Blog Archive

Search This Blog

RSS

සුමේධ චෙස් ක‍්‍රීඩා සැණකෙළිය 2017

සුමේධ චෙස් ක‍්‍රීඩා සැණකෙළිය 2017





දෙසැම්බර් 1 සහ 2 යන දෙදින තුළ පැවැත්වෙන චෙස් තරගාවලිය සදහා දරුවන් සහභාගි විය යුත්තේ පාසල් නිල ඇදුමින් බව කරුණාවෙන් සලකන්න.  දරුවන් පැමිණෙන විට තමාගේ චෙස් පුවරුව හා ඉත්තන් කට්ටලය රැගෙන ආ යුතුය.
සහභාගි වන සියලූම දරුවන්, ඒ අයගේ දෙමාපියන් සමඟ, දෙසැම්බර් 1 වෙනි දින  පෙ.ව. 7.20 වන විට සුමේධ රඟහලට වාර්තා කළ යුතුය.

සහභාගි වන සියලූම දරුවන්ට විද්‍යාලය මගින් වටිනා සහතික පත‍්‍රයක් පිරිනැමේ.

සැ.යු. ලියාපදිංචි විමේ අවසන් දිනය නොවැම්බර් 27 සඳුදා දක්වා දිර්ඝ කර ඇත.

ස්තූතියි. 
සංවිධායක කමිටුව, 
සුමේධ විද්‍යාලීය චෙස් සංගමය.

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

2018 අධ්‍යාපන වර්ෂයට ලක්මවින් පෙරහුරු වැඩසටහනක්

2017.11.23

හිතවත් සුමේධ දෙමව්පියනි,


2018 අධ්‍යාපන වර්ෂයට ලක්මවින් පෙරහුරු  වැඩසටහනක්
පවුලටම දැනුම, සතුට, ආස්වාදයට ලක්මව


තරුණ සංවර්ධන මධ්‍යස්ථානය මගින් පවත්වාගෙන යනු ලබන මාධ්‍ය කේන්ද්‍රයේ දොරට වැඩුමක් වන ලක්මව සති අග ජාතික පුවත්පත සමග පළකරන සුමේධ අධ්‍යාපන අතිරේකය,  විශේෂයෙන්ම 1 - 5 ශ්‍රේණිවල දරුවනගේ අධ්‍යාපන කටයුතු ඔප් නංවා ගැනීමට ඉමහත් රුකුලක් වී ඇත.
මෙම අධ්‍යාපන අතිරේකය විශේෂයෙන්ම සකසා ඇත්තේ, සුමේධ විදුහලේ අධ්‍යාපන ලබන දරුවන්ගේ පාසලේ කෙරෙන සියලූම අධ්‍යාපන කටයුතු තව දුරටත් සාර්ථක කර ගැනීමටය. විශේෂයෙන්ම දෙමව්පියන් සහ ගෙදර වැඩිහිටියන්ට පාසලේ කෙරෙන අධ්‍යාපන කටයුතු පිළිබද පුළුල් අවබෝධයක් ලබා දීම සහ දරුවාගේ අධ්‍යාපන කටයුතු ශක්තිමත් කිරීමට හැකි වන පරිදි මෙම අධ්‍යාපන අතිරේකය සකසා ඇති බව සතුටින් දන්වමු. 
මෙතෙක් පළවු සුමේධ අධ්‍යාපන අතිරේකයේ පැවැත්මෙන් ඔබ්බට ගොස් දෙසැම්බර් මස පුරාවටම නව ශ්‍රේණියට යන ඔබ දරුවාගේ, 2018 වසරේ අධ්‍යාපනයේ මුලික අඩිතාලම සකස් කර ගත යුතු ආකාරය පිළිබඳව ප‍්‍රවේශයක් ලබා දීම ලක්මව කර්තෘ මඬුල්ලේ පරමාර්ථයයි.
විද්වත් ගුරු මඬුල්ලක් විසින් සකසන සුමේධ අධ්‍යාපන අතිරේකයේ, 2018 වසරට ප‍්‍රවේශ පාඩම් මාලාව, දරුවාට මහගු පිටිවහලක් වනු ඇත.
නව පන්ති කාමරයට යන ඔබේ දරුවාගේ අධ්‍යාපනය සාර්ථක කර ගැනීම දෙමව්පියන් වශයෙන් ඔබගේ එකම අභිප‍්‍රාය වන බව අපි දනිමු. එබැවින්, ආදරණීය දෙමව්පියනි, ලක්මව දෙසැම්බර් කළාප ලබා ගනිමින් ඔබේ දරුවා හට එළඹෙන වසරේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට උපකාර වන්න.
සෑම සිකුරාදා දිනකම නිකුත්වන ලක්මව පුවත්පතට, වත්මන වන විට දෙමව්පියන් අතර විශාල ඉල්ලූමක් ඇති බැවින්, පසුතැවිලි නොවී ඔබගේ පිටපත ලබා ගැනීමට, කලින් පොත්හලට ඔබගේ නම ලබා දී වෙන්කරවා ගන්න.

සභාපති.
සුමේධ විදුහල, ගම්පහ.

සැ.යු. ලක්මව වසරක දායකත්වය රු.1560, මාස 6 ක රු.780 
ලක්මව පුවත්පත වසරකට පුවත්පත් 52ක් නිකුත් කරන අතර ඔබ දායකයෙක් නම්, පුවත්පතකට වැය වන්නේ රු.30 කි. (සාමාන්‍ය වෙළඳපොලේ ලක්මව මිල රු.40කි*  
තවද, ඔබ දිගුකල් දායකත්වය ලබාගතහොත් ඔබගේ පුවත්පත YDC පොත්හලේ ඔබගේ නමින් වෙන් කර තබනු ඇත. තැපැල් මගින් ලබා ගන්නවානම් තැපැල් ගාස්තු අය කරනු ලැබේ.
දායකත්ව කූපන YDC පොත්හලෙන් ලබා ගත හැක.



  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

තූර්‍යවාදක කණ්ඩායමේ නිළ ඇඳුම

2017.11.23
හිතවත් දෙමව්පියනි,

පලමුකොට ඔබගේ දරුවා දක්ෂතාවය හා හැකියාව මත පාසලේ තූර්‍යවාදක කණ්ඩායමට තෝරාගත් බව සතුටින් දන්වමු.
සුමේධ තූර්‍යවාදක කණ්ඩායම ඉතා උසස් මට්ටමකට ගැනීමේ අභිප‍්‍රායෙන් කළමණාකාරිත්වය පාසලට ලක්ෂ 10කට වැඩි උපකරණ ලබා දුනි. ඒවා ඉතා උසස් ගනයේ පවතින අතර ඔබ දරුවා හටද, මහත් ආශ්වාදයක් තූර්‍යවාදක කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස ලබා ගත හැක. වත්මන වන විට පාසලේ  කෙරෙන විශාල සංවර්ධන කටයුතු නිසා දරුවන්ගේ තූර්‍යවාදක  කණ්ඩායමේ නිල ඇදුම් වලට පාසලෙන් මුදල් ලබා ගැනීමට නොහැකිය.
මෙම කරණු පිළිබඳ ශිෂ්‍ය සුබ සාධක සංගමය සමඟ සාකච්ඡා කර කාරක සභාව මගින් නිල ඇදුම් වලට යන මුළු මුදලින් 50%ක් ලබා දීමට එකග වී ඇත. උසස් මට්ටමේ නිල ඇදුමකට යන මුළු මුදල රු.9000කි.එබැවින් අකමැත්තෙන් වුවද, ඉතිරි 50% මුදල  දෙමව්පියන්ගෙන් ලබා ගැනීමට සිදු වි ඇත. එබැවින් රු.4500ක මුදලක් ඔබගේ දරුවාගේ නිල ඇදුම වෙනුවෙන් ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

සභාපති.
සුමේධ විදුහල, ගම්පහ.



  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

Pupils Record Book

1 ශ්‍රේණිය දෙමාපියන් වෙත,

Pupils Record Book

YDC මුද්‍රණාලයේ දෝෂයක් නිසා, ඔබ දරුවා හට නිකුත් කළ ඍැජදරා ඊදදන එකෙහි වැරදි කිහිපයක් ඇත.  මෙම කරුණ සම්බන්ධව අප ඉතා කණගාටු වන අතර එයින් ඔබට වු අපහසුව ගැන සමාව භජනය කරමු. 2018 මුල් වාරයේදී මෙම වැරදි Pupils Record Book එක වෙනුවට නිවැරදි Pupils Record Book එකක් නැවත මුුද්‍රණය කොට ඔබ අතට පත් කිරීමට අප අනිවාර්යයෙන් පොරොන්දු වෙමු. 

ඔබ දරුවාගේ පාසලේ සෑම කටයුත්තකටම ඔබ සැමගෙන් ලැබෙන අති මහත් සහයෝගය ඉතා අගයමු.

මෙයට විශ්වාසි,


වෛද්‍ය විල්ප‍්‍රඞ් විජේසිංහ,
MBBS (Cey) , MRCP (UK) FCCP (Sri Lanka)
සභාපති, සුමේධ විදුහල, ගම්පහ.


  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

5 ශ්‍රේණිය දරුවනට ඇති අමතර පන්ති පිළිබඳ ලැබුනු නිර්ණාමික ලිපියට පිලිතුරු

5 ශ්‍රේණිය දරුවනට ඇති අමතර පන්ති පිළිබඳ ලැබුනු නිර්ණාමික ලිපියට පිලිතුරු

දින කිහිපයකට පෙර, දෙමාපියන් කිහිප දෙනෙක් පාසලේ සාමාන්‍ය ඉගෙනීම් කටයුතු වලට අමතරව 5 ශිෂ්‍යත්වයට ඉදිරිපත් වන දරුවනට, අමතර පන්ති පැවැත්වීම, විශේෂයෙන් දෙසැම්බර් නිවාඩු කාලයේ පන්ති පැවැත්වීම නිර්නාමික ලිපියකින් විවේචනය කර තිබු අතර, මෙවැනි අමතර පන්ති වලින් කෙරෙන අධික ඉගෙනීම් කටයුතුදරුවනට අනවශ්‍ය මානසික පීඩනයක් ගෙන එන බව සඳහන් කර තිබුණි.

වත්මන වන විට, විදුහල්පතිතුමිය සහ 5 ශ්‍රේණිය භාර නියෝජ්‍ය විදුහල්පතිතුමා ඇතුළු ගුරු මණ්ඩලය, 2018  5 ශිෂ්‍යත්වයට ඉදිරිපත් වන දරුවන්ගේ අධ්‍යාපන මට්ටම් හොදින් හදුනාගෙන ඇත.

ගුරු මණ්ඩලයේ නිගමනය අනුව සමස්ත දරු පිරිසකගෙන්, වැඩි දෙනෙකුට, අමතර පන්ති පවත්වා ඉගෙනීම් කටයුතු සීඝ‍්‍ර නොකලහොත්, ඔවුන් අප බලාපොරොත්තු වන අන්දමට 5 ශිෂ්‍යත්වය සමත් නොවනු ඇත.

එබැවින් කළමණාකාරිත්වය සහ විදුහල්පතිතුමිය, ගුරු මණ්ඩලයේ එකඟත්වය ඇතුව, හැකි පමණින් ,උපරිමව, මෙම දරුවනට පාසලෙන් පසු ,සති අන්තයේ ,නිවාඩු දිනවලදෙසැම්බර් සහ අපේ‍්‍රල් නිවාඩු වලද, හැකි පමණින් අධ්‍යාපනය ලබාදි උසස් මට්ටමකට ගැනීමට බලාපොරොත්තු වෙමු.

මෙලෙස අප දරුවනට  පුළුල්ව අධ්‍යාපනය ලබා දුන්නද, මානසික පීඩනයක් නොවන සේ ඉතා ලිහිල්ව, සතුටින් ඔවුනට වැඩ කිරීමට හැකි වාතාවරණයක් අමතර පන්ති වල සැකසීමට අපි බලාපොරොත්තු වෙමු.
යම් දෙමව්පියෙක් තම දරුවා හට, පාසල් වේලාවෙන් පසුව සහ නිවාඩු කාලවල, අමතර පන්ති පැවැත්වීම තුලින් අනවශ්‍ය මානසික පීඩනය ලැබෙනවා යන, මතයේ පිහිටා සිටිනවානම්, එවැනි දෙමාපියන් හට තම දරුවන් අමතර පන්ති වලට සහභාගි නොකිරීමේ නිදහස අනිවාර්යයෙන් තිබෙන බවද, එලෙස සහභාගී නොවන දරුවන් හට උපරිමව පාසල් කාලය තුල ඔවුනගේ දුර්වලකම් සාදා ගැනීමට විශේෂ වැඩ පිළිවෙලක් සැකසීමට, විදුහල්පතිතුමිය සහ ගුරුමණ්ඩලය නොපැකිළිව සැදී පැහැදී සිටින  බවද මතක් කර දෙමු.



  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

2017 ජිමිනාස්ට්ක් පරීක්ෂණය සහ සහතික ප‍්‍රදානය

2017 ජිමිනාස්ට්ක් පරීක්ෂණය සහ සහතික ප‍්‍රදානය

පළමුකොට විනිසුරුකරුවන්ට පැමිණීමට නොහැකි වීම නිසා, මෙම පරීක්ෂණ පවත්වන දින නොවැම්බර් 22,23,24 ලෙස වෙනස් කිරීමට සිදු වි ඇත. එලෙස වෙනස් කිරීම තුලින් ඔබ හට වු අපහසුව ගැන අප කණගාටු වෙමු.

සුමේධ විද්‍යාලයේ 1 වසර සහ 2 වසර දරු දැරියන් සඳහා අනෙකුත් විෂයන්ට සමගාමීව පවත්වනු ලබන ජිම්නාස්ට්ක් පරීක්ෂණය ක‍්‍රමවත්ව නිසි සැලසුමක් යටතේ පැවැත්විමට තීරණය කර ඇති අතර, වාර තුන අවසානයේ ජිම්නාස්ටික් ක‍්‍රීඩාව සඳහා විශේෂ සාමාර්ථ ලබා ගන්නා සිසු සිසුවියන් සඳහා (1 සහ 2 වසර) සහතික පත‍්‍රයක් හිමි වන අතර දරුවන්ගේ විශිෂ්ට කුසලතාවයන් ඇගයීමටද, මෙම පරීක්ෂණය උපයෝගි කර ගනු ලැබේ.

ජිම්නාස්ටික් විභාග ගාස්තු වශයෙන් එක් සිසුවෙකුගෙන්  රු.150 ක මුදලක් අය කරන අතර එම මුදල සහතික සහ ප‍්‍රශ්න පත‍්‍ර මුද්‍රණයට, විනිසුරුවරුන්ගේ ගෙවීම්, ගමන් වියදම් සහ සංග‍්‍රහ වලට වැය කරනු ලැබේ.

තරගාවලියට සහභාගී වන සියලූ දරුවනට සහභාගී වීමේ සහතිකයක්ද, ජයග‍්‍රහාකයන්ට විශිෂ්ඨ සහතික පත‍්‍රයක්ද පිරිනමනු ලැබේ.

නොවැම්බර් 21 වන දිනට පෙර, ඔබ දරුවාගේ පන්ති භාර ගුරුමහත්මිය මෙම ජිම්නාස්ටික් වාර පරීක්ෂණය සඳහා දරුවන් ලියාපදිංචි කරන අතර, දරුවෙකුගෙන් අය කරන රු.150ක මුදලද, එතුමියට භාර දෙන්න.

ස්තූතියි.


L. A. C. S. විජේතුංග,
විදුහල්පති,
සුමේධ විදුහල,
ගම්පහ.


  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

වාරික දෙමව්පිය, ගුරු, කළමණාකාරිත්ව හමුවීම්.

සියලූ සුමේධ දෙමාපියන් වෙත,

වාරික දෙමව්පිය, ගුරු, කළමණාකාරිත්ව හමුවීම්.

සම්ප‍්‍රදානුකූලව වාරයකට වරක් පැවැත්වු ඉහත සඳහන් රැස්වීම් පහත සඳහන් ලෙස කොටස් වශයෙන් පැවැත්වීමට අප අදහස් කරමු.

2017 දෙසැම්බර් 6
පෙ.ව 8.30
1 ශ්‍රේණිය සහ 2 ශ්‍රේණිය
2017 දෙසැම්බර් 6
පෙ.ව.10.30
3 ශ්‍රේණිය
2017 දෙසැම්බර් 7
පෙ.ව.8.30
4 ශ්‍රේණිය සහ 5 ශ්‍රේණිය
2017 දෙසැම්බර් 8
පෙ.ව.8.30
6 ශ්‍රේණිය සිට 13 ශ්‍රේණිය  දක්වා

මෙලෙස කොටස් වශයෙන් පැවැත්වීමට මුලික හේතුව නම් ඉහත සඳහන් ශ්‍රේණි කොටස් වල අවශ්‍යතාවයන්,ගැටලූ, ඉගැන්වීමේ ක‍්‍රම වේද වෙනස් වන බැවිනි.

මෙලෙස වෙන වෙනම කොටස් ගැනීම තුලින් එම ශ්‍රේණි කොටස් වලට අදාළ ගැටලූ පුළුල් ලෙස සාකච්ඡා කර හැකි අතර අධ්‍යාපන, බාහිර සහ ක‍්‍රීඩා කටයුතු  ගැටලූ වලට නිසි විසදුම් ලබා ගත හැකි බව අප විශ්වාස කරමු.

තවද, රැස්වීම් කෙටිකර එක් එක් මට්ටමේ දෙමව්පියන්ට අවශ්‍ය කරුණු පමණක් සාකච්ඡා කළ හැකිය.

මෙම ක‍්‍රමවේදයේ ඇති මුලික ප‍්‍රශ්නයක් ලෙස අප හට පෙනී යන්නේ දරුවන් කිහිප දෙනෙක් සිටින දෙමව්පියනට රැස්වීම් කිහිපයකට සහභාගි වීමට සිදුවීමය.

මෙම යෝජිත සංශෝධනය පිළිබඳව දෙමව්පියන්ගේ අදහස් දැන ගැනීමට අප කැමැත්තෙමු.



  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

ජිම්නාස්ටික් තුන්වන වාර යෝග්‍යතා පරික්ෂණය 2017

ජිම්නාස්ටික් තුන්වන වාර යෝග්‍යතා පරික්ෂණය 2017

දෙමාපියන් වෙත,

2017 නොවැම්බර් 20, 21, 22 යන දිනයන්හිදී පෙ.ව.11.00 සිට ප.ව.1.15 දක්වා ජිම්නාස්ටික් ශාරීරික යෝග්‍යතා පරික්ෂණය 1 සහ 2 ශ්‍රේණි සඳහා  පැවැත්වීමට  කටයුතු යොදා ඇති බැවින් ඔබගේ දරුවා ඒ සඳහා යොමු කරන මෙන් කාරුණිකව දන්වා සිටින අතර පරික්ෂණය පවත්වන දිනයන්හිදී ඒ සඳහා ක‍්‍රිඩා ඇඳුම අනිවාර්යය බවත්, එය රැගෙන නොයෙන සියලූ දෙනා සහභාගී කර නොගන්නා බවත් දැනුම්  දෙමි. මේ සඳහා බාහිර විනිසුරුවන් සහභාගී වන බැවින් ඉහත දින 3න් පසුව නැවත පරික්ෂණ කටයුතු නොපවත්වන බවද දැනුම් දෙමි.

20 දින
1 ශ්‍රේණිය
A, B, C, D, E
F, G, H, I, J
21 දින
1 ශ්‍රේණිය
K, L, M, N
2 ශ්‍රේණිය
A, B, C, D,E
22 දින
2 ශ්‍රේණිය
F, G, H, I, J
K, L, M, N

ස්තූතියි.
විදුහල්පති.

සුමේධ විද්‍යාලය, ගම්පහ.

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS