Blog Archive

Search This Blog

RSS

2018 පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ හොඳම පාසල් 58හි ප්‍රතිථල විශ්ලේෂණය

මෙම විශ්ලේෂණයට අනුව දිවයිනේ 3 වන ස්ථානය සුමේධයට හිමි වී ඇති අතර දරුවන් 150කට වඩා ඉදිරිපත් කල මෙගා පාසැල් (Mega Schools) අතුරින් දිවයිනේ ප්‍රථම ස්ථානය ද හිමිකර ගෙන අැත.

දිවයිෙන් වැඩිම දරුවන් පිරිසක් (387ක්) පහ ශිෂ්‍යත්වයට ඉදිරිපත් කර, වැඩිම දරුවන් ප්‍රමාණයක් (175ක්) සමත් කරවු පාසල ද සුමේධ විදුහල වේ.



  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

තාක්ෂණ විෂය ඒකකයේ smart classroom 4 විවෘත කිරීම

හිතවත් දෙමව්පියන් වෙත,

2018 ඔක්තෝබර් මස 19 වන සිකුරාදා දින පෙ.ව.11.24 ට එළඹෙන සුබ නැකතින් සුමේධ විද්‍යාලයේ නව තාක්ෂණ විෂය ඒකකයේ smart classroom 4 තරුණ සංවර්ධන මධ්‍යස්ථානයේ උප සභාපති විශේෂඥ වෛද්‍ය හරිදු විජේසිංහ (MBBS, MD, MRCP, Consultant Rheumatologist, Specialist in Sports medicine) මයා විසින් විවෘත කරනු ලැබේ. තවද, එදිනම පිහිනුම් තටාකයට යාබද ගොඩනැගිල්ලේ නව Internet Cafe ඒකකය විවෘත කරනු ලැබේ. එදින smart classroom වල දරුවන්ට ඉගැන්වීම් කටයුතු කරන අන්දම දෙමව්පියන්ට, දැක බලා ගැනීමට හැකි වනු ඇත. සියලූ දෙමව්පියන්ට, smart classroom විවෘත කිරීමේ අවස්ථාවට සභභාගී වන ලෙස ආරාධනා කරමු.

සභාපති, සුමේධ විද්‍යාලය



  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

2018 සුමේධ විද්‍යාලයේ දෙවන වාර පරීක්ෂණයේ ක්‍රීඩා ඇගයීම් ලකුණු ලබා දීමේ කාලසටහන


2018 සුමේධ විද්‍යාලයේ දෙවන වාර පරීක්ෂණයේ ක්‍රීඩා ඇගයීම් ලකුණු ලබා දීමේ කාලසටහන
ක්‍රීඩාව
දිනය
වෙලාව
Badminton
2018.07.09
2018.07.10
2018.07.11
2018.07.12
2018.07.13
2.00-5.00p.m.
Scrabble

2018.07.09
2018.07.10
2.00-3.30p.m.
Cricket
2018.07.10
2018.07.11
2.00-5.00p.m.
Karate
2018.07.09
4.30-6.30p.m.
Swimming
Grade 03

Grade 02 (A,B,C,D,E,F,G)

Grade 02 (IH,I,J,K,L,M,N)

Grade 04

Grade 06-13

Grade 05

2018.07.09

2018.07.10

2018.07.11

2018.07.11

2018.07.12

2018.07.13

2.00-3.00p.m.

2.30-3.30p.m.

2.00-3.00p.m.

4.30-5.30p.m.

2.00-3.00p.m.

4.30-5.30p.m.
Basket Ball
2018.07.12
2018.07.13
2.30-4.30p.m.
5.00-7.00p.m.
Table Tennis
2018.07.09
2018.07.13
2.00-4.00p.m.
2.00-4.00p.m.
Athletic
2018.07.11
2018.07.13
2.00-5.00p.m.
2.00-5.00p.m.
Chess
2018.07.12
2.00-4.30p.m.
Gymnastic
2018.07.10
3.30-4.30p.m.

ක්‍රීඩා ඇගයීම් ලකුණු ලබා දීම මෙම දිනයන්ට පමණක් සිදු කරන බව කාරුණිකව දන්වා සිටිමු.


  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

2018 පහ ශිෂ්‍යත්වයට පෙනී සිටි සුමේධ දරුවනගේ දෙමාපියන් වෙත,

හිතවත් දෙමාපියනි,

2018 පහ ශිෂ්‍යත්වයට පෙනී සිටි සුමේධ දරුවනගේ දෙමාපියන් වෙත,

  ප‍්‍රාථමික අධ්‍යාපනයේ සිටම, ඔබ දරුවා සහ දෙමාපියන් වන ඔබද, 5 වසර ශිෂ්‍යත්වයට ඉතා වෙහෙස මහන්සිව වැඩ කළ බව අපි දනිමු.
  පහ වසර ශිෂ්‍යත්වය නිසා මානසික පීඩනයක් ලැබුණු ඔබ දරුවා හට ඉතා සැහැල්ලූවෙන්, විනෝදයෙන් ගත කිරීමට සහ ද්වීතීය අධ්‍යාපනයට ශක්තිමත් අඩිතාලමක් දැමීමට හැකිවන ලෙස 5 වසර 3 වන වාරයේ වැඩසටහන් රැසක් සුමේධ විදුහල දියත් කිරීමට බලාපොරොත්තු වේ.
  මෙම කාල වකවානුවේදී, ඔබ දරුවා හට විනෝදය සහ ළමා කාලය උපරිමව ලබා දීමට අප කටයුතු කරන අතර, විශේෂයෙන්ම උසස් අධ්‍යාපනයේ මුලික අඩිතාලම වන 6 වසර අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට අවශ්‍ය මූලධර්ම ලබා දීම, අපගේ තවත් පරමාර්ථයකි.
  නූතන ලොව, ශක්තිමත් ආර්ථිකයක් ගොඩ නගාගෙන, සාර්ථක ජීවිතයක් ගත කිරීමට, දරුවෙකු ඉංග‍්‍රීසි බස පුළුල් ලෙස දැන ගත යුතු බව අප තදින් විශ්වාස කරමු.
  තවද විද්‍යා අංශයෙන් ඉගෙනුම ලබන දරුවා, අනිවාර්යයෙන්ම සාර්ථක වැඩිහිටියෙකු කළ හැකි බවද, රටට දැයට විශිෂ්ට සේවයක් ලබා දිය හැකි බවද, පැහැදිලි නිසා, අප දරුවන් විද්‍යා, තාක්ෂණ විද්‍යා (Technology Streamසහ පරිගණක විද්‍යාවට යොමු කිරීම සැදුසු යැයි අපහට පෙනේ.
  මෙම ජාතික වගකීම සාක්ෂාත් කිරීමට, 2019 වසර වන විට සුමේධ විද්‍යාලයේ පරිගණක විද්‍යාගාර 7 (පරිගණක 200 ක් පමණ) දක්වා වැඩි වන අතර, SMART පන්තිකාමර 4ක්ද, දිවයිනේ කිසිම පාසලකට නොදෙවෙනි අංග සම්පුර්ණ තාක්ෂණික ඒකකයද, සුමේධ ද්වීතීක අධ්‍යාපනයට එකතු=වනු ඇත.

එබැවින් 5 වසර ශිෂ්‍යත්වය අවසන් කර 6 වසරට පිවීසීමට සිටින ඔබ දරුවා හට පහත සඳහන් පරිපූර්ණ අධ්‍යාපන වැඩපිළිවළ පහ වසර 3 වන වාරයේදී ලබා දීමට අප බලාපොරොත්තු වෙමු.


  • පළමු කොට අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ තුන්වන වාරයේ විෂය නිර්දේශයේ ඉතිරි ඉගැන්වීම් කටයුතු සහ අවශ්‍ය නිපුණතා සම්පූර්ණ කිරීමට කටයුතු සලසා ඇත. 
  • ඉංගී‍්‍රසි මාධ්‍ය 6 වසර ප‍්‍රවේශ වැඩසටහන=

ඉංග‍්‍රීසි බස පුළුල්ව ඉගැන්වීම, විශේෂයෙන්ම ඉංග‍්‍රීසි කථනය, උච්චාරණය, දියුණු කිරීමේ පහත සදහන් වැඩසටහන් ද දියත් කරනු ඇත. තවද, ඉංග‍්‍රීසි ගීත සහ ඉංග‍්‍රීසි නාට්‍ය තුළින් ඉංග‍්‍රීසි සාහිත්‍යයද හඳුන්වා දීමට බලාපොරොත්තු වේ.
1.    Morning assembly presentations.
2.    Grade 6 Preparatory English course book.
3.    Grade 6 Vocabulary related to Maths and Science.  විෂයයන් ඉගෙන ගැනීමට අවශ්‍ය ඉංග‍්‍රීසි වාග් මාලාව හඳුන්වා දීමට කටයුතු සලසා ඇත.
4.    Sessions to improve composition and comprehension skills.
5.    English Dramas, English Song contests=
6.    Scrabble Game.
  • සාමාන්‍ය පෙළ විද්‍යාව විෂයන්වල මූලධර්මයන්, විශේෂයෙන්ම විද්‍යාව, සෞඛ්‍ය විද්‍යාව, ගණිත මූලධර්ම, මල්ටිමීඩියා සහ පරිගණක ආධාරයෙන් ඉගැන්වීම කනිෂ්ඨ අංශයේ ඉහත සදහන් විෂයන්ට අදාළ ගුරු  මහත්ම මහත්මීන් විසින් උගන්වනු ලැබේ.
  • පාසලේ ලලිත කලා, බාහිර ක‍්‍රියාකාරකම් සහ කී‍්‍රඩා අංශ, සකසන විශේෂ වැඩසටහන් තුළින් දරුවනට විනෝදයක් සහ ආස්වාදයක් ගෙන දිය හැකි නැටුම්, ගැයුම්, විනෝද ගමන් සහ ක‍්‍රීඩා දියත් කරනු ඇත.
  • 2019 වන විට, අප දරුවනට දිවයිනේ කිසිම පාසලකට නොදෙවෙනි අංග සම්පුර්ණ ගෘහස්ථ ක‍්‍රීඩා රැුසක් කළ හැකි ගෘහස්ත ක‍්‍රීඩාංගනයක් (Multi discipline Sumedha Indoor sports stadium) ලැබෙන නිසා ද, 2019 වසර තුළ ටෙනස් ස්කොෂ් ක‍්‍රීඩාද,  එකතුවන නිසා, සුමේධයේ ද්වීතිය අධ්‍යාපනය ලබන ඔබ දරුවා, සෑම පැතිකඩකින්ම ශක්තිමත් වැඩිහිටියෙකු වනු ඇත.  

ඔබ දරුවා හට, 6 වසරේ සිට සාර්ථකව ඉංග‍්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය=ලබා ගැනීමට හැකි වන ලෙස සකසා ඇති මෙම වැඩපිළිවෙළ, දරුවාගේ උසස් අධ්‍යාපනයට ශක්තිමත් මූලික අඩිතාලමක් වනු ඇත. එබැවින් ඔබ දරුවා අනිවාර්යෙන්ම 5 වසර 3 වන වාරයේ සෑම පාසල් දිනකම අඛණ්ඩව පාසලට එවීම, දරුවාගේ උසස් අධ්‍යාපනය සාර්ථකව කරගැනීමට මහගු රුකුලක් වනු ඇත.
ද්වීතිය අධ්‍යාපනය සාර්ථකව ලබා දීමට අවශ්‍ය ගුරුවරු, පාසල සතු සම්පත් සහ යටිතල පහසුකම් ගැන සලකා බැලූ විට, අපහට පෙනී ගොස් ඇති කරුණක් නම්, 2019 හය වසර පන්ති 6 කට පමණක් සීමා කිරීමට සිදු වී ඇති බවය.  එබැවින් 2019 හය වසරට සිසුන් බදවා ගැනීමේදී, 2018 තුන්වන වාරයේ පවත්වන ඉහත සදහන් වැඩසටහන්වලට පැමිණීම සහ සහභාගී වීම සුදුසුකමක් ලෙස ගණන් ගැනීමට සිදු වී ඇත. යම් දරුවෙකු, තුන්වන වාරයේ පැමිණීම දුර්වල නම්, (පැමිණීම 85% ට අඩු නම්* එවැනි දරුවන් 6 වසරට ඇතුළත් කර ගැනීමට අප මැලිවනු ඇත.  විශේෂයෙන්ම මෙම වැඩසටහනේදී ඉංග‍්‍රීසි කථනය හොදින් ග‍්‍රහණය කර ගත් දරුවන් අනිවාර්යයෙන්ම විශේෂ අගය කිරීමට ලක්වනු ඇත. (Marks will be given to morning assembly presentation)

ස්තුතියි. 
සභාපති, 
වෛද්‍ය විල්ප‍්‍රඞ් විජේසිංහ

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

සුමේධ පාසල් වාරය අවසන් වන අගෝසතු 3 වන දින වැඩසටහන්


හිතවත් සුමේධ දෙමව්පියන් වෙත,

සුමේධ පාසල් වාරය අවසන් වන අගෝසතු 3 වන දින වැඩසටහන්

සුමේධ පන්ති කව
මෙදින සියලූ දෙමව්පියන් පෙ.ව.7.30 ට ඔබ දරුවාගේ පන්ති කාමරයට පැමිණෙන්න. පන්ති කවය පෙ.ව.7.30 සිට 8.30 දක්වා පවත්වනු ලැබේ. පන්ති කවයේදී ඔබගේ දරුවාගේ අධ්‍යාපනය ගැන පන්තියේ ගුරුතුමියගෙන් දැන ගැනීමට හැකි වන අතර, දරුවාගේ ප‍්‍රගති වාර්තා පොතද ඔබ හට ලබා දෙනු ලැබේ.

වාර අවසන් විනෝදාත්මක වැඩසටහන්වාර අවසානයේ දරුවනටල ගුරු මණ්ඩලයට විනෝදයක් ලබා දීමටද, තරුණ සංවර්ධන
මධ්‍යස්ථානයේ සේවක ගුරු සුබ සාධක සංගමයේ (EWFA) අරමුදල තර කර ගැනීමටද, විනෝදාත්මක වැඩසටහන් රැුසක් මෙදින පෙ.ව.9.00 සිට ප.ව.6.00 වන තෙක් දියත් කිරීමට අප බලාපොරොත්තු වේ.

මැජික් සංදර්ශණයමැජික් සංදර්ශණ 3 ක්, පෙ.ව.9.00ට, පෙ.ව.11.30 සහ ප.ව.3.00 ට යන වේලාවන් වලදී පවත්වනු ලැබේ.
දිවයිනේ නම ගත් මැජික්කරුවෙකු වන ප‍්‍රසන්නජිත් අධිකාරි මයා විිසින් පවත්වන මෙම සංදර්ශණ, දරුවනට සහ ඔබ සැමට තවදුරටත් ආකර්ශණය කිරීමට නැටුම් ගැයුම්ද, එකතු වන අතර, ප‍්‍රවීණ ගායක හේමන්ත හපුආරච්චි මයා ඇතුළු වාදක මණ්ඩලයේ සංගීතයද මෙම සංදර්ශණ වලට මුසු කර ඇත.
පළමු සංදර්ශණය කුඩා ළමුන්ටද, දෙවන සංදර්ශණය මේරු දරුවන්ට ද, තුන්වන සංදර්ශණය වැඩිහිටියන්ටද ගැලපෙන අන්දමට සකසා ඇත. Ticket එකක මිල රු.500 වන අතර, දරුවන් සමග පැමිණෙන දෙමව්පියන්ද, Ticket එකක් ලබා ගතයුතු බව කරුණාවෙන් සලකන්න.

EWFA මේලාCarnival ස්වරූපයකින් සුමේධ ක‍්‍රීඩාපිටියේ පවත්වන මෙම සැණකෙළිය, දරුවන්ට සහ ඔබට විනෝද විය හැකි විවිධ මාදිලියේ, ආහාර පාන, ක‍්‍රීඩා, නැටුම් ගැයුම්, (Merry Go Round, Bumpers, Horse Riding, Karaoke, Computer Games,Car Wash etc) වලින් පිරිපුන් වන අතර, ඔබ සැමට දිනය පුරාවටම විශිෂ්ට ආශ්වාදයක් මෙම සැණකෙළියෙන් ලබා දීමට අප කටයුතු කර ඇත.

මෙදින පවත්වන සියලූ විනෝදාත්මක වැඩසටහන් වලින් ලැබෙන ලාභය ඔබ දරුවා හට සේවය ලබා දෙන පාසල් දෙකෙහිම ගුරු මණ්ඩලය සහ සේවක සේවිකාවන්ගෙන් සැදුම්ලත් තරුණ සංවර්ධන මධ්‍යස්ථානයේ සේවක ගුරු සුබ සාධක සංගමයේ අරමුදලට බැර කරනු ලැබේ.

ඔබ දන්නා විධියටල අප මධ්‍යස්ථානයේ සේවය කරන සේවකයෙකුගේ ළග ඥතියෙකුගේ අභාවයේදී, රු.50,000 ක ආධාරයක්, මංගල උත්සවයකදී, රු.40,000 ක පමණ ආධාරයක්, සාමාජිකයන්ගේ රෝගයකදී කරදරයකදී දරුවන්ගේ අධ්‍යාපන අවශ්‍යාතවකදී අප සුබ සාධක සංගමය මුදලින් ආධාර ලබා දෙනු ලැබේ. එබැවින් සියලූ දෙමව්පියන්ල කරුණාකර හැකි පමණින් ඔබ දරුවන් සමඟ මෙදින වැඩසටහන් වලට සහභාගී වී, විනෝද වී, ඔබ දරුවාට සේවය කරන ගුරුවරුන්ගේ, සේවකයන්ගේ දුකකදී, හදිසි අවශ්‍යතාවයකදී, උදව් කිරීමට සැදී පැහැදී සිටින, සේවක සුබ සාධක සංගමයේ (EWFA) අරමුදල තර කර ගැනීමට සහ ඔබ මෙන්ම ඔබ දරුවාට විනෝදයක් ලබා ගැනීමට හැකි මෙම අවස්ථාව පැහැර නොහරින මෙන් ඉල්ලා සිටිමු.




 Home Page

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

Time table - 2nd Term Computer Practical Test (Grade 6 to 10)


 Home Page

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

ජිම්නාස්ටික් දෙවන වාර යෝග්‍යතා පරීක්ෂණය 2018

1,2 ශ්‍රේණිවල දෙමාපියන් වෙත,

2018 ජුලි 02,03,04,05,06 යන දිනයන්හිදී ප.ව.12.15 සිට ප.ව.1.15 දක්වා ජිම්නාස්ටික් ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය 1 සහ 2 ශ්‍රේණි සදහා පැවැත්වීමට කටයුතු යොදා ඇති බැවින් ඔබගේ දරුවා ඒ සඳහා යොමු කරන මෙන් කාරුණිකව දන්වා සිටින අතර, පරීක්ෂණය පවත්වන දිනයන්හිදී ඒ සඳහා ක‍්‍රීඩා ඇඳුම අනිවාර්යය බවත්, එය රැගෙන නොයෙන සියලූ දෙනා සහභාගී කර නොගන්නා බවත් දැනුම් දෙමි. 
පහත දින 5 න් පසුව නැවත පරීක්ෂණ කටයුතු නොපවත්වන පවද දැනුම් දෙමි. 
2018.07.02 වන දින 1 ශ්‍රේණිය (A, B, C, D, E )

2018.07.03 වන දින 2 ශ්‍රේණිය (A, B, C, D, E )
2018.07.04 වන දින 1 ශ්‍රේණිය (F, G, H, I, J) 
2018.07.05 වන දින 2 ශ්‍රේණිය (F, G, H, I, J) 
2018.07.06 වන දින 1 ශ්‍රේණිය (K, L, M, N) 
2018.07.06 වන දින 2 ශ්‍රේණිය (K, L, M, N) 





 Home Page

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

සංඝයා වහන්සේලා සියක් නමක් පිඬු සිඟා වැඩීමේ පින්කම

සංඝයා වහන්සේලා සියක් නමක් පිඬු සිඟා වැඩීමේ පින්කම
2018-06-26 දින උදැසන 9.00 මැදගම විහාරස්ථානයේ සිට උසාවි පාර ඔස්සේ සුමේධ විද්‍යාලයට....
පින් කැමැති ඔබ සැමට ආරාධනා....!!!!


 Home Page

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

2018 සුමේධ විද්‍යාලයීය නිවාසාන්තර බැඞ්මින්ටන් ශූරතාවලිය

.
2018 නිවාසන්තර බැඞ්මින්ටන් තරඟාවලියක් මගින් 2018 වසරේ බැඞ්ම්න්ටන් පුහුණු සංචිතයට දරුවන් තෝරා ගැනීමට තීරණය කර ඇත.

මේ සදහා අදාළ වයස් කාණ්ඩ සහ අදාළ දිනයන් සහ වේලාවන් පහත දැක්වේ.

වයස් කාණ්ඩය
දිනය
වේලාව
11 න් පහළ බාලක/බාලිකා
2018.06.20
ප.ව.2.00 සිට
13න් පහළ බාලිකා
2018.06.20
ප.ව.2.00 සිට
13 න් පහළ බාලක
2018.06.22
ප.ව.2.00 සිට
15 න් පහළ බාලක/ බාලිකා
2018.06.22
ප.ව.2.00 සිට
17 න් පහළ බාලක/ බාලිකා
2018.06.25
ප.ව.2.00 සිට
අවසාන  තරග (11,13,15,17 න් පහළ)
2018.06.25


මේ සදහා කැමති දරුවන්ගේ  පහත පෝරමය  පුරවා ක‍්‍රීඩාභාර නිලධාරී නිසංසලා මහත්මියට බාර දෙන්න. 


2018 වසරේ බැඞ්මින්ටන් පුහුණු සංචිතයට දරුවන් තෝරා ගැනීම
දරුවාගේ නම
පන්තිය :
උපන් දිනය :
නිවාසයේ නම :
දුරකතන අංකය :

............................................................................
දෙමාපිය/ භාරකරුගේ නම සහ අත්සන



 Home Page

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

බැඞ්මින්ටන් සහ චෙස් ක‍්‍රීඩා පුහුණුවීම් සම්බන්ධ දෙමාපිය- කළමණාකාරිත්ව රැස්වීම.

බැඞ්මින්ටන් සහ චෙස් ක‍්‍රීඩා පුහුණුවීම් සම්බන්ධ දෙමාපිය- කළමණාකාරිත්ව රැස්වීම.
2018 ජුනි මස 13 වන බදාදා දින ප.ව.2.00 ට චෙස් ක‍්‍රීඩාව හදාරන දරුවන්ගේ දෙමාපියන්ද, එදිනම ප.ව. 4.00 ට බැඞ්මින්ටන් ක‍්‍රීඩාව හදාරන දරුවන්ගේ දෙමාපියන්ද, කළමණාකාරිත්වය සහ විදුහල්පතිතුමිය සහභාගීත්වයෙන් රැස්වීම් 2 ක් පාසලේ ප‍්‍රධාන ශාලාවේදී පැවැත්වෙන අතර, කරුණාකර අනිවාර්යයෙන් සහභාගී වන ලෙස ඉල්ලා සිටිමු.

 Home Page


  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

Teachers Vacancy @ Sumedha College Gamapaha



 Home Page


  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

කාලසටහන - වාර මැද පරීක්ෂණය (දෙවන වාරය)

Mid Term Evaluation
2nd Term – 2018
Grade 10 & 11
Date
Time
Subject
13th June
Wednesday
07:30 a.m. – 08:30 a.m.
Buddhism
08:30 a.m. – 09:30 a.m.
Sinhala Language & Literature
09:30 a.m. – 10:30 a.m.
History
10:30 a.m. – 11:00 a.m.
Interval
11:00 a.m. – 12:30 p.m.
Science
12:30 p.m. – 01:30 p.m.
English Literature
14th June
Thursday
07:30 a.m. – 08:30 a.m.
Tamil
08:30 a.m. – 09:30 a.m.
Health Science
09:30 a.m. – 10:30 a.m
English Language
10:30 a.m. – 11:00 a.m.
Interval
11:00 a.m. – 12:30 p.m.
Mathematics






Mid Term Evaluation
2nd Term – 2018
Grade 06, 07, 08 & 09
Date
Time
Subject
13th June
Wednesday

07:30 a.m. – 08:30 a.m.
Buddhism
08:30 a.m. – 09:30 a.m.
Sinhala Language & Literature
09:30 a.m. – 10:30 a.m.
Tamil
10:30 a.m. – 11:00 a.m.
Interval
11:00 a.m. – 12:30 p.m.
Science 
12:30 p.m. – 01:30 p.m.
English Language
14th June
Thursday
07:30 a.m. – 08:30 a.m.
History
08:30 a.m. – 09:30 a.m.
Health Science
09:30 a.m. – 10:30 a.m.
Geography
10:30 a.m. – 11:00 a.m.
Interval
11:00 a.m. – 12:30 p.m.
Mathematics
12:30 p.m. – 01:30 p.m.
Civic & Life Skills






 Home Page

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS