එබැවින් ඔබගේ දරුවෙකු හෝ ඔබ දන්නා හදුනන දරුවෙකු සුමේධ 2019 පළමු ශ්‍රේණියට ඇතුළත් කිරීමට බලාපොරොත්තු වනවා නම්, පසුතැවිලි නොවී හැකි ඉක්මණින් ප‍්‍රධාන කාර්යාලයේ තිබෙන 2019 පළමු ශ්‍රේණියේ පොරොත්තු ලේඛනයට නම ඇතුළත් කරන්න.
 
ස්තූතියි,  සුමේධ විදුහල් කළමණාකාරිත්වය.


  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

පාසැල් දිනය නිමිත්තෙන් පැවැත්වෙන පිංකම් මලාව

පාසැල් දිනය නිමිත්තෙන් පැවැත්වෙන පිංකම් මලාවට ඔබ සැමට සහභාගි වන ලෙස කෙරෙන කාරුණික ඇරයුමයි මේ.....


  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

විශේෂ ධනාත්මක මනෝවිද්‍යා දේශනය


  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

ලේ දන්දීමේ මහා පුණ්‍ය කර්මය

ලේ දන්දීමේ මහා පුණ්‍ය කර්මය 

වසරක් පාසා පාසල් දිනය  නිමිතිකරගෙන අප පවත්වන ලේ දන්දීමේ මහා පුණ්‍ය කර්මය 2018.02.17  දින පෙ.ව. 8.00 සිට 3.00 දක්වා සුමේධ ශාලාවේ දී පැවැත්වීමට බලාපොරොත්තු වේ.

ඔබේ වටිනා ලේ බිඳක් අසරණ රෝගියකුට හෝ හදිසි ආපදාවකට ලක්වූවෙකුට හෝ පරිත්‍යාග කිරීමෙන් ඔබ මහඟු පුණ්‍ය කර්මයකට දායක වනවා පමණක් නොව ඔබේ ශාරිරික හා මානසික සුවයටද ඉන් ලැබෙනුයේ මහඟු පිටුවහලකි.

එබැවින් පිං කැමති ඔබ හා ඔබ දන්නා හඳුනන ලේ පරිත්‍යාගශීලීන් සමඟ පෙබරවාරි මස 17 දින විදුහලට පැමිණ මහත් ආනිශංස ලැබෙන මෙම පුණ්‍ය කටයුත්තට සහභාගී වන මෙන් කාරුණිකව මතක් කර සටිමු.



  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

College Day - 2018

College Day

Sumedha College & Vishaka International Pre School Day -2018

සුමේධ විද්‍යාලය සහ විශාකා ජාත්‍යන්තර පෙර පාසල දිවයිනේ දිදුලන පාසල් බවට පත්වීම අප සැමට සතුටට කරුණකි. සෑම වරසකම පෙබරවාරි 17 ට යෙදෙන සභාපතිතුමාගේ උපන් දිනය,  පාසල් දිනය ලෙස නම් කිරීම මීට පෙර සිටි විදුහල්පති ්‍යගඵග චන්ද්‍රසිරි මහතාගේ යෝජනාවක් මත සිදු විය.

අප පාසලේ සියලූ දරුවන්ට, දෙමව්පියන්ට සුබ පැතීමක් ලෙස ද පාසල මෙතෙක්  දියුණු කිරීමට අතහිත දුන් පාසල හැරගිය ගුරු මහත්ම මහත්මීන්, විදුහල්පතිවරුන් සහ අප අතරින් වෙන් වී ගිය ගුරුවරු, දෙමව්පියන්, පාසලට සුබ පතන්නන් හට පින්පතා මෙම දිනය වෙන් කිරීමට පාසල් දෙකෙහිම ගුරු මඬුල්ල සහ කළමණාකාරීත්වය තීරණය කර ඇත.

විශේෂයෙන්ම පාසලේ නිර්මාතෘ වන අප සභාපතිතුමාට සෞඛ්‍යයෙන් පිරිපුන් දීර්ඝායූ පැතීම ද පාසල් දෙකෙහිම ගුරු මණ්ඩලයේ සහ දෙමව්පියන්ගේ පරම යුතුකමක් ලෙස අප හට පෙනේ. එබැවින් මෙම සියලූ කරුණු සාක්ෂාත් කර ගැනීමට පාසල් දිනය නිමිති කරගෙන පවත්වන  පහත සඳහන් ආශිර්වාද සහ පුණ්‍ය කර්ම වැඩසටහන් වලට පාසල් දෙකෙහිම දෙමව්පියන්ට සහභාගී වන ලෙස ඉල්ලා සිටිමු. 

බෝධි පූජාව

2018.02.17 සවස 5.00 ට මැදගම සිරිසුනන්දාරාම විහාරස්ථානයේ විහාරධිපති තුම්මෝදර සමිත සෝම ස්වාමීන් වහන්සේගේ ප‍්‍රධානත්වයෙන් බෝධිපූජාවක් සහ බණ දෙසුමක් පැවැත්වේ. මෙම පින්කමට පෙර පාසලේ සහ සුමේධ විදුහලේ ගුරුවරුන්, දරුවන් සහ දෙමව්පියන් ගේ සහභාගීත්වය බලාපොරොත්තු වෙමු.

ලේ දන්දීමේ මහා පුණ්‍ය කර්මයට දායක වන්න.
වසරක් පාසා පාසල් දිනය  නිමිතිකරගෙන අප පවත්වන ලේ දන්දීමේ මහා පුණ්‍ය කර්මය 2018.02.17  දින පෙ.ව. 8.00 සිට 3.00 දක්වා සුමේධ ශාලාවේ දී පැවැත්වීමට බලාපොරොත්තු වේ.

ඔබේ වටිනා ලේ බිඳක් අසරණ රෝගියකුට හෝ හදිසි ආපදාවකට ලක්වූවෙකුට හෝ පරිත්‍යාග කිරීමෙන් ඔබ මහඟු පුණ්‍ය කර්මයකට දායක වනවා පමණක් නොව ඔබේ ශාරිරික හා මානසික සුවයටද ඉන් ලැබෙනුයේ මහඟු පිටුවහලකි. 

එබැවින් පිං කැමති ඔබ හා ඔබ දන්නා හඳුනන ලේ පරිත්‍යාගශීලීන් සමඟ පෙබරවාරි මස 17 දින විදුහලට පැමිණ මහත් ආනිශංස ලැබෙන මෙම පුණ්‍ය කටයුත්තට සහභාගී වන මෙන් කාරුණිකව මතක් කර සටිමු.





  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

දෙමාපියන් සඳහා නොමිලේ චෙස් පුහුණු වැඩමුළුව

දෙමාපියන් සඳහා නොමිලේ චෙස් පුහුණු වැඩමුළුව

බොහෝ දෙමාපියන්ගේ ඉල්ලීම පරිදි, මෙවරත් දෙමාපියන් සඳහා චෙස් ක‍්‍රීඩාවේ මුලික සිද්ධාන්ත පිළිබඳව අවබෝධයක් ලබා දීමේ අරමුණින් චෙස් පුහුණු වැඩමුළුවක් පෙබරවාරි 03 වන සෙනසුරාදා පෙ.ව.9.30 සිට ප.ව.1.00 දක්වා විද්‍යාලීය ප‍්‍රධාන ශාලාවේදී පැවැත්වේ.

මෙම වැඩමුළුව මෙහෙයවනු ලබන්නේ අප විද්‍යාලයේ චෙස් ක‍්‍රීඩා උපදේශක ජාතික චෙස් පුහුණුකරු ලක්මාල් අමරසේකර මහතා විසිනි.

මෙම වැඩමුළුව සඳහා විද්‍යාලයේ ඉගෙනුම ලබන  ඕනෑම දරුවෙකුගේ මවට හෝ පියාට පමණක් මෙම වැඩමුළුවට සහභාගී විය හැක. 

ස්තූතියි.



  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

ගම්පහ තරුණ සංවර්ධන මධ්‍යස්ථානය අවට වාහන තදබදය

 සුමේධ විද්‍යාලයේ, විශාකා පෙර පාසලේ දෙමව්පියන් සහ දරුවන් ප‍්‍රවාහනය කරන රියදුරු මහත්ම මහත්මීන් වෙත,

ගම්පහ තරුණ සංවර්ධන මධ්‍යස්ථානය අවට වාහන තදබදය

විදුහලට දරුවන් රැගෙන එන පුද්ගලික වාහන, පොදු වාහන රියදුරු මහත්ම මහත්මීන්ට ලිපි මගින් රැස්වීම් වලදී ඉතා බැගෑපත්ව වාහන තදබදය අවම කිරීමට සහයෝගය ඉල්ලා සිටියද, එම ඉල්ලීම් වලට කිසිසේත් සවන් නොදෙන බව අප හට ඒත්තුගොස් ඇත. තනි දරුවා රැගෙන පාසල පටන් ගන්නා ඇරෙන වේලාවලට නොපැමිණෙන ලෙස දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටියද, දෙමව්පියන් විශාල පිරිසක්  තනි ලමයා රැගෙන වාහන තදබදය උච්චම අවස්ථාවේදී පාසලට පැමිණීම කිසිසේත් අඩු වී නැති බව අප හට පෙනී ගොස් ඇත.

දින කිහිපයකට පෙර, පාසල පටන් ගන්නා වේලාවේදී, උසාවි පටුමග නිවසක අසාධ්‍ය වු ලෙඩෙකු රෝහලට ගෙන යාමට තම නිවස ළඟට වාහනයක් ගෙන ඒමට පැයක් ගත වු බව සුමේධ කළමණාකාරත්වයට එම නිවසේ වැසියන් දැන්වුහ. එම ඉතා කණගාටුදායක කරුණ අප සනාථ කළ අතර, වත්මන වන විට විශාකා පාරේ ජීවත්වන අය හට අප පාසල පටන් ගන්නා සහ ඇරෙන වේලාවට ගෙයින් එළියට බැහීමට බැරි තත්වයක් උදා වී ඇත.

මෙම ප‍්‍රශ්නය සම්බන්ධව අප පොලීසිය සමඟ සාකච්ඡා කළ අතර, උසාවි පටුමගට පාසල ඇරෙන වැහෙන වේලාවට දරුවන් රැගෙන එන වාහන ඇතුළු වීම, පොලිසිය විසින් අවම කිරීමට ක‍්‍රියා මාර්ග ගැනීමට පොරොන්දු වී ඇත. මෙම උග‍්‍ර ප‍්‍රශ්නයට විසදුමක් ලෙස, තරුණ සංවර්ධන මධ්‍යස්ථානය තුළ, පාසල් ඇරෙන වැහෙන වේලාවලදී, වාහන එක් අතකට ගමන් කිරීමේ(One way system) ක‍්‍රමවේදයක් සැකසීමට කළමණාකාරත්වයට අනිවාර්යයෙන්ම සිදු වී ඇත.
  
 

2018 ජනවාරි 25 වනදා සිට ප‍්‍රධාන ගේට්ටුවෙන් පෙ.ව.6.45 සිට පෙ.ව. 8.30 දක්වාද, ප.ව. 12.00 සිට ප.ව.2.00 දක්වාද වාහන පිටවීම නවත්වන අතර සියලූම වාහන ඉහත සදහන් කාල පරාස දෙක තුළ පිටවිය යුත්තේ නාමල් උයන හරහා විජය පාරටය.

මෙතෙක් ක‍්‍රියා කළ පරිදි කාර්යාලය ඉදිරිපිට ඇති වාහන නවත්වන පෙදෙසේ පාසල් වෑන් නැවැත්වීම තහනම්  අතර සියලූ සුමේධ සහ පෙර පසල් දරුවන් පාසල ඇරුණු විට රථ ගාල් වලට ගොස් වෑන් වලට ගොඩවිය යුතුය.
මෙම නව වාහන හැසීරීමේ ක‍්‍රමවේදය දරුවන්ගේ ආරක්ෂාවටද අනිවාර්යයෙන් සුරක්ෂිත වන බව පැහැදිලි කරුණකි. අප පාසල හැර කිසිම පාසලක වාහන පාසල් පරිශ‍්‍රයට ගැනීමට ඉඩ නොදෙයි. අප පාසල පරිසරය තුළ පාසල ඇරෙන වේලාව තුළදී වාහන මැද එහා මෙහා දුවන දරුවන් හට විය හැකි අනතුරු මෙම නව ක‍්‍රමවේදය නිසා අවම කර ගත හැකි අතර පිටතින් දරුවනට සිදුවිය හැකි ආපදාවන්ද නැති කළ හැකිය. තවද, පාසල පරිශ‍්‍රය තුළ පරිසර, වායුගෝල, ගස්කොළං සහ ශබ්ද දුෂණය අවම කිරීමට මෙම වාහන සීමා කිරීම තුළින් ලබා ගත හැකි තවත් ප‍්‍රතිලාභ ලෙස සදහන් කළ හැකිය.

මෙම One way ක‍්‍රමවේදය යතුරු පැදි වලට අදාළ නොවේ.

නොමිලේ ආරක්ෂිතව ලබා දෙන නිවහන සුමේධ සිසු ප‍්‍රවාහන සේවාව.

වාහන තදබදය, අවට වැසියන්ට කරදරය අවම කිරීමට සාර්ථක පියවරක් ලෙස දියත් කළ ඇති නිවහන ප‍්‍රවාහන සේවය පාවිච්චි කිරීම තුළින් ඔබට, දරුවාට, වාහනයට, පාසලට සහ අවට ගම් වැසියන්ට විශාල සේවයක් සිදු කිරීමට කළ හැකි බව මතක් කර දෙමු. එබැවින් කරුනාකර ඔබගේ දරුවා උදෑසන නිවහනට භාර දෙන්න. පාසල ඇරුණු පසු නිවහනෙන් ගන්න.  පාසල් කළමණාකාරිත්වය, ඉතා සුරක්ෂිතව ඔබගේ දරුවා නිවහනේ සිට පාසලට රැගෙන ඒමටත් නැවත නිවහනට රැගෙන ඒමටත් බලාපොරොත්තු වෙමු.

ජනාකීර්ණ නගරයක වුවද අප පාසල පිහිටා ඇත්තේ වසර 100කට වඩා වැඩි කාලයක් තම නිජබ්ම් කර ගත් ගමක් තුළ බව අප සැවොම සිත තබා ගත යුතු කරුණකි. එමෙන්ම පාසල අවට ජීවත් වන එම ප‍්‍රදේශවාසි ජනතාවගේ පුර්ණ ආශිර්වාදය තුළින් දියුණු වු මෙම පාසලේ කළමණාකාරිත්වය සහ දෙමාපියන්ගේ යුතුකම සහ වගකීම වනුයේ එම ජනතාවගේ ජන ජීවිතයට කිසිදු බාධාවක් නොවන පරිදි පාසල පවත්වාගෙන යාමයි. එමගින් පාසලේ දීර්ඝකාලීන පැවැත්ම හා ආශිර්වාදයත් පාසලේ දරු දැරියන්ගේ ආරක්ෂාවත් තහවුරු වන බව අප තරයේ සිත තබා ගත යුතුය. මෙම කරුණ සම්බන්ධව ඔබගේ පුර්ණ සහයෝගය පාසල් කළමණාකාරිත්වයට ලබා දෙනු ඇතැයි අපේක්ෂා කරන අතර ඔබට යම් අපහසුතාවයක් සිදු වේ නම් කණගාටුව ප‍්‍රකාශ කරමු.

සභාපති,
විශාකා පෙර පාසල සහ සුමේධ විද්‍යාලය
, ගම්පහ.

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

සුමේධ 2 ශ්‍රේණිය ගණිත අභ්‍යාස පොත

සුමේධ 2 ශ්‍රේණිය දෙමව්පියන් වෙත,

සුමේධ 2 ශ්‍රේණිය ගණිත අභ්‍යාස පොත

ජපන් ගණිත ඉගැන්වීමේ ක‍්‍රමවේද අනුගමනය කර, ප‍්‍රාථමික අධ්‍යාපන උපදේශක ගුරුවරුන්ගේ උපදෙස් මත, සුමේධ ගුරු මණ්ඩලය සහ කළමණාකාරිත්වය සැකසු 2 ශ්‍රේණිය  ගණිත අභ්‍යාස පොත උපයෝගි කරගෙන, 2018 පෙබරවාරි 05 වන සඳුදා සිට අපි දරුවනට ගණිතය ඉගැන්වීමට බලාපොරොත්තු වෙමු.

මෙම ක‍්‍රමවේදයේදී, දරුවන් විසින් කරන ලද අභ්‍යාස දෙමව්පියන්ට බැලීම සඳහා නිවසට එවන අතර, දෙමව්පියන් දරුවන් කළ අභ්‍යාස බලා, එහි අත්සන් කර, නැවත පාසලට එවිය යුතු වන අතර, වාර අවසාන පන්ති කවයේදී, ඔබ දරුවා කළ අභ්‍යාස සියල්ලම සහ ලබා ගත් ලකුණු, නැවත ඔබ අතට පත් කිරීමට අපි බලාපොරොත්තු වෙමු.

2 ශ්‍රේණිය පන්තිභාර ගුරුමහත්මීන් හට මෙම ගණන් අභ්‍යාස පොතෙහි පිටපතක් නිකුත් කර ඇති අතර, මෙම පොතෙහි පිටපතක් ඔබගේ දැනුම පිණිස පොත්හලේද තබා ඇත. ඔබට අවශ්‍ය නම් මිලදී ගැනීමට පෙර, එම පිටපත දෙමව්පියන්ට නිරීක්ෂණය කළ හැකිය. පොතහි මිල රු.100 ක් වන අතර පන්තිභාර ගුරුමහත්මියගෙන් එම පොත මිලදීගෙන, දරුවාගේ නම සදහන්කොට නැවත පන්තිභාර ගුරුමහත්මියට බාර දෙන්න.


සුමේධ කළමණාකාරිත්වය

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS